වර්ෂ 2016 ක්වූ  නොවැම්බර් 16 වැනිදා බ්‍රහස්පතින්දා




කලාවැවේ රූගත කළ ගීතය නෑනන්ඩියගේ වෙනස්වීම ගැන කියන ශෝක ගීතයක්

කලාවැවේ රූගත කළ ගීතය නෑනන්ඩියගේ වෙනස්වීම ගැන කියන ශෝක ගීතයක්

සිහියට එනවිට ගීතයේ පද මාලාව

සිහියට එන හැමවිට

නෑනන්ඩියෙ නුඹ මට

රිදුම් දේවි හදවත මා

අප දෙදෙනා දෙතැනක

පුංචි දවස්වල සිට

බැඳි ආලස අතහැර

මා හැරදා ගියදා නුඹ

විරසක නෑ මගෙ සිත

සරසවියට වරම් ලබන

දුර රටකට ගියා

සතුටුවුණා හදවතින්ම

ඔබ මගේය කියා.

සිදාදියයෙන් කුමාරයෙක්

එක්ක ඇවිත් ඔයා

කෙලෙසද මා වාවන්නේ

ඉවසුම් නෑ කියා.

ඉපනැල්ලේ කළ සෙල්ලම්

කා සමඟින් කරම්දෝ

පෝයදාට වැව් බැම්මේ

කා සමඟින් සිටිමිදෝ

පැතු පැතුම් පොදි බැඳගෙන

නුඹ එනකම් රත්තරං

බලා හිඳිමි සසරපුරා

අහිතක් නෑ සිත්කොනින්

කොළඹ අවට රූපගත කළ මියුසික් වීඩියෝ අතර කලා වැව ඉස්මත්තේ රූගැන් වූ මියුසික් වීඩියෝවක් දක්නට ලැබුණා. එම ගීතය කම් කරලා තියෙන්නෙ සිහියට එන හැමවිට යනුවෙන්. නිශාන්ත ගමගේ නමැති නවපරපුරේ ගායකයකු විසින් එම ගීතය ගයලා තියෙනවා. ඉතින් අප එකි තතුවිත්ති දැනගැනිමේ අරමුණින් ඔහුට ඇමතුවා.

මගේ ගම කැකිරාව, මේ වන විට යුද හමුදා වාදක මණ්ඩලයේ ගායකයකු වශයෙන් මා සේවය කරනවා. ඒ අතරේ රශ්මි යනුවෙන් මගෙම සංගීත කණ්ඩායමක් පවත්වාගෙන යනවා. සිහියට එන හැමවිට කියලා කියන්නෙ මගෙ පළමු ගීතය.

මට ලොකු ආසාවක් තිබුණා මගෙ පළමු ගීතය කලාවැව ආශි‍්‍රතව රූගත කරන්න. එම බලාපොරොත්තුව ම’ විසින් මුදුන්පත් කරගත්තා. මෙම ගීතයේ පද මාලාව මගේ. පුංචි කාලෙ සිට සමීපව ජීවත් වූ නෑනන්ඩියගේ වෙන්වීම දරාගත නොහැකි තරුණයකුගේ ශෝකාලාපයක් ලෙස මෙය හඳුන්වා දෙන්න පුළුවන්.

ගීතයේ සංගීතය ලසන්ත රත්නායකගෙන්.මියුසික් වීඩියෝව අධ්‍යක්ෂණය කළේ සුපුන් සෙනවිරත්න සමඟ අසේල චතුරංග. ගීතය රූගත කරද්දී අපුරු වැඩක් වුණා. අපට ළමයකු අවශ්‍ය වුණා. රූගත කිරීමට. අපි ඉතින් සියල්ල ලැහැස්තිකොට දර්ශන තලයට ගියා.

එතැනට ගියාම ඔක්කොම ඉන්නවා. ළමයා නැහැ. බැලින්නම් අපි ළමයව ගෙදර තියලා ඇවිත් තියෙන්නෙ. ආයෙත් ගිහින් ළමයව රැගෙන ආවා. මේ මේ දේවල් මැද කලා වැව ආශි‍්‍රතව දවසක් ඇතුළත රූපගත කිරීම නිමකරන්නට අපට හැකියාව ලැබුණා.