|
ගතට නොව හිතට බේත් දෙන Dr. නවරියන්
නිර්වාන් සේනානායක ගම්බද වැදගත් පවුලක එකම පුතා වෙයි. ඔහුගේ දෙමාපියන්ගේ එකම අපේක්ෂාව තම පුතු වෛද්‍යවරයකු වීමේ සිහිනය සැබෑකර ගැනීමයි. එහිදී නිර්වාන්ට දැනෙනුයේ විවිධ දූෂණ හා අපරාධවලින් පිරි සමාජ ක්‍රමයක් මෙහි ස්ථාපිතවී ඇති බවයි. නිර්වාන් වෛද්‍යවරයෙක් වීම පසෙක තබා තම හිතමිතුරන් පිරිසක් ද සමගින් මෙම සමාජ අසාධාරණයන්ට විරුද්ධව විවිධ අරගල කිරීමට පෙලඹෙයි. එනමුත් දෙමව්පිය අපේක්ෂාව ඉටුකොට නොදීම පිළිබඳවද ඔහු තුළ බලවත් වූ සිත් තැවුලක්ද වෙයි. ඔහු නිර්වාන් කොළඹ සමාජය තුළ ච්ප නවරියන් යන අන්වර්ථ නමින් පෙනී සිටිමින් විවිධ කි‍්‍රයාකාරකම් සමාජය හමුවේ සිදුකරයි.
සැබැවින්ම ඔහුගේ රෝගීන් බවට පත්වනුයේ අසාධාරණයට ලක්වූ ජනතාවයි. ඒ සඳහා
විවිධ උපක්‍රම ඔහු විසින් භාවිත කරමින් සියල්ලන්හට සහනය ළඟා කරදීමට කි‍්‍රයා කරයි.
මෙහිදී ච්ප.නවරියන් හට සැබෑ ලෙසම වෛද්‍යවරයෙක් වීමේ අවශ්‍යතාවයක්ද සිතට පැනනගී. ඒ
තම දෙමාපියන්ට හා සමාජයේ අනෙක් කොටස්වලට තෘප්තියක් හා සමාජ සාධාරණත්වයක් ඇතිකරලීම
උදෙසායි. එනිසා ඔහු පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයකට විවිධ උපක්‍රම භාවිතා කරමින්
ඇතුලුවෙයි. එහි ප්‍රධාන වෛද්‍ය නිලධාරියා හෙවත් “ඩීන්” වෙතින් ච්ප නවරියන්ව
අභියෝගයට ලක් කරයි. ඒ අතරේ ච්ප නවරියන් මෙම “ඩීන්ගේ” එකම දුව වෙත ආදරයෙන් බැඳෙයි.
සැබැවින්ම ඩීන්ගේ දියණියද වෛද්‍යවරියක් වන අතර ච්ප නවරියන් හා ඔවුනොවුන් කුඩා කල
සිටම දැන හඳුනන බව මෙම චිත්‍රපටය පුරාවටම ච්ප නවරියන්, ඩීන් වික්‍රමසිංහ හා ච්ප භාග්‍යා අතර සිදුවන විවිධ හැල හැප්පීම් ඔස්සේ චිත්‍රපටය විකාශනය වෙයි. ඩීන් විසින් ච්ප නවරියන් බොරු දොස්තර කෙනෙක් බවත්, සමාජය රවටමින් සිටින බවත් කියා පාමින් ගැටුම් ඇතිකර ගනියි. ඒ අතර ච්ප භාග්‍යා, ච්ප නවරියන් සමග ආදරයෙන් වෙළෙයි. ච්ප නවරියන් සමාජයේ පීඩීත පිරිස වෙනුවෙන් මිනිසුන්ගේ සිත් සුවපත් කරන්නෙකු ලෙස දැවැන්ත මෙහෙවරක යෙදෙයි. විශේෂයෙන්ම ච්ප නවරියන් විසින් ඩීන් වික්‍රමසිංහගේ හා වෛද්‍යවරුන්ගේ නොතකා හැරීමට ලක්වන රෝගීන් බොහෝ ප්‍රමාණයක් බෙහෙත්වලින් තොරව මානසික සුවය ඔවුන් වෙත ළඟාකර දෙමින් නිරෝගී අයවලුන් බවට පත්කරයි. ච්ප නවරියන් චිත්‍රපටය විවිධ චරිත ඔස්සේ හාස්‍ය හා ඊටම නොදෙවෙනි වීරකි්රයා මතින් ප්‍රේක්ෂකයා වෙත අපූර්වතම කථා පුවතක් එළි දක්වති. අවසානයේ සිදුවූයේ කුමක්ද?
“ඩොක්ටර් නවරියන්” චිත්‍රපටයේ ප්‍රධාන කාර්මික ශිල්පීන් අධ්‍යක්ෂණය -රන්ජන් රාමනායක ඉදිරිපත්කිරීම - රන්ජන් රාමනායක ෆිල්ම්ස් / ෆ්ලෑෂ් එන්ටර්ටේන්මන්ට් තිර රචනය හා දෙබස් -ලාල් ප්‍රියදේව / ශෝභාන්ගි පූර්ණිමා කැමරාකරණය -ගාමිණි මොරගොල්ලාගම / ජනිත් ගුණසේකර / ඉන්දික අත්තනායක සංස්කරණය -ඒෂාන් මොටාගෙදර සංස්කරණය හා විශේෂ දෘෂ්‍ය ප්‍රයෝග -තිලංක පෙරේරා
වර්ණ සංකලණය -දිනිදු ජාගොඩ සංගීත අධ්‍යක්ෂණය - දිනේෂ් සුභසිංහ
නිෂ්පාදන සම්බන්ධීකරණ - ලකී වීරසිංහ ක්‍රියාදාම අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර කලා අධ්‍යක්ෂණය- ඒ.බී. සුමින්ද සිල්වා නර්තන අධ්‍යක්ෂණය - සංක අබේසිංහ ගීපද රචනය - චන්ද්‍රදාස ප්‍රනාන්දු “අප්පච්චිට නොකර කථා” - සජිත් වී චතුරංග “මඳ පවනැල්ලක් සේ” ගායනයරන්ජන් රාමනායක “අප්පච්චිට නොකර කථා” -උරේෂා රවිහාරි / හෙක්ටර් ඩයස් “මඳ පවනැල්ලක් සේ” ශබ්ද පරිපාලනය- සුමිත් ප්‍රියංක අංග රචනය -රෝලන්ඩ් රොඩ්නි වැන්ටුවේස්ට් / තාරක අධිකාරි / ප්‍රියංක තිලක් රත්නායක
නිෂ්පාදන
කළමණාකරණය -
හේමන්ත බන්ධනගේ xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx
“ඩොක්ටර් නවරියන්” චිත්‍රපටයේ රංගන ශිල්පීන් රන්ජන් රාමනායක රුවන්ගි රත්නායක රෙක්ස් කොඩිප්පිලි ශි්රයානි අමරසේන සරත් චන්ද්‍රසිරි ශි්රමාල් වෙඩිසිංහ විමල් කුමාර ද කොස්තා සඳුන් විජේසිරි රොනී ලීච් සරත් කොතලාවල අකිල සඳකැළුම් නිපුනි විල්සන් මානෙල් චන්ද්‍රලතා නිල්මිණි කෝට්ටේගොඩ නන්දන හෙට්ටිආරච්චි චතුර පෙරේරා රාජසිංහ ලෝලුවාගොඩ පේ‍්‍රමදාස විතානගේ ආරියසේන ගමගේ කීර්ති රත්නායක සහන් අබේවර්ධන ෂමාල් ඩිල්ෂාන් ස්ටේම්බෝ මහේෂ් ගම්මැද ලියනගේ
එච්.ඒ. සමන්ත තාරක අධිකාරි ජගත් මාලිංගගේ ලසදා වික්‍රමසිංහ ඇතිලිගල ගමගේ කාංචනමාලා පංකජ චන්දේවී (ළමා නළු) මහින්ද ඉහළගමගේ ජයලත් සිල්වා ජයන්ත ප්‍රනාන්දු සම්පත් රත්නායක සුමුදු අමල්ක ලකී වීරසිංහ සාලිය බණ්ඩාර වින්සන්ට් කිංග්ස්ලි ශෝභාන්ගි පූර්ණිමා ජනක බිංදු ඉරේෂ් උෂාන්
|