වර්ෂ 2018 ක්වූ  මැයි 17 වැනිදා බ්‍රහස්පතින්දා




කුංග්ෆූ නම් සේනක සේනක නම් කුංග්ෆූ

කුංග්ෆූ නම් සේනක සේනක නම් කුංග්ෆූ

සේනක විජේසිංහ කියන චරිතය ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. නළුවෙක්, අධ්‍යක්ෂවරයකු වගේම ඔහු සටන් උපදේශකවරයකු වශයෙන් කටයුතු කරනවා. කලක් සේනක සටන් පාඨමාලාවක් එහෙම කළා. වර්තමානය වන විට ඔහුගෙන් බොහෝ දෙනෙකු විමසන කාරණයක් තමයි ආයෙත් එවන් වූ වැඩමුළුවක් කරන්නේ නැද්ද යන කාරණය. සටන් කලාවට ඇති ළැදිකම නිසාත් එවන් වූ ඉල්ලීම් නිසාත් සේනකගේ මූලිකත්වයෙන් සටන් වැඩමුළුවක් පැවැත්වීමට ඔහු සුදානම් කරලා. මෙම මස 30 සහ 31 යන දිනයන්හි සුදර්ශී ආයතනයේ තමයි මේ වැඩමුළු පැවැත් වෙන්නේ. මේ සඳහා සුප්‍රසිද්ධ සටන් ආචාර්යවරයකු වන ඩු එක්සියැන්ග්පින්ග් මාස්ටර් සහභාගිවීමට නියමිතයි. ෂැඔලින් කුන්ග්ෆු වැඩ මුළුවක් වන මේ සඳහා ඕනෑම අයකුට සහභාගී වන්නට පුළුවන්. ඒ වෙනුවෙන් සේනක විවෘත ආරාධනාවක් ද කරනවා.