වර්ෂ 2016 ක්වූ  නොවැම්බර් 16 වැනිදා බ්‍රහස්පතින්දා




මහ දවල් දෙවරක් වලේ

මහ දවල් දෙවරක් වලේ

එකම ඇඳුමෙන් දෙවතාවක් වතුරට වැටුණ කෙනෙක් ගැන අහලා තියෙනවද, එහෙම කෙනෙක් ඉන්නවා. නම තිසුරි යුවනිකා. ඇය තමයි මේ වගේ අකරතැබ්බයකට මුහුණ දුන්නේ. ඉකුත් දිනයකදී ඇය රංගනයෙන් දායක වූ මියුසික් වීඩියෝවක් රූගත කළා. ඒකෙ ලොකේෂන් තිබුණෙ ගල්කිස්ස මුහුදු තීරයේ. තිසුරිට රඟපාන්න තිබුණේ පරාජිත පෙම්වතියගේ චරිතයක්. එතැන තිබුණු ගල් තලාවකට අඩිය තියපු තිසුරි ලිස්සගෙනම මුහුදට වැටුණා. අපරාදෙ කියන්න බැහැ, ලොකු රැල්ලකුත් ආවා. තිසුරි දැන් තෙමිච්ච අවිච්චියෙක් වගේ. ටික වේලාවකින් ඇඳුම් වේලගෙන ආයෙත් එම දර්ශනයට පෙනී සිටියා. ඒ පාරත් මුල් සන්තෑසියම. ආයෙත් ඉතින් ඇඳුම් වේලෙනකම් ඉන්න වුණා. ඔන්න ඔහාමයි තිසුරි එකම තැන දෙවතාවක් ස්නානය කළේ.