වර්ෂ 2018 ක්වූ  මැයි 17 වැනිදා බ්‍රහස්පතින්දා




ගීතයක් ගිය දුර

ගීතයක් ගිය දුර

සුනිල් ධර්මසිරි කියන චරිතය වැඩි පුරම සිටින්නේ තිරයේ පිටුපස. සුනිල් ටී. ගේ චිත්‍රපටවල වැඩිපුරම බර කරටගෙන කටයුතු කරන්නේ ඔහු. මේ දෙන්නම සුනිල්ලා නිසා සුනිල් ධර්මසිරිට අපි කියන්නේ පොඩි සුනිල් කියලා. මෙයා ගීත රචකයකු ද වෙනවා. දරුවනේ,දෝණි ආදී චිත්‍රපට රැසකටම ඔහු ගීත ලිව්වා. ඉකුත් දිනයකදී මේ පොඩි සුනිල් අන්තර් ජාලය සැරිසරද්දී හුරුපුරුදු ගීතයක් තියෙනවා වීඩියෝවකුත් එක්ක. ලන්ඩනයේ කිංස්බරි පන්සලේ පැවැත්වුණ අලුත් අවුරුදු ප්‍රසංගයකදී ළමෝ පිරිසක් නර්තන අංගයක් ඉදිරිපත් කොට තිබෙනවා එම ගීයට. බැලින්නම් ඒක සුනිල් සිංහයා චිත්‍රපටයට ලියූ ඇලේ දොලේ වන වදුලේ ගීය. ඒක දැකලා සුනිල්ට හරිම සතුටුයි.

මොකද දුර රටක තමන් ලියූ ගීතයක් නර්තන අංගයකට යොදා ගැනීම කොතරම් වටිනවද. අනික ළමයින් වෙනුවෙන් රචිත ගීත බොහොමයක් තිබුණත් මෙම ගීයම ඊට යොදා ගැනීම ගැන බෙහෙවින් ඔවුනට කෘතඥ වන බව සුනිල් අපිත් එක්ක කිව්වා. ඒ වගේම මේ අවස්ථාව ඔහුට තවත් ළමා ගීත ලියන්නට රුකුලක්ලු.