වර්ෂ 2018 ක්වූ  මැයි 17 වැනිදා බ්‍රහස්පතින්දා




තවමත් බිනරි කළුවරට බයද?

තවමත් බිනරි කළුවරට බයද?

මෙතෙක් සිදු වූයේ මෙහෙමයි

නිළියක් වීමේ අභිලාෂය ඇතිව රඟපෑමට වරම් සොයන බිනරි ගේ හිතවතා වූයේ විනෝද්ය.ඉහළ බලාපොරොත්තු ඇතිව නාට්‍යයක් නිර්මාණය කරන්නට යන විනෝද් ගේ සිහින බොඳ වනුයේ නොකළ වරදකට පොලිස් අත් අඩංගුවට පත්වීම සමගය.එයින් පසු ඔහු කොළඹ අතහැර යයි.බිනරි මනෝජ් නම් තරුණයකු හා විවාහ ව ඉතාලියට යයි.පස් වසරකට පසු ඇය ආපසු එන්නේ කටුක විවාහ දිවියක අත්දැකීම් එක්කය.ඒ වන විට කොළඹ පිටකොටුවේ සුළු ව්‍යාපාරිකයකුව සිටි පියා එය අතහැර අනුරාධපුරයට ගොස් සිටින්නේ නව ව්‍යාපාරයක් අරඹමිනි.බිනරි අම්මා සමග අනුරාධපුරයට යන්නේ තාත්තා සොයා ගෙනය. ඒ වන විට පියා වෙනත් ගැහැනියක හා ජීවත් වන බව ඔවුන් සොයාගනියි. බිනරි තනිවම ජීවිතයට මුහුණ දෙන්නට සිතාගෙන කොළඹ එන්නේය. පිටකොටුවේ සාප්පුව තම අතට ගන්නට සිතන බිනරි නිවස අලුත්වැඩියාවට ඩික්සන් නම් තරුණයකුට පවරයි. අනතුරුව ඩික්සන් එම නිවසේම පදිංචි වෙයි. බිනරිගේ පැරැණි මිතුරෙකු වූ දර්ශන චිත්‍රපටයක් නිපදවීම ඩික්සන් පොලොඹවා ගැනීමට උත්සහා කරයි. එහි දුෂ්ටයා වනුයේ ඩික්සන්ය. නිෂ්පාදිකාව බිනරි. චිත්‍රපටය නිපදවා මුදල් හිඟවන බිනරිට උපකාර කරන්නේ විනෝද්ය.

අද එතැන් සිට...

එකෙනෙහිම විදුලියක් කෙටුවේය.හැන්දෑ අහස කළු කරමින් සිටි වග බිනරිට මතක් වුනේ එවිටය.ඇය කුඩා අවදියේ සිට අඳුරට බියය.ඇය තිගැස්සුණාය.අකුණු වලට කොහෙමටත් බයය.අකුණත් සමග විදුලිය ද සිඳී ගියේය.ඇයට කෑගැසිණ.තත්පරයක් වත් ගතවූයේ නැත.කුස්සියේ ගෑස් ලිපේ එළිය පමණක් විහිදුණ තැනට ආලෝක දෙකක් එකවර වැදිණ.කවුදෝ ගෙට දුවගෙන එන අයුරුත් ඇයට ඇසිණ.ඇය බිය ගත් වතින් යුතුව හැරී බැලුවාය.විනෝද් සිය ජංගම දුරකතනයේ විදුලි පහන දල්වා ගෙන ඇය අසලට පැමිණියාය.ඇය අනිත් විදුලි පහන දෙස බැලුවාය.ඒ මොහොතේ ඩික්සන් ද එතැන සිටිතැයි ඇය විශ්වාස කළේ නැත.එයට මොහොතකට පෙර නිවසට ගොඩ වැදුණු ඩික්සන් අනපේක්ෂිතව විනෝද් ව හමුවූ වග බිනරි නොදත්තාය.විදුලිය කොටා ඒ සැණින් නිවස අදුරුවූයේ ඒ මොහොතේය.

‘ඩික්සන් ඔයා කොයි වෙලාවේද ආවේ’

බිනරි ඇසුවාය.

‘මම ගෙට ගොඩ වුණා විතරයි‘

ඔහු විනෝද් දෙස බැලුවේය.

‘මේ විනෝද්’

ඇය සිය කුස්සියට කඩා වැදුණු ආගන්තුකයා ඩික්සන්ට හදුන්වා දෙන්නට සැරසිණ.

‘මම සුදු නෝනා ට කලින් විනෝද් ව දන්නවා.’

ඩික්සන් පැවසුවේ උස් හඩින් නොවේ.නිවස අඳුරේ ගිලීයාමත් සමග එහි කඩාවැදුණේ ලාල්ය.විනෝද් ලාල් අස්වසා ආපසු යැව්වේය.වැහි බිංදු අහසින් පතිත වන්නට පටන් ගෙන ඇත.

‘උඹල සාලයට වෙලා ඉඳපං.

විනෝද් සගයාට පැවසුවේය.

‘නෑ අපි කාර් එකේම ඉන්නම්’

ලාල් නිවසින් එළියට බැස්සේය.

ඩික්සන් බිත්තියේ වූ මේන් ස්විච්ය අතපත ගෑවේ අකුණු සැර නිසා එය විසංධි වී සිටි වග දැනුණ හෙයින්ය.විනෝද් උදව්වට මෙන් දුරකතනයේ විදුලි පහන දල්වා සිටියේය.

‘තවමත් බිනරි කළුවරට බයද’

විනොද් ඇසුවේ නිවසම ආලෝකමත් වූ පසුවය.

‘ඔයා කොහොමද ඩික්සන්ව දන්නේ’

බිනරි ඇසුවේ පිරිමින් දෙදෙනා මැදට වෙමිනි.ඔවුහු බිනරි විසින් පිළියෙළ කරනු ලබන ආහාර දෙස වුවමනාවෙන් බලා සිටියහ.

‘මම ඉඳල හිටල මොනවා හරි හදනවා.එතකොට කවුරු හරි මෙහාට එනවා.මම අද කට්ලට් ටිකක් හදන්න ලෑස්ති වුණා විතරයි.විනෝද් ආවානේ.’

ඇය පැවසුවේ කට්ලට් උණු උණුවේ බේසමට දමමිනි.විනෝද් එයින් එකක් උණු උණුවේම ගිල දැම්මේය.

සැරයි.උණුයි‘

ඔහු තොල කට පිඹිම්න් පැවසුවේය.

‘ඇත්තටම ඩික්සන් කොහොමද විනෝද් ව දන්නේ’

බිනරි නැවතත් ඇසුවාය.ඒ ඇයගේ මුල් ප්‍රශ්නයට පිළිතුරක් නැති නිසාය.

‘මම විනොද් මහත්තයාගේ ගෙයක වැඩ කළා’

විනෝද් ඔව් කියන්නට මෙන් හිස වැනුවේය.

‘කොහෙද ඇඹිලිපිටියේ?’

‘ඇයි මේ ඩික්සන් ගේ ගම් පළාත නේ’

විනෝද් පැවසුවේය.

‘මම තවම ගිහින් නෑනේ’

බිනරි පැවසුවේ ආඩපාළියට මෙනි.

‘කතරගම යන ගමන් ගියෑකි’

විනෝද් ගාණක් නැතිව පැවසුවේය.

‘ඉතින් ඩික්සන් දැන් කොළඹ ඇවිත් නළුවෙකුත් උණා එහෙනම්.මට බැරිවුණානේ අයිසේ ඔය ටික කර ගන්ඩ’

ඩික්සන් බැගෑපත් ලෙස සිනාසෙනු බිනරි දුටුවාය.

‘අපේ දර්ශනව හොයා ගෙන ආවේත් ඩික්සන් තමා

‘මිනිහාත් එල්ලෙන්ඩ වැල් හොයා හොයා ඉන්නේ.දැන් මොකද ෆිල්ම් එකේ තත්වේ’

විනෝද් මුල් කාරණය පැවසුවේ අවවාදයක් මෙනි.ඔහු ප්‍රශ්නය ඇසුවේ ඩික්සන් ගෙනි.

‘පොඩ්ඩක් මග නතර වුණා හිතුවාට වඩා සල්ලි ගියානේ.

‘ඒ ගොල්ලන් පටන් ගන්නේ කොහොම හරි කරනවා කියලා.අනේ මන්දා’

බිනරි කතාබහට එක්වූවාය.

‘එහෙම තමයි.පටන් ගත්තා නම් ඉවර කරන්ඩත් ඕනෑ.කොච්චර සල්ලි යයිද’

‘හරියට ගාණක් මිම්මක් නෑ’

ඩික්සන් කිසිත් නොකියා බලා සිටියේය.පත්තරයේ දමා තිබූ තම රූපය රටේ බොහෝ දෙනා දකිනන්ට ඇත.

‘ගාණක් මිමිම්ක් නැතිව වැඩ කරනවද? ගඟේ මූදේ දැම්මත් ගාණක් මිම්මක් ඇතිවනේ වැඩ කරන්ඩ ඕනෑ’

විනෝද් පැවසුවේය.ඩික්සන් හා බිනරි කතා නැතිව බලා සිටියහ.

‘මම සල්ලි ටිකක් දෙන්නම්.හැබැයි අද හෙට නෙවේ.වැඩ ඉවර කරලා ගණන් බේරුව නම් ඉවරයි’

විනෝද් කෙළින්ම බිනරි දෙස බලා පැවසුවේය.බිනරිට ඔහුගේ බැල්ම ඉවසිය නොහැක.ඇය වහා බිම බලා ගත්තාය.විනෝද් ගේ කතාබහ සමග ඩික්සන් නිහඩව අසා සිටියේය.

‘ඉස්සර විනෝද් නිතරම මෙහෙ එනවා.පුදුම දැනුමක් තිබුණේ.අපි හිතුවේ හොඳ නාට්‍යකරන හොඳ චිත්‍රපට කරන කෙනෙක් වෙයි කියලා’

බිනරි ඩික්සන් ට පැවසුවාය.විනෝද් නිවසින් ගිය පසු මොකක්දෝ කියා ගත නොහැකි තනිකමක් ඇයට දැනිණ.ඩික්සන ගේ උණුසුම ඇයට දැනිණ.ඇය ඔහු පැත්තට හැරුණේය.ඩික්සන් කිසිත් පැවසුවේ නැත.ඩික්සන්ට නින්ද ගිහිල්ලා යැයි සිතූ බිනරි ඇඳේ අනිත් පැත්තට හැරුණාය.

‘සුදු නෝනා විනෝද් එක්ක යාළු වෙලා හිටියද?’

එකවරම ඩික්සන් ඇසුවේ නිහැඬයාව බිදිමිනි.

ඩික්සන් එකවරම ඇසුවේය.