|
මුල්ම මනමේ බලන්න ආවේ 26 දෙනයිශ්යාමන් ජයසිංහ
මනමේ මුල්ම පොතේ ගුරු දිගු කලකට පසු
“මම සරච්චන්ද්‍රයන්ගේ “මනමේ” නාටකයට අමතරව ප්‍රේමතෝ ජායතී සෝකෝ, නාට්‍යයේ දර්ශන වාර 45 ක පමණ “සූත්‍රධාරි” චරිතය කළා. එතුමන්ගේ “කදා වලලු” නාට්‍යයටත් සම්බන්ධ වුණා. මට මතකයි ඒ කාලේ වැදි දෙටු ගේ චරිතය රඟපෑවේ ලයනල් ප්‍රනාන්දුයි. හේමමාලි සිරි ගුණසිංහ සමඟ විවාහ වෙලා ගියාට පස්සේ දිගටම රඟපෑවේ ට්‍රිලීෂියා. මම ලංකාවෙන් ගියාට පස්සෙත් වරින් වර ආපුවම රඟපාලා තියෙනවා.
සකල බ්‍රහ්ම සුරනර
දශක ගණනාවක අතීත මතකයන් අතරට ඔහු මාව රැගෙන යනවා. ලේසි පහසු මතකයක් නොවේ. මේ කාලෙ වෙනකොට මම ඉපදෙන්නට හිතලවත් නැතුව ඇති. එහෙමත් නැත්නම් වෙනත් ආත්මෙක ජීවත් වෙනවා වෙන්නත් පුළුවනි. ඒ කෝක වුණත් ඔහුගේ සුගායනීය හඬට මම මන්මත් වෙනවා. මීට දශකයකට පමණ ඉහතදී මේ ගායනය මනමේ නාටකය නරඹද්දී මා අසා තිබුණත් මනමේ නාට්‍යයේ ආරම්භක පූරකගේ හඬින් ඔහු පියවි ලෙස දකිමින් මේ ගායනය මා අසන්නේ පළමු වතාවටය. ඔහු ශ්‍යාමන් ජයසිංහය. විදේශයක ජීවත්වන ඔහු පසුගිය දිනක ලංකාවට පැමිණියා. මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ මනමේ ආරම්භය පිළිබඳ අතීත කථනයන් රැසක් පිළිබඳ අපි සොඳුරු කතාබහකට එක් වුණා. “මම ඒ කාලේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයට එක් වුණු නවක ශිෂ්‍යයෙක්. දවසක් යුනිවර්සිටි එකේ දැන්වීම් පුවරුවෙ දැන්වීමක් දාලා තිබුණා. මහාචාර්ය සරත්චන්ද්‍ර නාටකයක් කරන ඔඩිෂන් එකට කැමති අය එන්න කියලා. ඉතින් මමත් මගේ යාළුවෙක් එක්ක මේ ඔඩිෂන් එකට ඉදිරිපත් වුණා. එතකොට 1956 මම පළමු වසර ශිෂ්‍යයෙක්. ඒ කාලේ මගේ මතකයේ හැටියට උප කුලපතිවරයා වුණේ සර් නිකලස් ආටිගල. සෑහෙන පිරිසක් එදා එතැන්ට ඇවිල්ලා හිටියා. අපිට කිව්වේ රංගනයක් කරන්න කියලා නෙවෙයි. ගීතයක් ගායනා කරන්න කියලයි. ඒකට හේතුව ශෛලිගත ක්‍රමයට නිර්මාණය වෙන මේ නාට්‍ය.... ගායන හැකියාව අනිවාර්යයි. අනිත් පැත්තෙන් රංගනය පුහුණු කළ හැකියි. ගායන හැකියාවක් නොමැතිව ගායනය පුහුණු කළ නොහැකියි. එදා එතැන්ට ආපු අය අතර ලයනල් ප්‍රනාන්දු, නන්දා අබේවික්‍රම, පැස්ටා පීරිස්, ඉන්ද්‍රානි පීරිස්, එච්.ඒ.සෙනෙවිරත්න, ට්‍රිලීෂියා අබේකෝන්, හේමමාලි ගුණසේකර වැනි අය සිටියා.” ශ්‍යාමන් ගේ මතකයට අනුව එදා මේ කවුරුත් තමන් සම්බන්ධ වීමට යන නාට්‍යය මේ තරමට ජනපි‍්‍රය වී රටේ සුවිශේෂී නාට්‍යයක් බවට පත් වේ යැයි විශ්වාසක් තිබුණේ නෑ. සරත්චන්ද්‍රයන් ගේ තේරීම්වලට අනුව ට්‍රිලීෂියා අබේකෝන් සහ හේමමාලි ගුණසේකර යන දෙදෙනා මාරුවෙන් මාරුවට මනමේ කුමරිය ලෙසට රංගනයට එක් වුණා. සියලු චරිත සඳහා පුද්ගලයින් තෝරා ගත්තත් වැදි රජුගේ චරිතය නිරූපණය සඳහා සුදුස්සෙකු සොයා ගැනීම අසීරු කරුණක් වී ඇත. “අපි ශිෂ්‍ය ශිෂ්‍යාවෝ කට්ටිය එකතු කරගෙන මහාචාර්ය සරච්චන්ද්‍ර මාස 04 ක් විතර මේ නාට්‍යයේ පුහුණු වීම් කරගෙන ගියා. ඊට පස්සේ පුහුණුවීම් නවත්තලා දැම්මා. ඒකට හේතුව වුණේ සරච්චන්ද්‍රයන්ට අනුව සුදුසු වැදි රජෙක් නොමැති වීම. මේ නාට්‍යය සංවිධානය කළේ සිංහල සාහිත්‍ය මණ්ඩලයෙන්. ඒ අය කැමති වුණේ නෑ නාට්‍යය අතරමඟ නවත්තල දානවට. ඔවුන් ඉදිරිපත් වුණා අපි වැදි රජු කෙනෙක් සොයා ගෙන එන්නම් කියලා. ඒ අය නිරන්තර අවධානයෙන් හිටියා එකට සුදුසු කෙනෙක් පිළිබඳව. දිනක් නුවර පවත්වන සුවිශේෂ උත්සවයක් වන “ඇසළ මේලා” කානිවල් එක බලන්න මේ සංගමයේ සාමාජිකයන් ගිහින් තියෙනවා. එක් අයෙක් මේ ඇසළ මේලා කානිවල් එකේ වේදිකාවට නැඟලා උස් හඬින් ගායනා කරමින් කිසියම් නර්තනයක යෙදෙනවා දැකලා සංවිධායක මණ්ඩලය ඔහු සොයාගෙන ගිහින් තියනවා. බලනකොට ඔහුත් විශ්ව විද්‍යාලයේම හිටපු ශිෂ්‍යයෙක්. පන්ති තහනමට ලක්වෙලා හිටපු කෙනෙක්. එයාව දැක්කම සරච්චන්ද්‍රයන් සතුටු වුණා. එයා තමයි මුල්ම වැදි රජු වුණු එඩ්මන්ඩ් විජේසිංහ. මනමේ වැදි රජ වුණේ බෙන් සිරිමාන්න.” වැදි රජු මුණ ගැසීමෙන් පසු ඔවුන් පුහුණු වීම කර ඇත්තේ මාස 03 ක් වැනි කෙටි කාලයක්. 1956 නොවැම්බර් 03 මුල්ම දර්ශනය කොළඹ ලයනල් වෙන්ඩ්ට් ශාලාවේ රංග ගත කිරීමට සූදානම් කළා. ඒ වෙනකොට ලයනල් වෙන්ඩ්ට් ශාලාවේ වෙනත් කිසිදු සිංහල නාට්‍යයක් රංග ගත කර තිබුණේ නෑ. ලයනල් වෙන්ඩ්ට් වේදිකාව බොහෝවිට වෙන්වෙලා තිබුණේ ඉංගී‍්‍රසි නාට්‍ය වෙනුවෙන්. එහි වේදිකාගත කළ පළවෙනි සිංහල නාට්‍යය වුණේ මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ මනමේ යි. ශ්‍යාමන්ගේ මතකය නිවැරදි නම් පළවෙනි දර්ශනය නරඹන්න ඇවිත් හිටියේ 26 දෙනෙකුයි. ඒ අතර මහාචාර්ය පී.බී. මලලසේකර සහ ආචාර්ය අමරදේවයනුත් හිටියා ඔහුට මතකයි. “ටික දිනකට පස්සේ රෙජී සිරිවර්ධන මනමේ නාට්‍යය ගැන පුවත්පතකට ලිපියක් ලිව්වා. ඒක තමයි මම හිතන්නේ මනමේ ගැන පළවුණු පළවෙනි ලිපිය. ඉන් මාස 02 ක් විතර ගියාට පස්සේ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයනුත් “මනමේ” බලන්න ආවා. ඒ කාලේ ජනපි‍්‍රය තීරු ලිපියක් වුණු “ වගතුග“ තීරයට ඔහු මනමේ ගැන ලිව්වා. මට අද වගේ මතකයි මාතෘකාව වුණේ “වැඩක් හැටියට වැඩක්” මේ ලිපි දෙකින් පස්සේ නාට්‍යය බලන්න සෙනඟ එන්න ගත්තා. මුලින්ම එන්න ගත්තේ කොළඹ හතේ නෝනලා. මානවසිංහයන්ගේ ලිපියෙන් පස්සේ සිංහල පාඨකයන් වැල නොකැඩී එන්න පටන් ගත්තා. ඒ කාලේ අපට තිබුණේ පුදුම තරමේ ජනපි‍්‍රයතාවයක්. සමහරු ළඟට ඇවිත් අපිව අල්ලලා අතගාලා බලනවා.” ශ්‍යාමන් ඇතුළු ශිෂ්‍ය පිරිස මේ නාට්‍යයේ මුල් දර්ශනවල රඟපෑවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ද හදාරන ගමන්. පුරා වසර 04 ක් ශ්‍යාමන් නොකඩවාම මනමේ නාට්‍යයේ පූරක වුණා. එහෙත් උපාධිය නිමකොට විශ්ව විද්‍යාලයෙන් ඉවත් වීමෙන් පසු ශ්‍යාමන් රාජ්‍ය සේවකයෙකු ලෙස රැකියාවට බැඳෙනවා. දිවයිනේ විවිධ ප්‍රදේශවල සේවයට යාම නිසා ඔහුට ඉන්පසු “මනමේ” නාට්‍යයට සම්බන්ධ වෙන්න වෙන්නේ ඉඳහිට. නැවත ඔහු කොළඹට මාරු වූ පසු දර්ශන වාර 50 -60 ක් අඛණ්ඩව සම්බන්ධ වන්නට හැකි වුණා. කෙසේ වෙතත් ඔහු අවසන් වරට “මනමේ” හි පූරක වශයෙන්. වේදිකාවට ගොඩ වී ඇත්තේ 1993 දී. 1994 දී ඔහු පදිංචිය සඳහා ඕස්ට්‍රේලියාවට ගොස් තිබෙනවා. “මම සරච්චන්ද්‍රයන්ගේ “මනමේ” නාටකයට අමතරව ප්‍රේමතෝ ජායතී සෝකෝ, නාට්‍යයේ දර්ශන වාර 45 ක පමණ “සූත්‍රධාරි” චරිතය කළා. එතුමන්ගේ “කදා වලලු” නාට්‍යයටත් සම්බන්ධ වුණා. මට මතකයි ඒ කාලේ වැදි දෙටු ගේ චරිතය රඟපෑවේ ලයනල් ප්‍රනාන්දුයි. හේමමාලි සිරි ගුණසිංහ සමඟ විවාහ වෙලා ගියාට පස්සේ දිගටම රඟපෑවේ ට්‍රිලීෂියා. මම ලංකාවෙන් ගියාට පස්සෙත් වරින් වර ආපුවම රඟපාලා තියෙනවා. අපිට පස්සේ ආපු පරම්පරාවේ මනෝරත්න, දිද්දෙණිය, යශෝදරා වැනි අය සමඟත් මම වේදිකාවට ආවා. දැන් මට වයස අසූ දෙකක්. මට හිතෙන්නේ මුල්ම “මනමේ” ට සම්බන්ධ වුණු අයගෙන් ඉතාම අඩු පිරිසයි ජීවතුන් අතර ඉන්නෙ. මමයි, ලයනල් ප්‍රනාන්දුයි, හේමමාලියි වැනි අය. මම රජයේ සේවයෙන් විශ්‍රාම යනකොට කම්කරු සහ වෘත්තිය පුහුණු අමාත්‍යංශයේ ලේකම් වශයෙන් කටයුතු කළා. ඒ අතරතුර කාලය විවිධ තැන්වල වැඩ කළා. අලෙවි සංවර්ධන කොමසාරිස්, දෙහිවල - ගල්කිස්ස නගර සභාවේ විශේෂ කොමසාරිස් වැනි තනතුරු දැරුවා. ඉතින් දැන් ජීවිතේ සැදෑ සමය ඕස්ට්‍රේලියාවට වෙලා ගෙවනවා. ඒ වුණත් කෙසේ හෝ වසරකට වරක් වත් ලංකාවට ඇවිත් මගේ පැරණි මිතුරු මිතුරියන් හමු වී යනවා. ජීවිතේ දිහා ආපස්සට හැරිලා බලද්දී අපි ගත කළ ඒ ජීවිතය කොයි තරම් සොඳුරු ද කියලා අද හිතෙනවා.
|