|
70 යි, ඒත් වැඩ පුළුවන්
කුමාරතුංගලා අප සිනමාවේ සිය නාමය ප්‍රබලව සනිටහන් කර ගත් අය. විජය කුමාරතුංග, ජීවන්
කුමාරතුංග, අධ්‍යක්ෂ කඳපොල කුමාරතුංග යනාදී වශයෙන් කුමාරතුංග පෙළ හඳුන්වා දෙන්න
පුළුවන්. ඔය අතරින් තවත් කුමාරතුංග කෙනෙක් ඉන්නවා. එයාව වැඩිපුරම අප දැක්කේ සටන්
ජවනිකාවල. විරයාගෙන් ගුටිකන ගොඩේ ඔහු කැපී පෙනුණ චරිතයක් වුණා. පසුකාලිනව චරිතාංග
නළුවකු ලෙසිනුත් ඔහුව දක්නට ලැබුණා. ඒ තැනැත්තාගේ නම සිසිර කුමාරතුංග. කුමාරතුංග
වාසගම නිසා වැඩි දෙනෙක් ඔහුගෙන් අහනවලු විජයගේ නෑදෑයොද කියලත්. රජගෙදර පරවියෝ
චිත්‍රපටයෙන් සිනමාවට පිවිස චණ්ඩි පුතා චිත්‍රපටයෙන් ජනප්‍රිය වූ සිසිරට වයස කීයද
දන්නවද? නැහැනේද? ඔන්න අහගන්නකො. ඔහු මේ ගත කරන්නේ ජීවන ගමන් මඟේ හැත්තෑ වැනි
අවුරුද්ද. හෙළ සිනමාවේ පළමු කතානාද චිත්‍රපටය වූ කඩවුණු පොරොන්දුව තිරගත වූ
අවුරුද්දේ තමයි සිසිර උපත ලැබුවේ. සිනමාවටත් හැත්තෑවයි, සිසිරටත් හැත්තෑවයි. ඒත්
අතේ පයේ හයිය නම් එහෙම්මමයි, ෆයිට් නම් ෆයිට්, ලව් නම් ලව්, කමඩි නම් කමඩි. සිසිර
ඔය මොන දේටත් ඔට්ටුයි. මේ වන විට දු මුණුපුරන් ලබලා සීයා කෙනෙක් වෙලා. දැන් අත්තා
කෙනෙකුත් වෙන්න සිසිර සූදානමින් ඉන්නවා. ඉලක්කමෙන් වයසට ගියත් හිත නම් තවමත් කොල්ලා
වගේ. පුළුවන් තරම් කාලයක් සිනමාවේ රැඳී සිටින්නයි ඔහුගේ අදහස.
|