|
සන්ද්‍රසාගරගේ සිනමාව ගැන හැරී බලමුමණික් ගැන යමක්සන්ද්රසාගරගෙත් තේරිම වුයේ ධාතුසේන රජු චරිතයට සුදුසු ගාමිණී ෆොන්සේකා බවය. නොඑසේ නම් චිත්‍රසේන බවය. එහෙත් බ්‍රිතාන්‍යයන් ධාතුසේන රජුත්, කාශ්‍යප රජතුමා, මිගාරත් තමන්ගේ අය විසින් රඟපෑ යුතු යැයි කොන්දේසියක් පැන විය. එහෙයින් ධාතුසේන රජුගේ චරිතය ජෙෆ්රි රසල්ටත්, කාශ්‍යප රජුගේ චරිතයට ලීග් ලෝසන්ටත්, මිගාරගේ චරිතය ඔලිවර් ටෝබියස්ට ද බෙදී ගියහ. චිත්‍රපටයේ තිර නාටකයට අනුව මෙහි විශාල රංග පරාසයක් තිබුණේ ධාතුසේන රජුටය.
සන්ද්‍රසාගර ලාංකේය සිනමාවට ඇතුළු වූයේ විශිෂ්ට කෘතියක් සමඟිනි. 'කළු දිය දහර' එම සිනමාපටයයි. සුද්දන්ගේ යකඩ සපත්තුවලට පෑගුණු වතු ලැයිම් කම්කරුවනුත්, එම හිඩැස තුළ තමන්ගේම උන් බිල්ලට දෙන හොරිකඩ සුළු නිලධාරි පන්තියත් අතර ඇතිවෙන උනුන් පරයා නැගී සිටීමේ ගැටුම ඔහු 'කළු දිය දහර' තුළින් පෙන්වූයේ ලාංකේය සිනමා ප්‍රේක්ෂකයන්ට සිතන්නට, විඳින්නට, වැදෙන්නට, තර්ක කරන්නට ඉඩ සලසාය. සිනමාව යනු හුදෙක් විනෝදය නොව, නොඑසේ නම් භාවමය නොව එහි ජීවිත ගණනාවක් ජීවත්වන බව ඔහු 'කළු දිය දහර' මඟින් පෙන්වා දුණි. සන්ද්‍රසාගරගේ 'කළු දිය දහර'ට එකතු කර ගත්තේ ද සුළුපටු මිනිසුන් නොවේ. තිස්ස අබේසේකර තිර රචනයෙන් ද, සුමිත්ත අමරසිංහ කැමරාකරණයෙන් ද හවුල් කරගත් ඔහු නිමල් මෙන්ඩිස් නම් සුවිශේෂිතයෙක් සිනමා සංගීතයට හඳුන්වා දුනි. ඉංග්‍රීසි නාට්‍යවල රඟපෑ වින්සන්ට් සේරසිංහ, මමෝ ෙබ්‍රිකන්රිජ්, ඉන්දිරා ජොන්ක්ලස් ප්‍රධාන චරිතවලට එකතු කර ගති. එලෙසම නවක තාරුණ්‍ය කඩවසම් නළු රවීන්ද්‍ර රන්දෙණියගේ ප්‍රථම ප්‍රධාන චරිතය, ජෝ අබේවික්‍රමගේ ප්‍රබල රංගනය, නෙවිල් ප්‍රනාන්දුගේ ගායනය කළු දිය දහර ඒකාලෝක කළෝය. 'කළු දිය දහර' මතක් කළහොත් එක්වරම හැම අයම කියන්නේ 'මාස්ටර් සර්' ගීතය ගැනය. සන්ද්‍රසාගරගේ සිනමාව තුළ ඔහුගේ උපරිමත්වය තිබුණේ කළු දිය දහර තුළය.ි චිත්‍රපටයේ රංගනයේදී පවා ඔහු හොඳ රංග පරාසයක් දී තිබුණේ මමෝ බ්‍රෙකන්රිජ්ටය. මනෝට තිබුණේ නළුවෙකු සතු කඩවසම් පෙනුමක් නොවේ. එහෙත් කළු දිය දහර තුළ ප්‍රබලම චරිතය වූයේ ද මනෝය. හැත්තෑව දශකයේදී කඩවසම් පෙනුමට විශේෂත්වයක් ලැබුණ ද, සන්ද්‍රසාගර මනෝට ප්‍රධාන චරිතය ලබා දී උඩුගං බලා පිහිනීය. එලෙසම වින්සන්ට් සේරසිංහ, මනෝ, ජෝ, ඉන්දිරා අතර සන්ද්‍රසාගර විසින් රංගන යුද්ධයක් ඇති කළේය. ඔවුන් එහි රඟපෑවේ හරියට පෙරහැර ඉදිරියට යන කසකාරයෝ වගේය. රවීන්ද්‍ර රන්දෙණියට තම මුල්ම චිත්‍රපටය වූ කළු දිය දහරින් ලැබුණු පන්නරය නිසා පසු කලෙක ඔහු අති සාර්ථක විය. කළු සුදු වර්ණයෙන් නිෂ්පාදනය වූ මෙම කතා තේමාවට එම කළු සුදු වර්ණය ද මනා ලෙස ගැලපුණි. සන්ද්‍රසාගරගේ සිනමාව තුළ චරිත තේරීමේදී වඩාත් සාර්ථක තේරීම වූයේ ද කළු දිය දහරය. ඉන්දිරා ජොන්ක්ලස් එයට හොඳම නිදසුනකි. යළිත් එවන් චිත්‍රපටයක් ඔහුගේ අතින් සිදුවුණේ නැත. සිදු කරන්නට ද ඔහුට උවමනාවක් නොවීය. ඉන්පසු ඔහුට අවශ්‍ය වූයේ වෙනත් ඉසව් කරා යෑමටය. 'ගෝඩ් කිං' වැනි දැවැන්ත තලයේ සිනමාවකට අතගැසීමටය ඔහුට ඉන්පසු අවශ්‍ය වූයේ. එලෙසම ඔහුගේ ප්‍රියතම නළු ගාමිණී ෆොන්සේකාව තම සිනමාපටයකට සම්බන්ධ කර ගැනීමට ද ඔහුට උවමනා විය. ලාංකේය සිනමාව ලෝකයට ගෙන යෑමේ අරමුණ ද ඔහුට තිබුණි. එම අරමුණු දෙකම ඉටුකර ගැනීමට ඔහු 'ගෝඩ් කිං' නිපදවීමට සැලසුම් කළේය. ඔහු තෝරා ගත්තේ එංගලන්තයක් සමඟ හවුල්ව නිපදවීමටය. එයින් ඔහුට ඔහුගේ ප්‍රධාන අරමුණ කරා ගෙන යා හැක. ඒ ලාංකේය සිනමාව ජාත්‍යන්තරයට රැගෙන යාමය.
තම ප්‍රියතම නළුවා 'ගෝඩ් කිං' හි ප්‍රධාන භූමිකාවට තෝරා ගැනීමට සන්ද්‍රසාගර තීරණය කළේය. එලෙසම 'ගෝඩ් කිං' අධ්‍යක්ෂණය තමා විසින් නොකර වෙන කෙනෙකුට පැවරීමට ද ඔහු තිරණය කළේ කළු දිය දහර හැරෙන්නට, දැවැන්ත චිත්‍රපටයක් කිරිමේ අත්දැකීම් ඔහුට නැති නිසාය. බටහිර රටවල් සමඟ හවුල් නිෂ්පාදනයක් කරන විට, එහි භාරදූරත්ය, වගකීම වැඩිය. එලෙසම එය විශාල අවදානමකි. එහෙයින් එය කළ යුත්තේ ඒ පිළිබඳව අත්දැකීමක් ඇති අයය. ඒ වන විට දැවැන්ත චිත්‍රපටයක් කිරීමේ අත්දැකීම තිබුණේ ලෙස්ටර් ජේම්ස් පීරිස්ට පමණි. ඒ 'සන්දේශය' හරහාය. සන්දේශය දැවැන්ත චිත්‍රපටයක් වු සේම එය අති සාර්ථක වූ චිත්‍රපටයක් විය. එහෙයින් සන්ද්‍රසාගර ගේ එකම තේරීම වුයේ ලෙස්ටර් ජේම්ස් පීරිස්ය. දිමින්රි ඩි ගෘන්වල්ඩ් හා රේමන්ඩ් ටොරීන් සමඟ මණික් සන්ද්‍රසාගර මෙම දැවැන්ත චිත්‍රපටයට ආයෝජනය කළෝය. මෙය 1974 වර්ෂයේදී ඇමරිකානු ඩොලර් මිලියන 3 ට ඇස්තමේන්තුව සාදා තිබුණි. බ්‍රිතාන්‍යයන් මෙහි අධ්‍යක්ෂණය බ්‍රිතාන්‍ය ජාතිකයෙකුට දීමට උත්සාසහ කළ ද සීගිරියේ පුරාවෘත්තය බ්‍රිතාන්‍ය ජාතිකයන්ට වඩා දන්නේ ලාංකිකයන් නිසා පසුව එය ලෙස්ටර් ජේම්ස් පීරිස්ට භාර කිරීමට ඔවුන් කැමති විය. සන්ද්‍රසාගරගෙත් තේරිම වුයේ ධාතුසේන රජු චරිතයට සුදුසු ගාමිණී ෆොන්සේකා බවය. නොඑසේ නම් චිත්‍රසේන බවය. එහෙත් බ්‍රිතාන්‍යයන් ධාතුසේන රජුත්, කාශ්‍යප රජතුමා, මිගාරත් තමන්ගේ අය විසින් රඟපෑ යුතු යැයි කොන්දේසියක් පැන විය. එහෙයින් ධාතුසේන රජුගේ චරිතය ජෙෆ්රි රසල්ටත්, කාශ්‍යප රජුගේ චරිතයට ලීග් ලෝසන්ටත්, මිගාරගේ චරිතය ඔලිවර් ටෝබියස්ට ද බෙදී ගියහ. චිත්‍රපටයේ තිර නාටකයට අනුව මෙහි විශාල රංග පරාසයක් තිබුණේ ධාතුසේන රජුටය. කාශ්‍යපගේ චරිතය තරමක් යොවුන් කුමරකු ලෙස ගොඩ නංවා තිබුණි. සන්ද්‍රසාගර ගාමිණීව ධාතුසේන රජුගේ චරිතයට නම් කළේ එය ප්‍රබල ලෙස ගොඩ නඟා තිබූ නිසාය. එහෙත් ගෘන්වල්ඩ්ට එම චරිතය ජෙෆ්රි රසල්ට දිය යුතුවම තිබුණි. තිර රචනය ඇන්තනි ග්‍රෙවිලේ බෙල් විසින් ලියු අතර, කැමරාව විලී බ්ලේක්ට භාර විය. සංගීතය නිමල් මෙන්ඩිස් විසින් මෙහෙයවනු ලැබීය. සංස්කරණය රසල් ලොයිඩ් හා සුමිත්‍රා පීරිස් විසිනි. අයිරාංගනී සේරසිංහ ධාතුසේනගේ බිරිඳ වූ වරුනි ලෙස ද, ජෝ අබේවික්‍රම ස්වාමි ලෙසද , රවින්ද්‍ර රන්දෙණිය මුගලන් ලෙස ද, විජය කුමාරණතුංග ලලිත් ලෙස ද, මැණික් කුරුකුලසූරිය සොමිත්‍රා ලෙස ද, මනෝ බ්‍රෙක්න්රිජ් රතු නායකයා ලෙස ද ඩග්ලස් වික්‍රමසිංහ කහ නායකයා ලෙස ද තෝරා ගති. ඔහු තවත් විදේශීය චිත්‍රපටයකට අත තැබිය. ඒ ඉන්දියාවේ හින්දි සිනමාව සමඟය. එය සිදු වූයේ තවත් දැවැන්ත හවුල් චිත්‍රපටයකට පිඹුරුපත් සකස් කිරීමට යන විටදීය. සන්ද්‍රසාගරගේ සිනමා ගමනේ සුවිශේෂත්වය මෙයය. යන්නේ එක දෙයකටය. එහෙත් තවත් යමක් කරගත හැකි නම් එය කිරීමට ද පසුබට වන්නේ නැත. ඔහු ගාමිණී සමඟ ඉන්දියාවට ගියේ ශ්‍රී ලංකා - ඉන්දියානු - පාකිස්තානු දැවන්ත හවුල් නිෂ්පාදනයක් ගැන මූලික කටයුතු සකස් කර ගැනීමටය. එහිදී ද ඔහු 'ද ලිටල් ගොස්පෙල් ඔෆ් සෙන්ට් තෝමස්' යන චිත්‍රපයට අත තැබුවේය. එහි ප්‍රධාන චරිතයට ගාමිණී ෆොන්සේකා සමඟ එවිට හින්දි සිනමාවේ ජනප්‍රිය නිළියක් වූ 'සනම් තේරි කසම්' චිත්‍රපටයේ රඟපෑ රීනා රෝයිව තෝරා ගත් අතර අනෙක් චරිතවලට පැරණි නළු නිළි යුවළක් වූ ප්‍රේම්නාත් සහ කාමනි කෞෂාල් රංගනයෙන් දායක විය. මෙම චිත්‍රපටය ලංකවේ තිරගත වූ බවක් සඳහන් වී නොමැත. නැවත සන්ද්‍රසාගර ඉස්මතු වූයේ ඉන්දු - ශ්‍රි ලංකා - පකිස්තාන් හවුල් නිෂ්පාදනයේදීය. මෙවර ද ඔහු තෝරා ගත්තේ ඉතිහාසගත කතාවකි. එය රටවල් තුනටම බලපාන සිදුවීමකි. වාල්මීකිගේ 'රාමායණය' තුළ ඉතිහාස කතාවත්, එම චරිත නැවත වර්තමානයේ ඉපදීමත් එලෙස ඉපදී ඉතිහාස කතාවට අනුබද්ධිතවීමත් එසේ අනුබද්ධිත වී ඇතිවන ගැටීම්වල සුපුරුදු ඛේදවාචකයම සිදුවීම අරභයා ගොඩ නැඟුණු කතාවකි ඔහු සිනමාපටයට ගැනීමට උත්සාහ කළේ. ඔහු එය ආත්ම දෙකකට කතාව නවිකරණය කළේය. මෙවර තමාම අධ්‍යක්ෂණය කිරිමට ද ඔහු තීරණය කළේය. එයට පෙර හුරුවකි 'ද ලිටල් ගොස්පල් ඔෆ් සෙන්ට් තෝමස්' චිත්‍රපටය. රාවණා - රාමා - සීතා සහ ලක්ෂ්මන් යන චරිත හතර ශ්‍රී ලංකා - ඉන්දියා හා පාකිස්තානයෙන් ගැනීමට ඔහු තිරණය කළේය. එය ද ඔහු ඉංගී‍්‍රසි බසින් නිපදවීමට අදහස් කළේ එය ජාත්‍යන්තරයට මුදා හැරීමටය. ඔහු මෙය නම් කළේ 'රින්කානේෂන්' නමිනි. එහි ප්‍රධාන චරිත ආත්ම දෙකකින් හමුවන්ට විය. රාවණා පසුව රවී රණරාජා ලෙස ද සීතා ජානකී ලෙස ද රාමා රාම් ලෙසත්, ලක්ෂ්මන් ලාල් ලෙසත් චරිත නම් කෙරිණි. චිත්‍රපටයේ ආයෝජනය අජන්තා විජේසේන විසිනි. 1975 කාලයේදී විශාල ආයෝජනයක් කිරිමට මෙයට සිදු වූයේ මෙය දැවැන්තව සැලසුම් කළ නිසාය. ගාමිණි ෆොන්සේකාව රාවණා හා රණ රාජා චරිතයට ස්ථිරවම තෝරාගත් අතර පකිස්ථාන නළු උස්මාන් පීර්සාද් රාමාගේ චරිතයට තෝරා ගති. එහි එන ස්ත්‍රී මුඛ්‍ය චරිතයට හින්දි නිළි සිමි ගර්වෙල්ව තෝරා ගත්තේ එවකට ඇය 'සිද්ධාර්ථ' චිත්‍රපටයේ රඟපා ජාත්‍යන්තර පැසසුම් ලබා තිබූ නිසාත්, සීතාගේ චරිතයටත් ඉන් පසු නවීන වන ජානකිගේ චරිතයටත් ඇය ඉතාමත් සුදුසු නිසාය. එලෙසම ඇය සම්මානනීය නිළියක්වීමත් තවත් හේතුවක් විය. මුලදී එකඟතාවයකට පත් වුව ද, ඇයගේ එස්තමේන්තුව අජන්තා විජේසේනගේ මූල්‍යමය කළමනාකරණයට වඩා බොහෝ අධික විය. එහෙයින් වෙන කෙනෙකු ගැන සිතන්නට ඔවුනට සිදු විය.
ලබන සතියට... ශෝන් මැක්ස්මස් දිසානායක |