|
උඹේ මූණ කන්නාඩියෙන් දැකලා නැද්ද එදා අප්පච්චි ඇහුවාඅප්පට සිරි සමඟ යළි එන රජීව්
මේ චරිතය අප්පච්චි මුලින් ම ලියන්නේ මල්ලිටයි. ඒත් මල්ලිට එක්වරම අපේ ලොකු තාත්තා වුණු ආනන්ද වික්‍රමසිංහගේ නිර්මාණයකටත් ආරාධනාවක් ලැබුණා. ඒත් ඒ චිත්‍රපටයේ චරිතය ‘ප්‍රතිඥා’ චිත්‍රපටයේ චරිතය වගේ නොවෙයි. බොහොම හොඳට ඇඳුම් ඇඳලා කොල්ලාගේ චරිතයයි ඔහුට එහි රඟපාන්න තිබුණේ. ඒ නිසා මල්ලිගේ සිත ගියේ ලොකු තාත්තාගේ චිත්‍රපටයටයි. ඔහුගේ අඩුවත් සමඟයි ‘ප්‍රතිඥා’ චිත්‍රපටයට එවැනි ප්‍රශ්නයක් නිර්මාණය වන්නේ. ඒ නිසා මා නළුවකු වුණේ අහම්බයෙන්. ඒ විදියට ඇවිත් චිත්‍රපට හත අටක් රඟපාලා මා යන්නම යන්නට ගියා.
‘ප්‍රතිඥා‘, ‘චායාමායා‘, ‘ජය ශ්‍රී වේ කුමරියේ‘, වැනි චිත්‍රපට නිර්මාණය කරන ලද්දේ එදා රස සාගරය සිනමාවට ගෙන පැමිණි යසපාලිත නානායක්කාර ය. සරසවිය සම්මාන උලෙළේ නැඟී එන නළුවා සම්මානය පවා දිනාගත් රජීව් නානායක්කාර එක්වරම සිනමාවෙන් බැහැරව ව්‍යාපාර ක්ෂේත්‍රයට පිවිසිණි. දශකයකට පෙර රසික හදදිනාගත් ඔහු ‘අප්පට සිරි‘ චිත්‍රපටය සමඟින් යළිත් රංගනයට පිවිසෙයි. ‘අප්පට සිරි’ චිත්‍රපටයට ඔබට ආරාධනා ලැබෙන්නේ කොහොමද? ලාල් හා මගේ මිතුදම ට තිබෙන්නේ වසර තිහකට වැඩි පරණ අතීතයක්. ඒ නිසා ඔහුගේ වැඩවලදි මට නිතරම වගේ ආරාධනා ලැබෙනවා. මේ ආරාධනාවත් ඒ වගේ එකක්. ඒත් මා ඔහුට පවසන්නේ “ඔන්න ලාල් මට ගොඩක් කාලයක් නම් රූගත කිරීම් අතර ඉන්න බැහැ” කියලයි. ඒ අනුව ඊට සරිලන විදියේ චරිතයකටයි ඔහු මට ආරාධනා කරන්නේ. ඉන්පසුව පරණ මතකයන් අවධි කරමින් මා ජීවත් වෙනවා. මෙහි ඔබ රඟපාන්නේ නීතිඥවරයකුගේ චරිතයක්. ඒත් ඒ කාලයකට පස්සේ? හිතහොඳ, මුදලට කෑදර නීතිඥවරයකුගේ චරිතයකුයි මා මෙහි රඟපාන්නේ. හාස්‍යෝත්පාදක චිත්‍රපටයක් වන ‘අප්පට සිරි’ කියන්නේ විහිළු තහළුවලින් පිරුණු චිත්‍රපටයක්. විහිළු කිව්වාට අර කෙසෙල් ලෙල්ල ලිස්සලා වැටෙන, ඒකට හිනාවෙන විහිළු නොවෙයි මෙහි ඇතුළත්ව තිබෙන්නේ. බොහොම ලස්සනට ගෙතුව කතාවක් ඇතුළෙයි විහිළු විහිදා දැක්වෙන්නේ. මෙහි මා රඟපෑ චරිතය වගේම චිත්‍රපටය ගැනත් බොහොම සතුටුයි. මා මේ රඟපෑ චිත්‍රපටයක් පැමිණෙන්නේ කාලයකට පස්සේ. ඒත් මා වසරකට වරක් කුමන හෝ චිත්‍රපටයක චරිතයක් රඟපානවා. රඟපාමින් මගේ පැරැණි මතක අලුත් කරමින් සතුටට පත්වෙනවා. පැරැණි මතක අතරට පිවිසීම කියන්නේ ඔබ රංගනයට පිවිසුණු අයුරුද මතකයට නඟන්නේ? ඔව්. මා මුලින් ම සිනමාව සම්බන්ධ වන්නේ 92 වසරේදී පමණ කාලයේදියි. ඒ ප්‍රධාන චරිතය රඟපෑමෙන් පසුව මා සිනමාවෙන් ඈත් වී ව්‍යාපාරවලට සම්බන්ධ වෙනවා. මේ වනවිට නම් මා ඉන්නේ එලෙස ප්‍රධාන චරිත රඟපාන අවස්ථාවක නොවෙයි. ඒත් මොකක් හෝ ගැළපෙන චරිතයක් ලැබුණොත් රඟපානවා. එදා සිනමාවේ තිබුණු පරිසරයත් අද පරිසරයත් ඔබට දැනෙන්නේ කුමන ආකාරයෙන්ද? ඒ දවස්වල සිනමාවට හැමෝගෙම තිබුණේ පුදුම ආදරයක්. සිනමාපටයක් කරනවා කියන්නේ අධ්‍යක්ෂවරයා පමණක් නොවෙයි නළු - නිළියන් ඇතුළු සියලුදෙනාගේ ම සිතේ තිබුණේ පුදුම ළැදියාවක්. ගෞරවයක්. සෙනෙහසක්. මුදල මතම පදනම් වී නොවෙයි කටයුතු කළේ. මේ මා පවසන්නේ මුදල් අනවශ්‍ය බව නොවෙයි. ඒත් මේ කාලයේ සිටින ශිල්පීන් හා ශිල්පිනියන් දෙස බලනවිට මට පෙනෙන්නේ ඔවුන් පැමිණෙනවා, වැඩේ කරනවා, යනවා මිසක් මේ වෘත්තිය ගෞරවයෙන්, ආදරයෙන් යුතුව කරන බවක් නොවෙයි. පියා හා ඒ අතීතය සමඟින් ඔබගේ මතක පෙළ ගැසෙන අයුරු මතකයට නඟමුද? මගේ පියාගේ වෘත්තිය වුණේ සිනමාකරණයයි. එහි පිටපත ලියන දවසේ පටන්, එහි රූගත කිරීම්, හඬකැවීම්, සංස්කරණය ඇතුළු සිනමා ශාලා වෙත මුදා හැරීමද, ෆෝස්ටර් ගැසීමද ආදී මුළු කතන්දරයක් විදියට ම දිග හැරෙනවා. ඒ නිසා නළු - නිළියන් ඇතුළු සියලුදෙනා ම අපට ආධුනික නැහැ. මුළු වසරේ ම අප්පච්චි කළේ චිත්‍රපට නිර්මාණය කරන එකයි. ඔහු වැඩිපුර නිවෙසේ සිටියේත් නැහැ. ඔහු කළේ මුදල් හම්බ කිරීමයි. අපව හා නිවෙසේ කටයුතු බලා ගත්තේ අම්මායි. ඒ නිසා සිනමාව කියන්නේ මට ආධුනික මාධ්‍යයක් නොවෙයි. මට පළමු චිත්‍රපටයේ රඟපානවා කියන්නේ සාමාන්‍ය දෙයක් බවට පත්වෙලයි තිබුණේ. චිත්‍රපටයක් නිර්මාණය කිරීමේදී එහි සිදුවන දේවල් දැකලා, ඒවාත් සමඟ කටයුතු කරලා ඒ තරමටම මට ඒ සියලු ම දේවල් සාමාන්‍ය විදියටයි දැනුණේ. ඒ විදියට පුරුදු පුහුණු වුණු සිනමාවේ රංගනයට ඔබ පිවිසෙන්නේ අහම්බයෙන්ද? ඒ අප්පච්චිගේ චිත්‍රපටයක ජීවන් අයියාගේ යහළුවකුගේ චරිතයක්. එදා මා රඟපෑවේ ඒ යහළුවාගේ චරිතයට පැමිණෙනවා කියන නළුවාගේ නොපැමිණීම නිසයි. ඊට පස්සේ මා රඟපෑම ගැන සිතුවේවත් නැහැ. අප්පච්චි ‘ප්‍රතිඥා’ චිත්‍රපටය කරද්දි එහි ප්‍රධාන චරිතයට අලුත් මුහුණක් හඳුන්වා දෙන්නයි වුවමනා වුණේ. ඔහු එවැනි දෙයක් කරන්න සිතුවොත් අනිවාර්යයෙන් ම කරනවා. ඒත් මේ චරිතයට එවැනි කෙනෙකු සෙව්වත් මුණ ගැසුණේ ම නැහැ. ඒ නිසා මා විහිළුවට වගේ ඔහුට පැවසුවේ “කිසිම කෙනෙක් නැති එකේ ඔන්න මමවත් ඕක කරලා දාන්නම්” කියලයි. ඒ එක්ක ම අප්පච්චි සිනහා වී විමසුවේ “උඹ මුණ දැකලා නැද්ද කණ්ණාඩියෙන්” යන්නයි. එහෙම කියලා ඔහු ගියා. ඒ අතර මා මගේ කාමරයට පිවිසුණා. ටික වේලාවකට පසුව ඔහු පැමිණ විමසුවේ මේ චරිතය “කරනවද කරනවද” යන්නයි. මම “හා....” කියා පිළිතුරු දුන්නා. “එහෙම නම් සූදානම් වෙනවා රඟපාන්න. තව තියෙන්නේ මාසයයි.” එහෙම කියලා ඔහු ගියා. ඒ විදියටයි මා ප්‍රධාන චරිතයකට පණ පොවන්නේ. ඔබගේ සොහොයුරාත් හර්ෂන නානායක්කාරත් රඟපානවා? මේ චරිතය අප්පච්චි මුලින් ම ලියන්නේ මල්ලිටයි. ඒත් මල්ලිට එක්වරම අපේ ලොකු තාත්තා වුණු ආනන්ද වික්‍රමසිංහගේ නිර්මාණයකටත් ආරාධනාවක් ලැබුණා. ඒත් ඒ චිත්‍රපටයේ චරිතය ‘ප්‍රතිඥා’ චිත්‍රපටයේ චරිතය වගේ නොවෙයි. බොහොම හොඳට ඇඳුම් ඇඳලා කොල්ලාගේ චරිතයයි ඔහුට එහි රඟපාන්න තිබුණේ. ඒ නිසා මල්ලිගේ සිත ගියේ ලොකු තාත්තාගේ චිත්‍රපටයටයි. ඔහුගේ අඩුවත් සමඟයි ‘ප්‍රතිඥා’ චිත්‍රපටයට එවැනි ප්‍රශ්නයක් නිර්මාණය වන්නේ. ඒ නිසා මා නළුවකු වුණේ අහම්බයෙන්. ඒ විදියට ඇවිත් චිත්‍රපට හත අටක් රඟපාලා මා යන්නම යන්නට ගියා. කුඩා කාලයේ පටන් ම ඔබට රඟපෑමේ ආසාවක් තිබුණාද? පොඩි කාලයේ පටන් ම මගේ ආසාව තිබුණේ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වීමටයි. ඒත් අද වනතුරුත් ඒ සිහිනය ඉටුකර ගැනීමට මට නොහැකි වුණා. අධ්‍යක්ෂවරයකු වීමේ අභාසය ඔබට පිවිසෙන්නේ අප්පච්චි සමඟ වැඩකටයුතු කිරීමෙන්ද?
මම අප්පච්චිගේ නිර්මාණවලට සෑම අංශයෙන් ම උදවු කළා. සමහර විට සහය අධ්‍යක්ෂවරයකු
නොමැති වුණු විට ඒ කටයුත්තත් කළා. සමහර විට අප්පච්චි මාව යවන්නේ සංස්කරණ
කටයුතුවලටයි. බොහෝ නිර්මාණවල සංස්කරණ කටයුතුවලදි මා සිටියා. ඒ වගේ ම සංගීත නිර්මාණය
වනවිටත් මා එතැන සිටියා. ‘චායා මායා’ චිත්‍රපටයේ සංගීතය නිර්මාණය කළේ සරත් ද
අල්විස්. ඔහු සංගීතය නිර්මාණය කරන අතරතුර මා රෑ එළිවනතුරු එතැන වාඩි වී සිටියා.
පසුව ඔහු පැමිණෙන්නේ ඒ කටයුත්තේ අවසන් අදියර බලන්න පමණයි. ඒ නිසා අධ්‍යක්ෂවරයකු
වීමට අවශ්‍ය පසුබිම මා වටා ඉබේ ම වගේ නිර්මාණය වුණා. ඒත් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය
කිරීමේ අවස්ථාව තවමත් මට ලැබුණේ නැහැ.
ඔබ රඟපෑමෙන් සමුගන්නේ අප්පච්චිගේ සමුගැනීමත් සමඟද? අප්පච්චි අපෙන් සමුගත්තේ 96 වසරේ. මා සිනමාවෙන් සමුගත්තේ 94 වසරේදී. ඒ කාලය වනවිට සිනමාවේ තිබුණේ පුදුම පිබිදීමක්. වසරකට චිත්‍රපට පනහ, හැට නිර්මාණය වුණා. ඒ නිසා හැමෝම සිටියේ කාර්යබහුලවයි. මා කල්පනා කළේ මේ සිනමාවේ ස්වර්ණමය යුගයක් ඇතිවී තිබෙන්නේ සැබෑවටද? බොරුවටද? යන්නයි. මොකද ඒ කාලයේ එක්තරා බැංකුවකින් චිත්‍රපටයක් නිර්මාණය කිරීමට ණයක් දුන්නා. ඔවුන්ට අවශ්‍ය වුණේ හොඳ චිත්‍රපටයක් සමාජයට දායද කිරීම නොව චිත්‍රපට නිර්මාණය කිරීමයි. ඒ අනුව මට හැඟී ගිය දෙයක් වුණේ ඒ බැංකුව ණය නොදී සිටියොත් සිදුවන්නේ කුමක්ද යන්නයි. මා සිතූ විදියට ම බැංකුව ණය ලබාදීම නැවත්තුවා. ඊළඟ වසරේ චිත්‍රපට තැනුණේ තුනක් හෝ හතරක් පමණයි. මිනිස්සුන්ට සල්ලි නැහැ. මේ අතර මගේ පියා අන්ත්‍රා වෙනවා. මගේ කල දවසත් හරි යනවා. විවාහ වෙනවා. ඒ අනුව සිනමාවේ සිටිමින් මට පවුලක් නඩත්තු කරන්නට නොහැකි බව මා වටහා ගන්නවා. මා ඉන් ඉවත් වෙනවා. ඉවත් වී මගේ ම කියලා ව්‍යාපාරයක් ආරම්භ කරනවා. සිනමාවේ මේ ඇතිවුණු අර්බුදයත් සමඟ සමහර නළුවන් විදෙස් ගතවෙනවා. මේ නිසා එදා හරිහමන් විදියට සිනමාව දිගින් දිගටම පැවතුණා නම් මා සිනමාවෙන් ඉවත් වන්නේ නැහැ. කොහොම වුණත් මට සිනමාවෙන් ඉවත් වීමට සිදුවීම ගැන සිතට දැනෙන්නේ දුකක්. ඔබ රඟපෑ නිර්මාණ ඉදිරියටත් පැමිණීමට නියමිතද? මීට අමතරව ‘අතුරු මිතුරු හරි අපූරු’, ‘අන්දුන් කුන්දුන්’ ඇතුළු චිත්‍රපට කිහිපයකට ම මා රංගනයෙන් දායක වුණා. ඉන් කිහිපයක් ඉදිරියේදි තිරගත වීමට නියමිතයි. ඒ වගේ ම මා රඟපෑ මේ චිත්‍රපටය හොඳ හාස්‍යොත්පාදක චිත්‍රපටයක් බවයි පැවසිය යුත්තේ. සිනමා රසිකයන්ට මා ආරාධනා කරන්නේ එහි නම පිළිබඳ නොසිතා චිත්‍රපටය නරඹන්න යන්නයි. ඔබගේ පවුලේ විස්තර පිළිබඳත් යමක් කියමු? මගේ බිරිය වියානි නානායක්කාරයි. මට ඉන්නේ එකම පුතෙකු පමණයි. ඔහු යසංජීව නානායක්කාරයි. මගේ සියලුම කටයුතුවලට උදවු කරන්නේ ඔවුන් දෙදෙනායි.
|