වර්ෂ 2016 ක්වූ  නොවැම්බර් 16 වැනිදා බ්‍රහස්පතින්දා




ජැක්සන් ඇන්තනි කේරළ සිනමාවට රූ ගැන්වීම් දෙසැම්බරයේ ලක්නව් නුවරදී

ජැක්සන් ඇන්තනි කේරළ සිනමාවට රූ ගැන්වීම් දෙසැම්බරයේ ලක්නව් නුවරදී

දෙමළ සහ මලයාලම් භාෂා ද්විත්වයෙන්

අපට සිටින අතිදක්ෂ රංගධරයකු එළඹෙන දෙසැම්බර් මස දී කේරළයේ මලයාලම් භාෂා සිනමාවට පාතැබීමට සූදානම්වන පුවත සරසවියට මුල්වරට වාර්තාකරයි. ඒ පසුගිය සරසවිය සම්මාන උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානය දිනාගත් ජැක්සන් ඇන්තනිය. සුප්‍රකට මලයාලම් සිනමා අධ්‍යක්ෂ අනිල් කුමාර්ගේ සිනමා කෘතියකින් ජැක්සන්ගේ කේරළ සිනමා සම්ප්‍රාප්තිය සිදුවනු ඇත. මෙරටදී දහසයවතාවක් හොඳම නළුවා ලෙස සිනමාවේ අභිසෙස් ලැබූ ජැක්සන් භාවාත්මකව චරිත රංගනයේ යෙදෙන විශිෂ්ටයකු බවට වාදයක් නැත.

ධර්මයුද්ධය සිනමා පටය ඇසුරුකොටගත් දෘෂ්‍යම්, පාපනාසම් ආදී සිනමාපටයන්හි රඟපෑ මොහාන් ලාල්, කමල් හසන් අබිබවා යන චරිත නිරූපණ බව එහි ඉන්දියානු නිෂ්පාදකවරුන්ගේ මතය වී ඇත. ධර්මයුද්ධය මුල් කෘතියවූ දෘෂ්‍යම් හි නිෂ්පාදක ජැක්සන් ඇන්තනි ගැන ඉතාම පැහැදුණ වග නිලනොලත් ආරංචි මාර්ගවලින් සරසවියට දැනගන්නට ලැබිණ. ගුරුගෙදර සිනමාපටය තුළින් සිනමා රංගනයට පිවිසුණ ජැක්සන් සිනමාව තුළ ගෙවාදැමූ වසර විසිපහක තුළදීම රංගනයෙන් දායකවූ චිත්‍රපට ගණන 25 කි.

ඔහුගේ එම තෝරාබේරා කරන රංගනය පිළිබඳවද කේරළ සිනමාවේ අනිල් කුමාර්ගේ අවධානයට පාත්‍ර වී තිබේ. ජැක්සන් රංගනයෙන් දායකවන කේරළ සිනමාපටයට තවමත් නමක් තබා නොමැත. ජැක්සන් එහි රංගනයේ යෙදෙනුයේ තරුණ බිරියක් සරණපාවා ගත් ඇයට වඩා වැඩිමහල් කඩවසම් සැමියකුගේ චරිතයකි. අවසානයේදී ඔවුන් දෙදෙනාගේ කතාව නිමවන්නේ ඛේදවාචකයකිනි.

මෙම සිනමාපටය දෙමළ සහ මලයාලම් භාෂා ද්විත්වයෙන් රූපගත කිරීමද විශේෂත්වයකි. සාම්ප්‍රදායික කේරළ සිනමාපටයන්ගෙන් බැහැරව ලක්නව් නුවර ඉතාමත් සුන්දර ප්‍රදේශයන් කිහිපයක සිනමාපටය රූපගත කිරීමට නියමිතය. බීනා උන්නක්‍රිෂ්ණන් එහි නිෂ්පාදනය කරනු ලබයි. ජැක්සන් රඟන මෙම කේරළ සිනමාපටය අධ්‍යක්ෂණය කරන අනිල් සිනමා ක්ෂේත්‍රයට සපැමිණෙන්නේ 1989 වසරේ අනාත වෘත්තාන්තම් සිනමාපටය අධ්‍යක්ෂණය කරමිනි.

ක්ලයිමෙක්ස් නමැති මෑතකාලීනව ඔහු අධ්‍යක්ෂණය කළ සිනමාපටය වඩාත් කතාබහට ලක්විය. එම සිනමා කෘති යුවළ සමඟ පොස්ට් බොක්ස් නො. 27, කලබ්ම්, මන්ත්‍රීකම් ඇතුළු චිත්‍රපට තිහකට අධික ප්‍රචාරණයක් අනිල් විසින් අධ්‍යක්ෂණය කොට තිබේ. මොහාන්ලාල් වැනි ඉහළ පෙළේ නළුවන් සමඟ පෑහෙන්නට අපරට නියෝජනය කරමින් හෙට දිනයේ කේරළ සිනමාවට පයතබන ජැක්සන් අප පුංචි රටේ නාමය ජාත්‍යන්තරයට ගෙනයාමට සූදානම්වීම පිළිබඳව සරසවිය හෘදයාංගමව සුබ පැතුම් එක්කරයි.

දැවෙන විහඟුන් ඉන්දුනීසියාවට පියඹයි

දැවෙන විහඟුන් චිත්‍රපටය (ඕභපදඪදඨ ඕඪපඤඵ)ජොග්ජා-නෙට්පැක් අන්තර්ජාතික සිනමා උළෙලේ (බ්ධඨණච ව්ඡ්ඊර්‍ථඒඛ් ඒඵඪචද ජ්ඪතථ ජ්ඥඵබඪමචත)තරඟකාරි අංශයට ආරාධනා ලබයි ජාත්‍යන්තර සම්මාන ගණනාවකින් පිදුම් ලද සංජීව පුෂ්පකුමාර අධ්‍යක්ෂණය කළ දැවෙන විහඟුන් (ඕභපදඪදඨ ඕඪපඤඵ) වෘත්තාන්ත චිත්‍රපටය12වන ජොග්ජා-නෙට්පැක් අන්තර්ජාතික සිනමා උළෙලේ තරඟකාරි අංශයට ආරාධනා ලබා තිබේ. ආසියානු කලාපයේ ප්‍රධානතම සිනමා උළෙලක්වන ජොග්ජා සිනමා උළෙල ලබනදෙසැම්බර්01දින සිට08 වන දක්වාඉන්දුනීසියාවේදී පැවැත්වේ.

‘පහ සමත්’ ප්‍රතිඵල පළමුවැනිදා

ජය ප්‍රකාශ් සිවගුරුනාදන් අධ්‍යක්ෂණය කළ පහ සමත් සිනමා පටය එළඹෙන දෙසැම්බර් මස පළමුවැනිදා සිට සී. ඊ. එල්. මණ්ඩලයේ සිනමාශාලාවන්හි තිරගතවී ආරම්භවේ. නිව් ඉම්පීරියල් නිෂ්පාදනයක් වන පහ සමත් රසික සුරවීර ආරච්චිගේ තිරරචනයකි. මෙහි අයිරාංගනී සේරසිංහ, උද්දික ප්‍රේමරත්න, දිල්හානි අශෝකමාලා, ප්‍රියන්ත සෙනෙවිරත්න, ශ්‍යාම් ප්‍රනාන්දු, සේමිනි ඉද්දමල්ගෙඩ, ගිරිරාජ් කෞශල්‍ය, උදාරි වර්ණකුලසූරිය, සද්ධාමංගල සූරියබණ්ඩාර, දයාදේව එදිරිසිංහ, මැල්කම් මාචාඩෝ, දයානන්ද හේවගේ, උපතිස්ස බාලසූරිය, සරත් චන්ද්‍රසිරි, මල්කාන්ති ජයසිංහ ඇතුළු නළු නිළියන් රැසක් රංගනයේ යෙදෙයි.

අයිවෝ ඩෙනිස් රෝහලේ

ප්‍රවීණ ගායක අයිවෝ ඩෙනිස් රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවග සරසවියට වාර්තාවිය. ශරීරයේ සමතුලිතතාවය බිඳියාම හේතුවෙන් ඇදවැටී අයිවෝ මෙලෙස රෝහල් ගතකොට තිබේ. අසූපස් හැවිරිදි අපට සිටින ජ්‍යෙෂ්ඨතම ගායක ශිල්පියකුවන අයිවෝ වඩාත් ප්‍රකට සුනිල් ශාන්තයන්ගේ ගීත ඒ අන්දමින්ම ගැයීම හේතුවෙනි. රේඛාව සිනමා පටය සමඟින් ගායනයට දායකවෙමින් සිනමාවට පිවිසි අයිවෝ ඒ අතර කේමදාසයන් සංගීතවත් කළ චිත්‍රපට ගීත රැසකටම සිය හඬ දායකත්වය ලබාදුන්නේය. අයිවෝ ගැයූ කුරුලු පරාදීසයේ, බෙත්ලෙහෙම්, අද රෑ උපන්නා වැනි ගීත කාගෙත් සිත් පැහැරගන්නට සමත් විය. ඔහු ගේ මෙම රෝගී තත්ත්වය දුරුවී ඉක්මනින් සුවය ලැබේවා යැයි සරසවිය ප්‍රාර්ථනා කරයි.

හිම තාරකා ඉතාලියේ

රොඩ්නි විදානපතිරණ අධ්‍යක්ෂණය කරනලද දෙවැනි සිනමා පටයවන හිමතාරකා හි විශේෂ දර්ශනයක් පසුගියදා ඉතාලියේ ෆ්ලොරන්ස් නගරයේ ජයා බොන්සිනෙල්ලි ශාලාවේදී ප්‍රදර්ශනය විය. ඡායාරූපවලින් දැක්වෙනුයේ ෆ්ලොරන්ස් සමාධි විහාරයට විහාරාධිපති දොඩන්දෙණියේ නන්දසිරි හිමි, ප්‍රේමා පනාගොඩ, මාලි ගොඩිගමුව, තිස්ස ගොඩිගමුව, රොඩ්නි සහ හිමතාරකා ෆ්ලොරන්සු නගරයෙ සංවිධානය කළ ලලිත් හෙට්ටිආරච්චි ආදි පිරිස දර්ශනය ඇරැඹීමට ප්‍රථම චාරිත්‍රානුකුලව පහන දැල්වූ ආකාරයයි. මෙම දර්ශනය සඳහා ෆ්ලොරන්ස් නගරයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන් රැසක් සහභාගිවිය. අමරසිරි කලංසූරිය, ජගත් චමිල, නදී චන්ද්‍රසේකර, විමල් අලහකෝන්, වසන්ති ගුණරත්න, මියුරි සමරසිංහ, මානෙල් වානගුරු, ස්ටැන්ලි ක්‍රිෂ්ණරත්න ආදී නළු නිළියන් රැසක් රගපෑ හිමතාරකා මේ වනවිට ඇහැලියගොඩ ගාමිණී සිනමාහලේ තිරගත වෙයි.

පශ්චාත් යුද සිනමා කතිකාව 29 දා

පශ්චාත් යුද සිනමාව තේමාව කොටගනිමින් ජාතික චිත්‍රපට සංස්ථාව මඟින් සංවිධානය කරන සිනමා කතිකාව මෙම මස 29 වැනිදා සවස 2.30 ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී ශාලාවේදී පැවැත්වේ.

මෙදින දේශකවරුන් ලෙස සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂ ධර්මසිරි බණ්ඩාරනායක, සිනමා විචාරක චින්තන ධර්මදාස කටයුතු කරයි. සිනමාව කෙරහි උන්නදුවන පිරිසහට මෙයට සහභාගිවන්නයැයි සංවිධායක කමිටුව විවාත ආරාධනාවක් කරයි.