වර්ෂ 2016 ක්වූ  නොවැම්බර් 16 වැනිදා බ්‍රහස්පතින්දා




පෘතුගීසි සෙන්පති මුස්ලිම් වෙලා

පෘතුගීසි සෙන්පති මුස්ලිම් වෙලා

සඳුන් විජේසිරිව දවසක් මුණ ගැහුණා.

අඩ්ඩඩ්ඩා දැකපු කල් අයියා.

සඳුන්ගේ මුවින් ගිලිහෙන වදන් අහලා අපට පුදුමයි. මොකද ඒ වගේ වචන සඳුන් අයියා ගාව නැහැ.

මොකද සඳුන් අයියේ වුණේ. ඔයා හරියට කතා කරන්නේ මුස්ලිම් කෙනෙක් වගෙයිනෙ.

ඔව් අප්පා, මං දැන් මුස්ලිම් මුදලාලි කෙනෙක්නෙ. ඔය වගේ තමා කතා කරන්නේ.

මුස්ලිම් මුදලාලි කෙනෙක්?

ක්‍රිෂ්ටි ෂෙල්ටන්ගේ පාද යාත්‍රා චිත්‍රපටයේ මං රඟපාන්නේ මුස්ලිම් මුදලාලි කෙනෙක් විදිහට. ඒක නිසා ඒ චරිතයෙන් මිදිලා හැබෑ ජීවිතයට ආවම ටිකක් අර වගේ වචන කියවෙනවා ඉබේටම.

එහෙනම් අස්සලාම් අලික්කුම්.

සඳුන් අයියා හිනාවෙලා එහෙම කියලා පිටත් වුණා.

අපට මතක් වුණේ සඳුන් සමුද්‍ර දේවි නාට්‍යයේ පෘතුගීසි සොල්දාදුවෙකු හැටියට ගෝවේ ගෑනු පරාදයි ගයපු හැටි.