|
අතරමං වූ ළමුන් පිරිසක් වටා ගෙතුණු එක රෑනේ කුරුල්ලෝ
බෙනඩික්ට් මන්ත්‍රීගේ ගේ අධ්යක්ෂණයක්නළු නිළියන්: ළමා චරිත: කැමරා සහය: සංගීත අධ්‍යක්ෂණය: ගීත රචනය: ගීත ගායනය: ශබ්ද පටිගත කිරීම: සංස්කරණය: එදින එම පාසලේ අධ්‍යාපන චාරිකාව තිබෙන දිනය විය. පන්ති කිහිපයක ළමෝ මේ දිනය පැමිණෙන තෙක් සිටියේ ඇඟිලි ගනිමින්ය. බසය අනුරාධපුර දක්වා යාමට තිබිණි. පාසලේ ළමෝ මිටින් හල කුරුල්ලන් මෙන් පැමිණ බස් රථයට ගොඩ වූහ. ඒ අතර තරුණ ගුරුවරුන් යුවළක් ද විය. ළමුන් විමෝදයෙන් අධ්‍යාපන චාරිකාවේ යෙදිණ. බසය තුළ එකම විනෝද සාගරයක් විය. කෙමෙන් උදෑසන ගෙවී විනෝද මද්දහන එළඹිණ. කොයි කාටත් බඩගින්න දැනෙන්නට පටන් ගත්තේය. ඒත් සමඟම සියල්ලන්ගේ නෙත ගැටුණේ මනස්කාන්ත වැවකි. බසය එතැන නැවැත්වීය. වැව් ඉස්මත්තේ තැන තැන වාඩි වී ළමෝ ආහාර අනුභවයට සැරසිණ. තරුණ ගුරුවරුන් දෙදෙනා සෙමින් සෙමින් වැව් බැම්ම දිගේ කෙළවරට ආපසු ගියහ. ආහාර ගනිමින් සිටියදී එක්තරා ළමුන් කණ්ඩායක් වට පිට බැලුවේ තම ආරක්ෂාවට සිටි ගුරුවරුන් කොහෙද යනුවෙනි. ඔවුන් පේන තෙක් මානයක නොමැති බව දැනගත් මේ ළමෝ අවට ඇති වනයට වැදුණේ සෙල්ලක්කාරකමටය. ඔවුන් වනාන්තරය ඇතුළටම ගියෝය. මේ අයට තරු පෙනුණේ අවට සිසාරා ඇසෙන සතුන්ගේ හඬ ඇසීමෙනි. වහා කලබල වී යළිත් වැව අසලට එන්නට උත්සාහ කළත් ඔවුන්ට එසේ කිරීමට නොහැකි වෙයි. අවසනදී ළමෝ කැලේ වල්මත් වුණෝය. විනෝද චාරිකාවට පැමිණි ළමුන්ගෙන් කිහිප දෙනෙක් තැතිගත් බව දැනගත් ගුරුවරුන්ට දෙලෝ සිහිවිණ. හාත්පස පීරමින් ඔවුන්ව සෙවූව ද හාංකවිසියක්වත් තොරතුරු ගුරුවරුන්ට ලැබෙන්නේ නැත. මෙයින් තැතිගත් ගුරුවරු නීතියේ පිහිට පැතුව ද චෝදනාව එල්ල වන්නේ ඔවුනටය. අතරමං වූ ළමෝගේ මාපියන් ගුරුවරු සමඟ දැඩි ඝට්ටනයක නියැළිණ. මේ අතර කැලයේ සිටින ළමුන් නොසිතූ විරූ කරදර රැසකට මුහුණ දෙන්නේය. ඔවුන් වල් අලි රංචුවකට මැදි වී කබලෙන් ලිපට වැටුණු තත්ත්වයකට පත් වන්නේය. කෙසේ හෝ ඉන් ගැලවුණ ද පිඹුරකුගේ ද ප්‍රහාරයකට ඔවුන් ලක් වන්නේය. ඌගෙන් බේරීමට වාසනාව ලද ළමෝ අවසනදී කැලයේ සිටින ජාවාරම්කරුවන් කිහිප දෙනෙකුට හසු වන්නේය. ඔවුන් ළමයින්ව සිරකොට අලුත් සැලසුමකට මුල පුරන්නේය. මේ සිදුවීම් මැද එක රෑනේ කුරුල්ලෝ සිනමාපටයේ කතාව ගලා යයි. අවසනදී ප්‍රේක්ෂකයා බලාපොරොත්තු වූ පරිදි සුඛාන්තයක් සිදුවනු ඇත. එක රෑනේ කුරුල්ලෝ බෙනඩික් මන්ත්‍රීගේ ගේ අධ්‍යක්ෂණයකි. කැමරා අධ්‍යක්ෂණය සහ තිර රචනය ද ඔහුගේය. උදයංග බණ්ඩාර චිත්‍රපටය නිෂ්පාදනය කොට තිබේ.
|