වර්ෂ 2016 ක්වූ  ඔක්තෝම්බර් 19 වැනිදා බ්‍රහස්පතින්දා




සිනමා කතාබස්

සිනමා කතාබස්

ලෝක සිනමාව පිළිබඳ කියවෙන කියමන් බොහොමයක් වේ. සිනමා නිර්මාණ තුළ කියවෙන අමතක නොවන දෙබස් ද එසේම වේ. ලෝක සිනමාව පිළිබඳ වූ කියමන් සහ රසවත් චිත්‍රපට දෙබස් අද සිට සරසවියෙන් ගෙන එන වගයි.

මැක්ස් - මගේ ගුරුවරයා කියන්නේ කෙනෙකුගේ ලස්සන තියෙන්නේ ඇතුළාන්තයේ කියලායි.

ෆ්ලෙචර් - ඒක කැත අය කියන කතාවක්.

(ජස්ටින් කූපර් සහ ජිම් කැරී - Liar Liarචිත්‍රපටය)

***********************************

“යම් පුද්ගලයෙකුහට තම අදහස වචන 250ක් හෝ ඊට අඩුවෙන් පැවසීමට හැකි නම් එයින් හොඳ සිනමා නිර්මාණයක් බිහි කළ හැකියි”

- ස්ටීවන් ස්පිල්බර්ග්

***********************************

ලොව ප්‍රථමවරට චිත්‍රපටයක් නිර්මාණය කිරීමේ (1895) ගෞරවය හිමි වන්නේ ප්‍රංශ ජාතික ඕගස්ටේ ලුමියර් සහ ලුවී ලුමියර් යන සොහොයුරන් දෙදෙනොටයි. මේ දෙදෙනා අතරින් ලුවී ජීන් ලුමියර් වරෙක මෙසේ පවසා තිබුණි.

“කතා කරන චිත්‍රපටයක බොහොම ආකර්ෂණීය ගති පැවතුම් තිබුණද එය දිගු කාලයක් මෝස්තරයක් ලෙස පවතීවි යැයි මා සිතන්නේ නැහැ “

- ලුවී ජීන් ලුමියර් -

***********************************

ඩෙනිස් : සමාවෙන්න. මං ඔයාව පොඩ්ඩක් එතන නතර කරන්න ද?

විට් : මොකක් ද?

ඩෙනිස් : නෑ මට මොකුත් කියන්න දෙයක් නැහැ. මට ඕනි ඔයා කියවන එක නතර කරන්න විතරයි.

(සයිමන් පෙග් සහ හෑන්ක් අසයිරා - Run, Fat Boy, Run චිත්‍රපටය)