|
ප්‍රතිචාර සඳහා නවතම අංකයක් 0728384283
සෙව්වන්දි රණතුංගටමිහිරි හඬකින් තම සංගීත ගමන ආරම්භ කර ඔබ තම කලා පවුලේ ජනප්‍රියත්වය ඉහළටම ගෙන යන බව සැබෑවක්ය. නිරංජලා සරෝජිනිගේ ගීත ගයනවිට ඔබට ද ඇත්තේ ඇයගේම හඬ බව පසක් වේ. සාර්ථක දිගු ගමනකට ආසිරි. සුනිල් බී. වේහැල්ල ප්‍රේම දඩයමේ මිහිරි ගීතයප්රේම දඩයම ටෙලි නාට්‍යයේ සිංහල තේමා ගීතය ඕලු වසන්ති, ප්‍රදීප් අශාන් ගයනා අයුරු ඉතාම මිහිරියි. ඔවුන් දෙපළට මගේ සුබ පැතුම්. ක්‍රිෂා ක්‍රිෂාන්ති ටයි මහතා සමරමුඅපට සිටි හොඳම චිත්‍රපට සංස්කරණ ශිල්පියා වන්නේ ටයිටස් තොටවත්තයන් ය. සිංහල සිනමාවට කරන ලද සේවය උදෙසා 1995 වසරේ සරසවිය රණ තිසර සම්මානයෙන් පිදුම් ලද එතුමා ඔෂින්, දොස්තර හොඳ හිත ආදි නිර්මාණ හඬකැවීම් අදියුරු කරමින් වටිනා හරබර නිර්මාණ රැසක් අප රටට දායාද කළේය. එතුමා අප හැර ගියේ 2011 වසරේ ඔක්තෝබර් 15 වැනිදා ය. ඩඩ්ලි ගෝමස් ප්‍රතිරූපයට හානිඉරුදින රාත්‍රී 9.30ට දෙරණ නාලිකාවේ රියලිටි වැඩසටහනක් ලෙසින් ගෙන එන කොමඩි සීසන් හි රැඟුම් ජුගුප්සාජනක බව නොකියා බැරිය. එහි රඟන නළු නිළියන්ගේ තමන් ගොඩනඟා ගත් ප්රතිරූපයන් විනාශ වී යන බවද කිව යුතුය. රේචල් සෝවිස් සොඳුරු යුවතියස්වාධීන රූපවාහිනි සේවයෙන් විකාශය වූ සසර සේයා ටෙලි නාට්‍යයේ හිමාෂි නම් සොඳුරු යුවතියගේ රංග ප්‍රතිභාවෙන් පුංචි තිරය වර්ණවත් විය. නව පරපුරේ දක්ෂතා තුළින් රංගනය ප්‍රකට කළ දෙව්මිණි රණවීර පුංචි තිරයේ පැහැබර අනාගතයක් ඇති දක්ෂ රංගන ශිල්පිනියකි. කුරුළු පිහාටු, හැන්දෑව වැනි ටෙලි නිර්මාණ ඔස්සේ උපරිම රංගනයන් දැක්වූ ඇයගේ ඉදිරි කලා කටයුතු සර්වප්රකාරයෙන් සාර්ථක වේවා යි රසික අප සුභාශිංසන කරමු. එච්. ඉන්ද්‍රපාල සුමිත් - මද්දහන විශිෂ්ට ජයනව පරපුරේ නළුවකු මෙන්ම නවක අධ්යක්ෂවරයකු වන සුමිත් රත්නායක නම් කලාකරුවා විසින් අධ්‍යක්ෂණය කළ මද්දහන ටෙලි නිර්මාණයට සුමති ටෙලි සම්මාන උලෙළේදී සම්මාන රැසකින් පිදුම් ලැබීම ඔහු ලද විශිෂ්ට ජයකි. අපෙන් සුබ පැතුම්. මැණිකේ විල්වල චන්දික ඔබට ජයචන්දික නානායක්කාර, ඔබ නපුරු පියෙකුගේ චරිතය ඉතාමත් තාත්විකව නිරූපණය කරයි. ආදරය ගින්දරක්, අමා හි විශ්ව කොඩිකාර විසින් ප්‍රති රංගනය ඉදිරිපත් කිරීමත් වෙනස්ම රංගනයක් තව දුරයි ජීවිතේ, ආවර්ජනා ඔස්සේ ඉදිරිපත් කිරීමත් අගය කළ යුතුය. ඔබ ඉතාමත් දක්ෂ රංගන ශිල්පියකු බව කිව යුතුය. ඔබට ජය. රංජනී අමරසිංහ සහේලි සදිත්මා පුංචි තරුවටබන්ධනය චිත්‍රපටයේ සුමනාගේ චරිතයට පණ දෙමින් රසික අප හද තුළ නොමැකෙන මතක සටහනක් තැබූ ළමා නිළි සහේලි සදිත්මා සතරසිංහ මෙවර සුමති ටෙලි සම්මාන උලෙළේ සම්මානයෙන් පිදුම් ලැබීම සතුටකි. ස්වර්ණවාහිණියේ විකාශය කළ තාරා ටෙලි නාට්‍යයේ තාරා ලෙස කළ රංගනය කාගේත් අවධානයට ලක් විය. සහේලි දියණියගේ කලා ලොවේ ගමනට සුබ පැතුම්. දයාරත්න ගනේගොඩ නන්දා මාලිනියට සුබ පැතුම්ප්රථමවරට සම්මාන ආචාර්ය උපාධියකින් පිදුම් ලද පළමු හෙළ ගායිකා නන්දා මාලිනියට සුබ පැතුම්. ඔබට දීඝායු. සුනිල් චන්ද්‍රසේකර සියපත් අරමස්වාධීන රූපවාහිනියේ විකාශය වන සියපත් අරම ටෙලි නාට්‍ය ඉතා ඕනෑකමින් වෙහෙස මහන්සි වී නිපදවා ඇති ලස්සන කතා මාලාවකි. මෙහි අධ්‍යක්ෂකවරයා, රංගන ශිල්පීන් ශිල්පිනියන්, කාර්මික කණ්ඩායම ඇතුළුව දායක වූ සියලු දෙනාට අපගේ උත්තමාචාරය. සරත් රණසිංහ රංගනයට හාස්‍යය එක් කළ ප්රෙඩීසිංහල සිනමාවේ රංගනයත් හාස්‍යයත් එක ලෙස වටහා ගත් දක්ෂ රංගන ශිල්පියෙකු වූ ප්‍රෙඩී සිල්වා මේ වන විට නැතත් ඔහු කළ සේවය අපට අමතක නැත. මෙතෙක් බිහි වූ චිත්‍රපට විශාල සංඛ්‍යාවකට දායකත්වය ලබා දී ඇති ඔහු ඒ සමඟ ගායනයෙන්ද දක්ෂතා දැක් වීය. මන්නාරම් පිටිවැල්ලේ හා තේ කූඩය පිටේ බැඳන් වැනි ගීත ද ගායමින් තම හැකියාවන් ප්‍රකට කළ ඔහු පිළිබඳ අගය අදට වඩා හෙට දැනෙනු ඇත. ප්‍රභාත් රාජපක්ෂ සිංහ සීවලිසිංහබාහු වේදිකාවේ සිංහ සීවලි එස්. ඒ ප්‍රේමලතා සතුටට කරුණවාසනාවට පිටපත් නැති බව කියූ අල්ලපු ගෙදර, සූර චෞරයා, සූරයන්ගෙත් සූරයා චිත්‍රපට ඩීවීඩී ලෙසින් නිකුත් වී තිබෙනවා. එය අපට සතුට ගෙන ආ කරුණකි. එම ඩීවීඩි නිකුත් කරන්න පියවර ගත් ආයතන වෙත අපගේ ස්තූතිය. ප්‍රේමසිරි නාරසිංහ සුමිහිරි ගී හඬජාතික තරුණ සේවා සභාව හරහා ගී ලොවට පිවිසි ගායන ශිල්පී මාධව ඉඳීකැටියගේ සුමිහිරි ගී හඬ කලකට පෙර මාධ්‍ය මඟින් ප්‍රචාරය විය. ඔබගේ ගී හඬ සදා අමරණීය යි. කැසට් පටයකින් ඔබේ ගී හඬ අවදි කරන්නේ නම් මහත් භාග්‍යයකි. මනහර මහින්ද වෑකඩ සුමිත් ඔබට සුබ පැතුම්සුමිත් රත්නායක ඉඹුල්ගොඩ අබේසිංහ අශෝක සෙනෙරත්මුදලිට රසික තුතිසිනමා සක්විති ගාමිණි ෆොන්සේකාගේ 13 වැනි ගුණානුස්මරණය වෙනුවෙන් නාට්‍යවේදි අශෝක සෙනෙරත්මුදලි විසින් සංවිධානය කළ ලේ දන් දීමේ පිංකමට රසික අපගේ ස්තූතිය. අතුල රම්‍යසිරි හිත හොඳ නිළිය උදය කුමාරි රණසිංහදශක දෙකකට අධික කාලයක් පුංචි තිරයේ වේදිකාවේ, සිනමාවේ රඟනා ඔබ සත්‍ය වශයෙන්ම දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියකි. ඒ සැමටත් වඩා ඔබ රසික ලොව මෙන්ම කලා ලොවේ ද හිත හොඳ ගුණ දම් හඳුනන සුහද හදක් ඇති කලාකාරිණියකි. අපේ ප්‍රවීණ නිළි මානෙල් වානගුරුගේ නවතම නිර්මාණය ස්ටෙලා සැට්වෙලා නම් වේදිකා නාට්‍යයේ ඔබේ රංගනය ඉතා දක්ෂ අයුරින් ඉටු කරන බව කියමි. ඒ වෙනුවෙන් අපේ සුබ පැතුම්. ලක්ෂ්මන් රණසිංහ සිංහල සිනමාවේ ප්රතාපවත් ලැඩීප්රේම නගරය, රම්‍යලතා, සූරයා, සූරසේන, සුකුමලී, දුප්පතාගේ දුක වැනි චිත්‍රපටවල ඔබ පෑ දස්කම් අපට අමතක නොවේ. ඔබ නාමය සදා අමරණීය යි. රත්නසිරි අමරසේකර සෝරත පොඩි හාමුදුරුවනේසොර සතුරෙකුට ගන්නට බැරිලු ඉගෙනුම ආර් ඒ සෝමා රණසිංහ |