වර්ෂ 2016 ක්වූ  නොවැම්බර් 16 වැනිදා බ්‍රහස්පතින්දා




සුද්දන්ගේ රට ඇල්ලූ කල්ලෝ

සුද්දන්ගේ රට ඇල්ලූ කල්ලෝ

හොලිවුඩය ජයගත් කළු ජාතික තරු

පසුගිය වසරේ ඔස්කාර් සම්මාන උලෙළේදී හොඳම සහය නිළිය වුණේ කළු ජාතික නිළියක වන වියෝලා ඩේවිස්. ඇය මේ වන විට ඔස්කාර් සම්මානයට අමතරව ඇමී සම්මානයක් සහ ටෝනි සම්මාන ද්විත්වයක් ලබා ගන්නට ද සමත් වී තිබීම නිසා ඔටුනු ත්‍රිත්වයක් ලද ප්‍රථම කළු ජාතික නිළිය ලෙසින් ද අභිසෙස් ලැබුවා. සුප්‍රකට ඇමරිකන් අයිඩ්ල් ගායන තරගයෙන් හොලිවුඩයට පා තබන්න වරම් ලබා ගත් ජෙනිෆර් හඩ්සන් ද රංගනයේ සේම ගායන ක්ෂේත්‍ර යේද ඉහළටම පැමිණෙන්න සමත් වී තිබෙනවා.

මාර්ටින් ලූතර් කිං හට එදා සම්පූර්ණ ජයක් ලබන්නට නොහැකි වුවද අමෙරිකා එක්සත් ජනපදයේ 44 වැනි ජනපතිධූරයට පළමු කළු ජාතික අමෙරිකානුවා ලෙසින් බැරක් ඔබාමා පත් වෙමින් එම සිහිනය සැබෑ කළේය. මේ වන විට අමෙරිකාවේ විවිධ ක්ෂේත්‍රයන්හි ඉහළතම ස්ථාන වෙත පැමිණීමට කළු ජාතිකයන්ට හැකි වී ඇත. ඒ සමඟින් අපි අද කතාබහ කරන්නේ මේ අයුරින් හොලිවුඩය ජය ගත් කළු ජාතික නළු නිළියන් පිළිබඳවයි.

1940 පමණ කාලය අමරිකාවේ කළු - සුදු වර්ණ භේදවාදය අතිශය ප්‍රබල සටනක්ව පැවති සමයක් විය. කළු ජාතිකයන් සුදු මිනිසුන්ගේ අතවැසියන් ලෙස අතිශය දුක්බර ජීවිත ගෙවූ අතර සමේ කළු පැහැය නිසාම ඔවුන් සුදු ජාතිකයන්ගේ විවිධාකාර තාඩන පීඩන වලට යටත් විය. මාටින් ලූතර් කිං විසින් 1960 දශකය පමණ වන විට අමෙරිකානු සිවිල් අයිතිවාසිකම් සටනේ නියමුවකු ලෙසින් මෙම වර්ණ භේදවාදයට විරුද්ධව සටනක් දියත් කළේය.

මාර්ටින් ලූතර් කිං හට එදා සම්පූර්ණ ජයක් ලබන්නට නොහැකි වුවද අමෙරිකා එක්සත් ජනපදයේ 44 වැනි ජනපතිධූරයට පළමු කළු ජාතික අමෙරිකානුවා ලෙසින් බැරක් ඔබාමා පත් වෙමින් එම සිහිනය සැබෑ කළේය. මේ වන විට අමෙරිකාවේ විවිධ ක්ෂේත්‍රයන්හි ඉහළතම ස්ථාන වෙත පැමිණීමට කළු ජාතිකයන්ට හැකි වී ඇත. ඒ සමඟින් අපි අද කතාබහ කරන්නේ මේ අයුරින් හොලිවුඩය ජය ගත් කළු ජාතික නළු නිළියන් පිළිබඳවයි.

ඔස්කාර් සම්මාන ලාභි මොර්ගන් ෆ්‍රීමාන් මේ පිළිබඳ කතා බහේදී මුලින්ම සිහිපත් වන රංගන ශිල්පියෙක්. ලොව ඉහළම ආදායම් ලද නළුවන් අතරේ සිව් වැනි ස්ථානය පවා හිමි වූ ෆ්‍රීමන් ඉහළ ජනප්‍රියත්වයත් ලබා ගත්තේ, 1989 වසරේ  Driving Miss Daisy චිත්‍රපටයෙන්. ඉහළම ආදායම් වාර්තා ලද චිත්‍රපට රැසකට සිය රංගන ලබා දුන් ඔහු සම්මාන රැසකට හිමිකම් කියන නළුවෙකි.

මෙරිකානු නළුවෙක් සේම අධ්‍යක්ෂවරයෙක් නිෂ්පාදකවරයෙක් ලෙසත් කටයුතු කරන ඩෙන්සෙල් වොෂිංටන් ද ඔස්කාර්, ගෝල්ඩන් ග්ලෝබ් සහ ටෝනි සම්මානලාභි නළුවෙකි. ඔහුගේ පළමු සිනමා අධ්‍යක්ෂණය වූයේ Antwone Fisher චිත්‍රපටය යි. සැමුවෙල් එල් ජැක්සන් ද ඉතාම ධෛර්යයෙන් ඉවසීමෙන් හොලිවුඩය ජයගත් නළුවකු බව අපි මීට පෙර ලිපියකදී හඳුන්වා දුන්නා. සිය ජීවිතයේ හතළිහ දශකයේදී සිනමාව ජයගත් ඔහු අද වන විට හොලිවුඩ් චිත්‍රපට රැසකට දායක වීමට වරම් ලද නළුවෙක්.

80 දශකයේ සිට සිය සිනමා ගමන ආරම්භ කළ ෆොරෙස්ට් වයිටෙකර් ද මේ දක්වා හොලිවුඩයේ අමතක නොවන චරිත ඉදිරිපත් කළ කළු අමෙරිකානු ජාතික නළුවෙක් ලෙස විශේෂ වේ. Lee Daniels' The Butler, The Last King of Scotland වැනි චිත්‍රපට ඔහුගේ රංගනයන් විශේෂ වූ චිත්‍රපට කිහිපයකි. The Matrix, Man of Steel, Boyz in the Hood වැනි චිත්‍රපට ඇතුළුව හොලිවුඩ් සිනමා නිර්මාණ රැසකට සිය රංගන දායකත්වය ලබාදුන් ලෝරන්ස් ෆිෂ්බර්න්ද මෙහිදි අමතක නොකළ යුතුය.

මෙම ලැයිසිතුවේ මීළඟට සිටින්නේ, සිඩ්නි පොයිටියර්. හොඳම නළුවා ලෙසින් ඔස්කාර් සම්මානයක් දිනූ පළමු කළු අමෙරිකානු ජාතික නළුවා වන්නේ ද ඔහුයි. චිත්‍රපට අධ්‍යක්ෂවරයකු සේම ලේඛකයකු ලෙසින්ද කටයුතු කළ අතර A Piece of the Action, Uptown Saturday Night, Let's Do It Again ඔහු විසින් අධ්‍යක්ෂණය කළ චිත්‍රපට කිහිපයකි. ජේම්ස් අර්ල් ජෝන්ස් වසර 60 වැඩි කාලයක් පුරා අමෙරිකානු සිනමා ඉතිහාසයේ වඩාත් කැපී පෙනෙන හා දක්ෂතම නළුවකු ලෙසින් හැඳීන්විය.

විල් ස්මිත් මෑත කාලීනව හොලිවුඩයේ ඉහළම ජනප්‍රියත්වයක් දිනා ගෙන සිටින කළු අමෙරිකානු ජාතික නළුවෙකි. ඔහු සිනමාවේ මෙන්ම සංගීත ක්ෂේත්‍රයේද කැපී පෙනෙන චරිතයක් වී අවසන්ය. එසේම ඩැනී ග්ලෝවර්, ඉඩ්‍රිස් ඇල්බා, ජෙමී ෆොක්ස්, එඩී මර්ෆි, කියුබා ගුඩ්වින් ඇතුළු තවත් කළු ජාතික අමෙරිකානුවන් රැසක් මේ වන විට හොලිවුඩය දිනා ගන්නට සමත් වී සිටිති. Moonlight  චිත්‍රපටය සමඟින් මේ වසරේ ඔස්කාර් සම්මාන උලෙළේදී ද කළු ජාතිකයන් පිළිබඳ වැඩි කතා බහක් විය.

නළුවන් සේම හොලිවුඩය දිනූ නිළියන් ද රැසක් වේ. පළමු වරට ඔස්කාර් සම්මානයකට හිමිකම් කී කළු ජාතික නිළිය වන්නේ හැටී මැක්ඩැනියෙල්. ඇය 1939 වසරේදී පැවති 12 වැනි ඔස්කාර් සම්මාන උලෙළේදී හොඳම සහය නිළියට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවාය. මේ දිනවල හොලිවුඩයේ ඉහළ ජනප්‍රියත්වයක් දිනා සිටින නිළියන් අතරේ සිටින හැලී බෙරී ද මෙහිදී සුවිශේෂි වන්නේ හොඳම නිළියට හිමි ඔස්කාර් සම්මානය පළමුවරට දිනාගත් කළු අමෙරිකානු ජාතික නිළිය ලෙසින්. බොලිවුඩයේ ප්‍රවීණතම නිළියක වන වූෆි ගෝල්ඩ්බර්ග් ගේ හාස්‍යමය රැඟුම් ද ප්‍රේක්ෂකයන්ට අමතක නොවන රැඟුම් වේ.

පසුගිය වසරේ ඔස්කාර් සම්මාන උලෙළේදී හොඳම සහය නිළිය වුණේ කළු ජාතික නිළියක වන වියෝලා ඩේවිස්. ඇය මේ වන විට ඔස්කාර් සම්මානයට අමතරව ඇමී සම්මානයක් සහ ටෝනි සම්මාන ද්විත්වයක් ලබා ගන්නට ද සමත් වී තිබීම නිසා ඔටුනු ත්‍රිත්වයක් ලද ප්‍රථම කළු ජාතික නිළිය ලෙසින් ද අභිසෙස් ලැබුවා. සුප්‍රකට ඇමරිකන් අයිඩ්ල් ගායන තරගයෙන් හොලිවුඩයට පා තබන්න වරම් ලබා ගත් ජෙනිෆර් හඩ්සන් ද රංගනයේ සේම ගායන ක්ෂේත්‍ර යේද ඉහළටම පැමිණෙන්න සමත් වී තිබෙනවා.

එසේම රූපවාහිනි වැඩසටහන් ඉදිරිපත් කරන්නියක්, නිළියක්, සමාජ ක්‍රියාකාරිණියක්, නිෂ්පාදිකාවක් ලෙසින් ඉහළ ජනප්‍රියත්වයක ලද ඔප්රා වින්ෆ්‍රේ ද මෙහිදී අමතක කළ නොහැකියි. මේ වන විට ඇය ඩොලර් බිලියන ගණනක ආදායමක් වාර්තා කරන කළු අමෙරිකානු ජාතික කාන්තාවක් බවට පත් වී අවසානයි. 1980 - 1990 දශකවල පොප් ගායන ලොව ඉහළ ජනප්‍රියත්වයක් හිමි කර ගන්නට ජැනට් ජැක්සන් ද සමත් වූයේ සියලු බාධක බිඳ දැමූ කළු ජාතික කාන්තාවක ලෙසිනි. කෙරී වොෂින්ටන්, නියා ලොන්ග්, රූබි ඩී, රෙජිනා හෝල්, තරාජි පී. හෙන්සන් ද මේ කුලකයේ විශේෂ වේ.