|
පොත්
‘කුවේණි - නාට්‍ය විමර්ශනය‘
සම්මානිත මහාචාර්ය රෝලන්ඩ් අබේපාලගේ නවතම කෘතිය ‘කුවේණි - නාට්‍ය විමර්ශනය‘ පසුගියදා පාඨකයා අතට පත්විය. හෙන්රි ජයසේනයන්ගේ ‘කුවේණි‘ නාට්‍ය පිළිබඳ විමර්ශනයක් ඇතුළත් ‘කුවේණි - නාට්‍ය විමර්ශනය‘ ග්‍රන්ථය නාට්‍ය හා රංග කලාව උගන්වන ගුරුවරුන්ට මෙන්ම විෂය හදාරන සෑම විද්යාර්ථිකයකුම කියවිය යුතු කෘතියකි. සුදු හාමිනේ
පහත් ගම ගම්මානයේ එක් සත්‍ය කතාවක් කේන්ද්‍ර කර ලියූ ‘සුදු හාමිනේ - 2‘ සෙනෙහසින් බැඳී සිටි පවුලක ශෝකාන්තයක් පාඨකයා වෙත ගෙනඑයි. පවුලේ වැඩිමලා විල්සන් අවංක යහපත් ගුරුවරයකු වුවද බිඳ වැටෙන විවාහය නිසා අසරණ වෙයි. සුසිලාගේ ආදරය අතහැරුණ ප්‍රේමයත් සමඟ ඈ දියුණුවෙන් දියුණුවට පත් වුවද බාල සහෝදරයා වූ රත්නසිරි නිවෙසේ මෙහෙකාරිය සමඟ ඇති කර ගන්නා ඇසුරින් පීඬාවට පත්වෙයි. බැංක නිලධාරියකු වූ රත්නසිරි තම පෙම්වතිය ජනිතාට වඩා ශාරිරිකව ළං වූ මෙහෙකාරිය නිසා ජීවිතයේ අවාසනාවන්ත ඉරණමකට මුහුණ දෙයි. මව්පියන්ගේ දැඩි සෙනෙහස නිසා ආදරය සෙනෙහස පූජා කිරීමෙන් නිමාවන ‘සුදු හාමිනේ‘ පවුලක බැඳීම මොනවාට පැහැදිලි කිරීමට දැඩි උත්සාහයක යෙදෙයි. මේ කෘතිය සරසවි ප්රකාශනයකි.
‘වරද මා අතමය‘
හේමන්ත අබේකෝන්ගේ ‘වරද මා අතමය‘ ප්‍රේමය ඉක්මවා යන මානුෂික හැඟීම් වටා ගෙතී ඇති නවකතාවකි. කර්තෘගේ ප්‍රථම නවකතාව වන ‘වරද මා අතමය‘ සරසවි ප්රකාශනයකි. රුසියානු විප්ලවයේ සියයට ගී සැඳෑවක්
රුසියන් විප්ලවයේ සියවැනි සංවත්සරය නිමිති කර ගනිමින් සංගීතමය සැඳෑවක් මේ මස 21 වැනිදා කොළඹ විහාර මහා දේවි උද්‍යාන පරිශ්‍රයේදී පැවැත්වේ. මෙහිදී අමරසිරි පීරිස්, ජගත් වික්‍රමසිංහ, සන්ධ්‍යා බුලත්සිංහල, ඉන්ද්‍රචාපා සහ සරත් ප්‍රනාන්දු ගී ගයනු ඇත. සංගීතය වික්ටහාරා සංගීත කණ්ඩායමෙනි.
රාජ්‍ය නාට්‍ය උලෙළ හෙට
2017 රාජ්‍ය නාට්‍ය උලෙළ හෙට (20 වැනිදා) පස්වරු 4.00ට කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වෙයි. අභ්‍යන්තර කටයුතු වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී නාවින් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත රාජ්‍ය ළමා නාට්‍ය උලෙළේදී සැප්තැම්බර් 22 වැනිදා සිට 29 දක්වා අවසන් වටයට තේරී පත්වූ නාට්‍ය සඳහා සම්මාන සහතික පත්, ජූරියේ විශේෂ ඇගයීම් සම්මාන පිරිනැමෙයි. ඒ අතරට වසරේ හොඳම පිටපත් රචනය, හොඳම නාට්‍ය නිෂ්පාදනය, හොඳම ළමා නාට්‍ය නළුවා, නිළිය, හොඳම සහය නාට්‍ය නළුවා , නිළිය, හොඳම නාට්‍ය නිර්මාණය, හොඳම අංගරචනය, හොඳම රංග වස්ත්‍ර නිර්මාණය, වේදිකා පසුතල නිර්මාණය, වේදිකා පරිපාලනය, රංගාලෝකය, රංග වින්‍යාසය යන අංශ ඇතුළත් වෙයි. |