වර්ෂ 2018 ක්වූ  මැයි 17 වැනිදා බ්‍රහස්පතින්දා




මතක සින්දු පොත අදත්  කඩවුණු පොරොන්දුව සින්දු

මතක සින්දු පොත අදත්  කඩවුණු පොරොන්දුව සින්දු

සිංහල සිනමාවේ එදා මෙදා බිහි වූ ජනප්‍රිය චිත්‍රපට ගී 'යටගිය දවස' ඔස්සේ ඔබටත් රස විඳිය හැකිය. අද එය ආරම්භ කරනුයේ මුල්ම සිංහල කථානාද චිත්‍රපටය වූ කඩවුණු පොරොන්දුව චිත්‍රපටයෙනි. මෙහි සියලු ගී රචනා කරන ලද්දේ කේ. හියුගෝ ප්‍රනාන්දුය. නැතහොත් හියුගෝ මාස්ටර්ය. ඒ අනුව හියුගෝ ලංකවේ මුල්ම චිත්‍රපට ගීත රචකයාය. එමෙන්ම මුල්ම පසුබිම් ගායකයා වනුයේද හියුගෝ මාස්ටර්ය. එම ගී තැටියට නංවන ලද්දේ ස්ටැන්ලි මල්ලවාරච්චිගේ හඬින්වීම විශේෂත්වයකි. සංගීතය නාරායන අයියර්ගෙනි.

පාපේ ශාපේ දෝ

සැම්සන්: පාපේ ශාපේ දෝ මේ මගේ
ප්‍රේමිය, නුඹගේ සුන්දර ඡායාව දකින විට ජීවිතේ නමැති කුරුසියේ බර, මට ඉතා සැහැල්ලුය.

ලෝකයේ මගේ ආනන්ද රූපා
මා හද දිනු යස ප්‍රේමී
කෝමල රූ ශ්‍රී දේ සුරංගී
සුගුණ ලලන මා සහද පිනවනා
ආදර ප්‍රේමිය රූපාංගී
ප්‍රීතිය මා ප්‍රීතිය රංජනී
සෝක නොවෙන් මා ප්‍රේම සමින්දා
ප්‍රීති උදා වේ ශෝක මැකී
අප ප්‍රේමය මතු දේ ශාන්තී
දෙදෙනා: සඳ ලප සේ මා දිනේ අප ප්‍රේමා
සුරනා රැක දේවා ශාන්තී


සුන්දරී රූපා රංජනී

සුන්දරී රූපා රංජනී - ප්‍රේමේ ජයා හිමි වුණා
මගේ ප්‍රමාණේ මේ නිසා තේරේ
ඉතා අගෙයි මා මිත්‍රයා
හේම/වික්ටර්: සන්තොෂා සේ මේ සිදු උනා
ප්‍රේමයේ ජයා හිමි උනා
වාසනාව මේ නුඹේ - මා හිනා සැදීයේ
සුතූති ඒ ගැනා
අති අගනා
පෙම් සිරි පානා හදේ
ඒ වැඩී වේ මතු තිරයේ සන්තොෂා සේ
මේ සිදු උනා ප්‍රේමයේ ජය හිමි උනා


මගේ සක බඹරේ

මනප්පු: මගේ සක බඹරේ දැන් කැරකේ
මාව සිසාරා
කුසුම මමයි ඔබ මා වට
කැරකෙන බඹරා ඔබයි කැරකෙන බඹරා
කුසුම නොරිද්දා බඹරා රොන් උරයි අනේ
ජොසී: නිතර බඹර රොන් ඉරුවොත් පරවෙලා වැටේ
කුසුමා පර වෙලා වැටේ
ප්‍රේමය ඇති බඹර මලට නෑ රිද්දන්නේ
අනේ නෑ රිද්දන්නේ
ප්‍රේමයෙන් වෙළී සිටියොත්
දෝස නෑ අනේ
ප්‍රේම අපේ දිවි ඇති තෙක්
නෑ මැකී යන්නේ


ජීවිතයේ සාමේ

ජීවිතයේ සාමේ - දේ මේ ගීතේ රම්‍යා ගීතේ සාරා
ජීිවිතයේ සාමේ

දනා ප්‍රිය වෙනා ගීතේනා
සෑමා දනා ප්‍රිය වෙනා ගීතේනා
සෑමා දුක සින්දා ජීවිතයේ සාමේ
ගීතෙනා සංගීතෙනා පිනවනා නාදේ - නදන
ගීතෙනා පිනවන නාදේ
දෙව් ලොව ශ්‍රී සුර සැමා - ප්‍රීති - සංගීතෙනා
පිනවනා නාදේ
පිනන සැම ලෝ දනා රන්ජනා
සතරු ඒ මිතුරු වේ සැමා
මධුර වේ අමා ලෝකේ
ප්‍රේමයෙ ආහාරේ - වේ මේ ගීතේ රම්‍යා
ගීතේ සාරා - ප්‍රේමයෙ ආහාරේ


තක්කිට තරිකිට

තක්කිට තරිකිට උඩ පැන නටන්ඩ හිතුණා
නුඹව කරේ තියන් ලෝකේ වටේ දුවන්ට හිතුණා
කතාව නම් දෝලාවෙන්
යන්ඩ වෙන්නෙ කකුල් දෙකෙන්
ගෑනුන් රවටන්ඩ පිරිමි ඇයිද නොදන්නේ
මී මැස්සා
රොන් හොයනවා
ජොසී ළඟට හෙමින් හෙමින්
මනප්පුවත් කිට්ටු වෙනව
නොනගේ ආලේ ගේ මැද සාලේ
අපි දෙන්නගෙ ආලේ මෙන්න කුස්සිය මුල්ලේ
වැස්සට පින්නට තෙමි තෙමි
රෑ දාවල් නින්ද නැතුව
කෙළ හළ හළ බැඳපු - ආලෙ රත්තරන් වගේ
නෝනගෙ ආලේ . . .


යාමි ඉන්දියා දෙසටා

යාමි ඉන්දියා දෙසටා
ආනන්ද වේ දෙසටා යාමි ඉන්දියා - ආනන්ද වේ
සිත මා ප්‍රේමාවන් දිනේ
යමුනා ගංතෙරා බැසා - ප්‍රේමා පානා ලෙසිනා
සිත මා ලල ලල් ලල ලල් ලල ලල්ලා හා හ හා

ප්‍රේමයෙ ලකුණකි ටාජ්මහල් ලෝකේ
ප්‍රේමා සැම දා අප පෙම් දාමා
සෝබා කාන්ති දේවා දේවා
දෙසටා - යාමි ඉන්දියා - ආනන්ද වේ