|
|
තෙල් සායමින් ඇඳි ලොව මුල්ම චිත්‍රපටය Loving Vincent
1890 ජූලි මස 29 වැනිදා මේ අපූරු චිත්‍ර ශිල්පියා සිය දිවි හානි කර ගැනීමෙන් මිය ගිය බවට වාර්තා වන අතර මානසික රෝගයකින් පෙළිම සහ දිළිඳු බව එයට හේතු වූ බවත් කියවේ. වින්සන්ට් වැන් ගෝගේ මරණය සම්බන්ධ වාර්තාව සැකෙවින් මෙසේය.
වින්සන්ට් වැන් ගෝ, තමා චිත්‍ර අඳීමින් සිටි වගා පිටියකදී රිවෝල්වරයකින් පපුවට වෙඩි
තබා ගෙන ඇති අතර සිය පපුවේ වෙඩි වැදුණු සිදුර ද සමඟ ඔහු සිය ගම්මානය වෙත නැවත පැමිණ
ඇත. වෛද්‍යවරුන් දෙ මේ විශිෂ්ට කලාකරුවාගේ මරණයෙන් සියවසකටත් වැඩි කාලයකට පසුව ඔහු වෙනුවෙන් කිසි කලෙක නොවූ විරූ අන්දමේ සිනමා සිත්තමක් නිර්මාණය වී ඇත. වැන් ගෝගේ ජීවිත කතාව හුවා දැක්වෙන Loving Vincent චිත්‍රපටය රූප රාමු (frames) 65,000කින් සමන්විත වන අතර මෙම රූපරාමු සියල්ලම කැන්වසය මත අඳීන ලද තෙල් සායම් චිත්‍ර වේ. වැන් ගෝ විසින් තෙල් සායම් චිත්‍ර ඇඳී තාක්ෂණයම යොදා ගෙන අඳීන ලද මෙම චිත්‍ර, චිත්‍ර ශිල්පීන් 115 දෙනෙකු අතින් නිර්මාණය වී ඇත. වැන් ගෝගේ මරණයේ ඇති අභිරහස් බව මෙහි තිර රචනයේදී විමර්ශනය කර ඇති අතර වැන් ගෝගේ මරණය සහ සොයුරා තියෝගේ මරණය අතර කාලය තුළ මෙම විමර්ශනය දිග හැරේ. Loving Vincent චිත්‍රපටයේ වින්සන්ට් වැන් ගෝගේ චරිත නිරූපණය රොබර්ට් ගුලසෙයික් විසින් කර ඇති අතර ඩග්ලස් බූත්, ජෙරොමි ෆ්ලින්, හෙලන් මැක්කෝර්නි, ක්‍රිස් ඕඩව්ඩ්, ජෝන් සෙසන්ස් ඇතුළු පිරිසක් සෙසු චරිතය නිරූපණය කර ඇත. ඩොරෝටා කොකොබෙලා සහ හග් වෙල්ච්මන් විසින් මෙය අධ්‍යක්ෂණය කර ඇති අතර කොකොබෙලා සහ වෙල්ච්මන් සමඟින් ජෙක් ඩෙනෙල් විසින් තිරරචනය කර ඇත. බ්‍රිතාන්‍ය ජාතික සංගීතඥ ක්ලින්ට් මන්සෙල් විසින් සංගීත අධ්‍යක්ෂණය කර ඇති Loving Vincent චිත්‍රපටය මිනිත්තු 91ක් පුරා රිදී තිරයේ දිගහැරේ. ජූනි 12 වැනිදා මංගල දර්ශනයෙන් පසු පසුගිය සැප්තැම්බර් 22 වැනිදා අමෙරිකා එක්සත් ජනපදයේ සහ ඔක්තෝබර් 13 වැනිදා බ්‍රිතාන්‍යයේ ද තිරගත කිරීම ඇරඹිණි. Loving Vincent චිත්‍රපටය IMDB දර්ශකයේ ලකුණු 8.0/10ක් ලබා ගෙන ඇති අතර රොටෙන් ටොමැටෝස්හි විචාරක මනාපය සියයට 79ක් හිමිකර ගෙන ඇත. 'ටයිම් අවුට්' හි විචාරක ඇනා ස්මිත් පවසන්නේ, කොටසක් අභිරහස්, කොටසක් දෘශ්‍ය පරීක්ෂණයක් වූ මෙම චිත්‍රපටය 19 වැනි සියවසේ විසූ විශිෂ්ට කලාකරුවාට කෙරෙන අපූර්ව ගෞරවයක් බවයි. චිත්‍රපටයේ අවසානය කෙසේ වුවත් දරා ඇති වෑයම සහ මහන්සිය අතිශය අගය කළ යුතු බව 'ක්‍රිස්ටියන් සයන්ස් මොනිටර්' හි විචාරක පීටර් රේනර්ගේ අදහසයි. මෙම චිත්‍රපටය හෙට (20) සිට කොළඹ එම්පයර් සිනමාහලේ තිරගතවීමට නියමිතය.
|




වින්සන්ට් වැන්
ගෝ (Vincent van Gogh) 19 වැනි ශත වර්ෂයේ නෙදර්ලන්තයේ විසූ චිත්‍ර
ශිල්පියෙකි. ඔහු බටහිර කලා ඉතිහාසයේ ඉතා විශිෂ්ට ස්ථානයක් උසුලන අතර දශක දෙකක් පමණ
පුරා ඔහු විසින් නිර්මිත චිත්‍ර සංඛ්‍යාව 2100ක් පමණ වේ. ඒ අතරින් 860ක් තෙල් සායම්
චිත්‍රය. භූමි දර්ශන (landscapes), සජීව දර්ශන (still lifes), ප්‍රතිමූර්ති
(portraits) සහ ස්වයං ප්‍රතිමූර්ති (self-portraits) ඔහුගේ නිර්මාණ අතර වේ. එයින්
බොහොමයක් වසර 37ක කෙටි ජීවත කාලයේ අවසාන වසර දෙක තුළදී නිර්මාණය කළ ඒවා වීමද
විශේෂත්වයකි.
දෙනෙකු විසින් ඔහුට ප්‍රතිකර්ම කරනු ලැබූ නමුත් ශල්‍ය
වෛද්‍යවරයකු නොමැති නිසා හදවත පසාරු කළ පතරොම ඉවත් කරගත නොහැකි වී ඇත. පසුදා උදෑසන
වින්සන්ට් වැන් ගෝ ගේ ආදරණීය සොහොයුරා වන තියෝ ද පැමිණි අතර තුවාලයේ ආසාදනය
හේතුවෙන් වෙඩි තබා ගැනීමෙන් පැය 30ට පසුව වැන් ගොෆ් මරණයට පත් වී ඇත. ඔහුගේ අවසන්
වචන ""The sadness will last forever" (දුක සදාකාලිකව පවතිනු ඇත) යන්නයි. සිය
සොහොයුරා ගේ මරණයෙන් අතිශය වේදනාවට පත්වන තියෝ ද එයින් සය මසකට පසු මරණයට පත් වී
ඇත.
