|
|
සිනමාවට එක්වන සුරූපී නිළිය මිස් ජෙනිස්සුසිරන් ද සිල්වා සිනමාවට එක් වෙයිඇය දැක පුරුදුයිද?
තමන්ගේ වේශයෙන් පෙනී සිටියොත් අනාතයක් නැති නිසා ඔහු කරන්නේ වෙස් මාරු කරගන්න එක. ලියෝන්ගේ හොඳම මිතුරාගේ බිරිය තමයි ඔහුගේ වෙස් ගැන්වීම සිදු කරන්නේ. ඇය විසින් ලියොන්ව කාන්තාවක සේ වෙස් පෙරළනවා. දැන් ඉතින් කාටවත් ඔහුව හඳුනා ගන්න බැහැ. ඒත් සමඟම වෙනත් කෙනෙකු මාර්ගයෙන් ලියෝන්ට බංගලාවක රැකියාවක් ලැබෙනවා. මිස් ජෙනිස් ලෙස පෙනී සිටිමින් ඔහු එම නිවසට යනවා. ලියෝන් හෙවත් මිස් ජෙනිස්ට තරු විසි වෙන්නේ එතනදි. ඔහුට සිදුවන්නේ බංගලාවේ තරුණ දියණියව බලා ගන්න. ඇගේ නම හිමායා. තමන්ගේ මව හා සමාන වයසක ඇති කාන්තාවක සේ සිතා ඇය ලියෝන් හෙවත් මිස් ජෙනිස්ට බොහෝ සෙයින් සමීප වෙනවා. වෙස් මාරුව නිසා අපහසුතාවයට පත් වෙමින් මිස් ජෙනිස්ට එතැන් පටන් සිදු වන්නේ අපූරු සිදුවීම් පෙළක්. මිස් ජෙනිස් ලෙසට නම තැබූ එය සුසිරන් ද සිල්වා අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයක්. මෙහි මිස් ජෙනිස් ලෙස වෙස් මාරු කර ගන්නේ ජයලත් මනෝරත්න. මනෝකාය, එකට ගැටුම, ඉසුරු යෝගය, නිර්සත්වයෝ ආදී ජනපි‍්‍රය නාට්‍ය අධ්‍යක්ෂණය කළේ සුසිරන් විසිනි.
මිස් ජෙනිස් සිනමාපටයේ සෙසු නළු නිළියන්:
නිෂ්පාදනය - වෝල්ටර් අබේසුන්දර කැමරා අධ්‍යක්ෂණය - අයෙෂ්මන්ත හෙට්ටිආරච්චි සහාය අධ්‍යක්ෂණය - ඩොනල්ඩ් ජයන්ත කලා අධ්‍යක්ෂණය - ලකී විජේවර්ධන තිර රචනය - සුසිරන් ද සිල්වා අංග රචනය - නලීන් ප්‍රේමතිලක කොණ්ඩා සැකසුම - හරූන් ෂයිඩීන් ඇඳුම් නිර්මාණය - චාමි පෙරේරා නිෂ්පාදන කළමනාකරු - අශෝක ආරියරත්න සංගීත අධ්‍යක්ෂණය - ලක්ෂ්මන් විජේසේකර නැටුම් අධ්‍යක්ෂණය - ශාන් පෙරේරා ගායනය - උරේෂා රවිහාරි, අමිල පෙරේරා, සංඛ දිනෙත් නිශ්චල ඡායාරූප - තිළිණ බෙන් ගීත රචනය - බණ්ඩාර ඇහැලියගොඩ, නන්දන වික්‍රමගේ දෙවන සහාය අධ්‍යක්ෂණය - චමින්ද හේවාවසම් කලා අධ්‍යක්ෂණ සහාය - දිමුතු ප්‍රියජනක අංග රචනා සහාය - චානක විජය
|



ලියෝන් කියන්නේ පෞද්ගලික ආයතනයක සේවය කරන මැදිවිය ඉක්ම වූ තැනැත්තෙක්. ඔහු තම
රාජකාරිය බොහොම හොඳින් ඉටු කරනවා. ඔය අතරේ තමයි ලියෝන්ව නොකළ වරදකට හසු වී ආයතනයෙන්
දොට්ට දමන්නේ. ඒ විතරක් නම් මදැයි, ඔහුට ආයෙත් කිසිම ආයතනයකට වැඩ කරන්න යන්නට බැරි
වෙනවා. ඒ පෙර ආයතනයෙන් ලියොන්ව බ්ලැක්ලිස්ට් කර ඇති නිසා. අන්ත අසරණතාවයට පත්වන ඔහු
කිසිත් කරකියාගත නොහැකි තත්ත්වයට පත් වෙනවා.








ගිරිරාජ් කෞශල්‍ය, රොෂාන් රණවන, දුලීකා මාරපන, ජයලාල් රෝහණ, උදාරි පෙරේරා, ගයත්‍රි
ඩයස්, කුමාර තිරිමාදුර, මාධනි මල්වත්ත, ඕෂධි හිමාෂා, ඇන්ජලෝ බාන්ස්, කුමාර
වඳුරැස්ස, නිලන්ති ගුණසිංහ, වසන්ත කුමාරසිර, කපිල සමරකෝන්