වර්ෂ 2016 ක්වූ  නොවැම්බර් 16 වැනිදා බ්‍රහස්පතින්දා




සීල් නැති ජේ. පී.

සීල් නැති ජේ. පී.

උපාලි බණ්ඩාර වීරසේකර කියන නාමය පුවත්පත් ලෝකයට නම් ආගන්තුක නැහැ. වසර තිහකට අධික කාලයක් මාධ්‍යවේදියකු ලෙස තම ශ්‍රමය කැප කළ උපාලි මාධ්‍ය ලෝකයේ ජ්‍යෙෂ්ඨයකු ලෙසට හඳුන්වා දෙන්න පුළුවන්. මේ කාලය අතරතුරදී මාධ්‍යවේදියකු, ගීත රචකයකු මෙන්ම ගත් කතුවරයකු ලෙසට ද කළ සේවය අගයමින් උපාලි මුළු දිවයිනටම බල පැවැත්වෙන පරිදි සාම විනිසුරු ධූරයෙන් පිදුම් ලැබුවා. අධිකරණ අමාත්‍යවරයා විසිනුයි උපාලිට මෙම පත්වීම ලබා දෙනු ලැබුවේ. ඔහු වර්තමානයේදී අප සහෝදර පුවත්පත් ආයතනයක කලා පිටුව සංස්කරණය කරනවා. උපාලි විසින් රචිත ආදරණීය අමන්දා නවකතාව ඇසුරෙන් මේ දිනවලදී තැනෙන එනමින් ඇති සිනමාපටය අධ්‍යක්ෂණය කරන්නේ සේනක විජේසිංහ. උපාලිගේ පන්හිඳෙන් ලියවෙච්ච ජනප්‍රිය ගීත ද බොහොමයි. චන්දන - සුභානි ගයන මේ කඳුළු තොටුපළයි, ආත්මාගේ රණබිම, කිංස්ලි ගයන දෙහි මලක්, නෙත් විලේ, නාමල්ගේ සංසාර මාවතේ, චාමර වීරසිංහ ගයන ඔය සුසුම් පවන්, අම්මලාගේ හිත හදන්න උපාලි ලියූ එවන් වූ ගීත කිහිපයක්.

උපාලිට ලැබුණු සාම විනිසුරු පදවියත් එක්ක යාළු මිත්‍රයො බොහොමයක් කතා කරනවලු දිවුරුම් පෙත්සම් එහෙම ගන්න.

තාම සීල් එකවත් කැපුවෙ නෑ බං කියලලු උපාලි ඊට පිළිතුරු දෙන්නෙ.