වර්ෂ 2016 ක්වූ  ඔක්තෝම්බර් 19 වැනිදා බ්‍රහස්පතින්දා




සතියකට දෙවරක්

සතියකට දෙවරක්

හොඳම සම්මානයක් විශිටයෙකුගෙන් දෙවතාවක් ලැබීම විරළ සිදුවීමකි. ඒ අන්දමේ දෙයක් ඉකුත් දිනයක දී අපට අසන්නට ලැබුණා. එම හොඳම සම්මානයන් දිනා ගත්තේ ස්වර්ණා මල්ලවාරච්චි. සම්මානයන් ප්‍රදානය කළේ රවීන්ද්‍ර රන්දෙණිය විසින්.

මේ දෙන්නා ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕනි නැහැනේ. දෙදෙනාම අප රංගන ක්ෂේත්‍රයේ දැවැන්තයෝ. මේ දෙදෙනා මුලින්ම හමු වෙන්නේ 'දඩයම' සිනමා පටය හරහායි . ඒ හමුවීමෙන් පසුව නිර්මාණ රැසකින්ම දෙදෙනා අපට හමු වුණා. ඉකුත් දිනයකදී, සතියක් ඇතුළත රවී දෙවතාවක් ස්වර්ණාට හොඳම නිළියට හිමි සම්මානය ප්‍රදානය කළා. ඒ දෙරණ සිනමා උලෙළේදී සහ සිග්නීස් උත්තමාචාර උලෙළේදීයි.