|
පබ්ලිසිටි තබා පෝස්ටරයක් ගහ ගන්නවත් වෙලාවක් තිබුණේ නැහැසෙල්ලම් නැත්නම් ලෙල්ලම් නිපද වූ මංගල මඩුගල්ල
මං විතරක් නෙවෙයි. ක්ෂේත්රයට එන නිෂ්පාදකවරු බොහොමයක් ඔය තත්ත්වයට මුහුණපාන්න වෙනවා. උගුරට හොරා බෙහෙත් බොන්න බෑ වගේ තමයි අර්බුද වලට මුහුණ නොදී චිත්‍රපට දර්ශණය කරන්න බැහැ.
මංගල මඩුල්ල ස්්තූතියි නැවත එන්න සිනමාටපය නිෂ්පාදනය කරමින් ක්ෂේත්රය තුළ හොඳ නමක් ගොඩ නගාගත්තේය. ඔහුගේ දෙවැනි සිනමා නිෂ්පාදනය සෙල්ලම් නැත්නම් ලෙල්ලම් මේ දිනවලදී ශාලා අතළොස්සක තිරගත වේ. ස්තූතියි නැවත එන්න සිනමාපටය හා නොසැසඳුණත් සෙල්ලම් නැත්නම් ලෙල්ලම් යම් මට්ටමක පවතින ප්‍රහසනාත්මක සිනමාපටයක් ලෙස හඳුන්වාදීමට පුළුවන. අයථා අන්දමින් මුදල් උපයන පුද්ගලයන් දෙදෙනෙකු වටා මෙම සිනමාපටයේ කතා පුවත නිර්මාණය වී තිබේ. මෙහි නිෂ්පාදක මංගල මඩුගල්ල සරසවියට ගොඩ වැදුණේ යම් අවනඩුක්ද සමඟිනි. බොහෝ නිෂ්පාදකවරු චිත්‍රපටය තිරගත කරගෙන ඇත්තේ ප්‍රශ්න රැසක් මධ්‍යයේය. ඔහු පළමුව කතා කළේ ද ඒවා ගැනය. මංගල චිත්‍රපට ක්ෂේත්රයේ අර්බුදවලට ඔබත් හසු වුණා නේද? මං විතරක් නෙවෙයි. ක්ෂේත්රයට එන නිෂ්පාදකවරු බොහොමයක් ඔය තත්ත්වයට මුහුණපාන්න වෙනවා. උගුරට හොරා බෙහෙත් බොන්න බෑ වගේ තමයි අර්බුද වලට මුහුණ නොදී චිත්‍රපට දර්ශනය කරන්න බැහැ. සෙල්ලම් නැතිනම් ලෙල්ලම් ඔබේ දෙවැනි චිත්‍රපටය. නිර්මාණය කොට කොපමණ කලක් ගත වුණාද එය තිරගතවන්න? අවුරුදු හතරක් පමණ. සෙන්සර් කරලා අවුරුදු දෙකයි. එපමණ කල් මොකද කළේ? අපි සර්කිට්වලට පෙන්නුවා. ඇතැම් පිරිස් දින පවා දුන්නා. එන්න එන්න මගේ චිත්‍රපට කල් ගියා. අනෙක් චිත්‍රපට පෝලිමෙන් පැන ප්‍රදර්ශනය වුණා. ඔබ බැරිම තැන රිත්මා මණ්ඩලයේ ශාලා කිහිපයක පමණක් චිත්‍රපටය ප්‍රදර්ශනය කළේ? ඔව්. ඔය චිත්‍රපට සංස්ථාවට ගෑටුව අවස්ථා අපමණයි. එක්තාර ගමනකදී මගේ සහාය අධ්යක්ෂ කීර්තිට කිව්වා මේ පාර නම් හිස් අතින් හැරිල එන්න වුණොත් මං සංස්ථාවේ වහලයට නැගලා උපවාස කරනවා කියලා. රිත්මා මණ්ඩලයේ ශාලා කීයක් ඔබගේ චිත්‍රපටයට වෙන්වුණාද? හතක් පමණ. ඒවායින් කිහිපයක් අපිට ෂෝටයිම් තුනක් දුන්නා. මෙහෙම හිටියා වගේ තව ටික කාලයක් ඉවසලා මණ්ඩලයක ශාලා සියල්ලේම චිත්‍රපටය රිලීස් කරන්න තිබුණා නොවෙද? කොහෙ ඉන්නද, මේ වන විට චිත්‍රපට කෙරුවාව නිසා මං ණය වෙලයි ඉන්නේ. ඉක්මනට ඒ ණය පියවන්න ඕනෑ. එහෙම හිතාගෙනයි චිත්‍රපටය රීලීස් කළේ. සෙල්ලම් නැත්නම් ලෙල්ලම් නමින් චිත්‍රපටයක් රිලීස් වුණා කියලා බහුතරයක් දන්නේවත් නැහැ. ඒක වුණේ මෙහෙමයි. බදාදා කිව්වා එන සෙනසුරාදා ෆිල්ම් එක රිලීස් කරන්න ලැහැස්ති කර ගන්න කියලා. මොනවාවත් කරගන්න වෙලාවක් තිබුණේ නැහැ. තව මොනවා බල බල ඉන්නද කියලා හිතලා කියපු දිනයට ෆිල්ම් එක රිලීස් කළා. අඩුම තරමේ පෝස්ටරයක් ගහන්නවත් ටයිම් එකක් තිබුණේ නැහැ. එහෙම චිත්‍රපටය රිලීස් කරලා වැඩක් තියෙනවද? ඇත්තටම වැඩක් නැහැ. නමුත් කරන්න දෙයක් නැහැ. දැන් දැන් පබ්ලිසිටි පටන් අරගෙන තිබෙනවා. කොහොමෙද දැන් චිත්‍රපටයේ තත්ත්වය? සැලකිය යුතු මට්ටමකින් චිත්‍රපටය තිරගත වෙනවා. ගම්පහ හෝල් එකේ විතරක් හොඳ ආදායමක් එහෙම තියෙනවා. බලමුනේද ඉදිරියට. මේ චිත්‍රපටයේ අධ්යක්ෂවරයා තිස්ස ඩයස් කෝ? ඔහු අසනීප වුණානේ. දැන් ටිකක් හොඳයි. තිස්සගෙත් මේ පළමු චිත්‍රපටය. ඒක තිරගත නොවීම නිසා ඔහු මානසික පීඩනයකට ලක්වෙලයි හිටියේ. මේ වන විට ඔහු සතුටු වෙනවා චිත්‍රපටය රිලීස් කිරීම නිසා. මේ චිත්‍රපටයට මුලින් දාලා තිබුණේ අබා සහ කොබා යන නම නේද? ඔව්. ඒ වෙලාවේ ජැක්සන් ඇන්තනි මහත්මයා අපට කතා කරලා ඉල්ලිමක් කළා. අබා කියන නම වෙනස් කර ගන්න කියලා. මොකද ඔහුගේ චිත්‍රපටයක් තිබුණනේ එනමින්. ඉතින් අප ඔහුගේ කීමට ගරුකොට චිත්‍රපටයේ නම සෙල්ලම් නැත්නම් ලෙල්ලම් ලෙසට මාරු කළා. ඔබ වරෙක පැවසුවා චිත්‍රපට නිෂ්පාදනය නිසා ඔබ ණය කාරයකු වුණා කියලා. එහෙව් තත්ත්වයක් මත මේ ෆිල්ම් කෙරුවාව එපා වෙන්නේ නැතිද? කොහෙත්ම නැහැ. එහෙනම් මං මේකෙන් අයින් වෙලා ගොඩක් කල්. චිත්‍රපට කරන්නේ සල්ලි බලාගෙන නෙවෙයි. කලාවට මං හරිම ආදරෙයි. ඒ කලාවේ පැවැත්ම උදෙසායි මං නිර්මාණකරණයේ යෙදෙන්නේ. ඔබ චිත්‍රපට කිහිපයක රංගනයේ යෙදුණා න්ද? දැන් රඟපාන්න බැහැ බැහැ වගේ. නිෂ්පාදකවරයකු හැටියටම කටයුතු කරනවා. ඔබේ ඊළඟ නිර්මාණය කුමන අන්දමේ එකක් වේවිද? විද්‍යා ප්‍රබන්ධයක් තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහි මූලික වැඩ කටයුතු ආරම්භ කළා. චන්දන වීරසිංහ මහත්මයා තමයි එය අධ්‍යක්ෂණය කරන්නේ. අවසන් කොට මොනවාද කියන්න තියෙන්නේ? මට උදව් කළ හැමෝම මං නිරන්තරයෙන් මතක් කරනවා. තිස්ස නාගොඩවිතාන, උදයකුමාර් චිත්‍රපට සංස්ථාවේ චන්දන මහතා, ප්‍රවීන් ජයරත්න, බණ්ඩාර මඩුගල්ල, ගාමිණී ප්‍රනාන්දු, ප්‍රේමරත්න මහතා, හෝල් අජිත් අනිල් රණතුංග යන අයට මං බෙහෙවින් ස්තුති කරනවා කියලයි අවසන් කොට කියන්න තියෙන්නේ.
|