වර්ෂ 2016 ක්වූ  නොවැම්බර් 16 වැනිදා බ්‍රහස්පතින්දා




සරසවිය: දස්සා ගැන ඇසුණු කතාවක්: Sarasaviya e edition - Lake House - Sri Lanka

දස්සා ගැන ඇසුණු කතාවක්

ජීවත්ව සිටි දසුන් නිශාන්ට වැඩියෙන් මියගිය දසුන් නිශාන් ජනප්‍රියයි. ඔහු අප අතරින් සමුගෙන දෙමාසයකට ආසන්න වුණත් ඔහුගේ මතකයන් තවමත් කලා ලොව තුළ සැරිසරනවා. දසුන්ව අපට යළි මතක් වුුණේ මේ දිනවල තිරගත වන දේදුනු ආකාසේ සිනමාපටය නිසා. දසුන් එහි ප්‍රබල චරිතයක් මවනවා. ඒ වගේම ළඟදීම තිරගතවීමට නියමිත රොහාන් පෙරේරාගේ ඒලෙවල් සිනමාපටයේ ද දසුන් රංගනයෙන් දායක වුණා. දස්සා ගැන අධ්‍යක්ෂවරු කිහිප දෙනෙක් ඉකුත් දිනයකදී කතා වුණා. දසුන් වෘත්තීය නළුවෙක්. ඒ හින්දා ඔහු එහි ගරුත්වය ආරක්ෂා කරගෙන ලැබුණු නිර්මාණයට උපරිම සාධාරණය ඉටු කළා. ඒ වගේම වෙලාව කිව්වොත් වෙලාව. වාතවෙවී නිර්මාණවලට දායක වුණේ නැහැ.

දස්සා ගැන ඇහුණේ ඒ වගේ කතාවක්.