|
හොලිවුඩ් බෞද්ධයෝ
සාරා ජෙසිකා පාකර් මේ ලයිස්තුවේ සිටින මීළඟ නිළියයි. උපතින් යුදෙව්වෙකු වන ඇය මුළුමනින්ම බෞද්ධ නොවන අතර යුදෙව්-බෞද්ධ නමින් හැඳීන්වෙන සමූහයට අයත් වනවා. ප්‍රවීන සටන් නළු ස්ටීවන් සීගල් ද ටිබෙට් බුදු දහම අනුගමනය කරන්නෙක්. වරෙක ටිබෙට් ලාමා වරයෙකු වූ පෙනෝ රින්පොචේ විසින් සීගල් පුනරුත්පත්තිය ලැබූ ලාමා වරයෙකු බවට සඳහන් කෙරී ඇති අතර, මේ නිසා ඇමෙරිකාවේ වෙසෙන බෞද්ධාගමිකයින් අතර නොසන්සුන්කමක් ද හටගත් බව කියවේ.
බොහෝ හොලිවුඩ් නළු නිළියන් ඉතා කාර්යබහුල පුද්ගලයින් බව අමුතුවෙන් කිව යුතු වන්නේ නැහැ. ජීවිතය කාර්යබහුල වන විට මානසික පීඩනයත් ඒ සමඟම අත්වැල් බැඳගෙන පැමිණෙන බව අප සියලු දෙනාම අත්දැකීමෙන්ම දන්නා දෙයක්. නමුත් මේ පීඩනයෙන් මඳකට හෝ ඈත්ව තම ජීවිතයට සැහැල්ලුව ගෙන දෙන්නට බොහෝ ප්‍රවීණ හොලිවුඩ් නළු නිළියන් සොයා යන්නේ බෞද්ධ දර්ශනය බව නම් ඔබ නොදන්නා දෙයක් විය හැකියි. විශේෂයෙන්ම ටිබෙට් සහ සෙන් බෞද්ධ දර්ශනයන්හි සරල - සැහැල්ලු බවට මොවුන් බොහෝ දෙනා ඇදී ගොස් ඇති බව පෙනේ. මේ සටහන බෞද්ධ දර්ශනය අනුගමනය කරන ප්‍රවීණ හොලිවුඩ් නළු නිළියන් ගැනයි. මේ වනවිට එකිනෙකාගෙන් දුරස් වී සිටියද ඇන්ජලීනා ජොලි සහ බ්‍රැඩ් පිට් හොලිවුඩයේ සිටින ජනප්‍රියතම තරු යුවලක්. සිය කාම්බෝජියානු දරුවා වන මැඩොක්ස් නිසා බෞද්ධ දර්ශනය වෙත නැඹුරු වුණු මේ යුවල බෞද්ධ පන්සල් වල නිතර දකින්න ලැබෙන බව කියවෙනවා. ඇන්ජලීනා බෞද්ධ ගාථාවක් පවා සිරුරේ කොටාගෙන සිටින බවත් සඳහන්. සුප්‍රකට ගායිකාවක මෙන්ම නිළියක වන ටීනා ටර්නර් ද මේ ලැයිස්තුවේ මුලින්ම සිටින අයකු වේ. යුදෙව් පරිසරයක හැදී වැඩුනද, 'මූලධර්මවාදිනියක්' බව කියවෙන, සම්මානනීය නිළියක වන කේට් හඩ්සන් සිය මව්ගෙන් බෞද්ධ ධර්මය ගැන උගත් බව කියවෙනවා. සියල්ලන්ටම පොදු ධර්මතා වන, ආදරය - සිත් බිඳීම්, සතුට - වේදනාව ආදීනට මුහුණදීමේදී උපේක්ෂාවෙන් කල් ගෙවීමට පුහුණු කරන දෙයක් බවත් ඇය පවසනවා. 'ලෝඩ් ඔෆ් ද රිංග්ස්' චිත්‍රපට මාලාවේ දුනුවායා ලෙසින් කැපීපෙනෙන චරිතයකට පණ පෙවන ඕලන්දෝ බ්ලූම් පවසන්නේ තමා බෞද්ධ දර්ශනය වෙත නැඹුරු වූයේ තරුණ වියේදීම බවයි. ඕලන්දෝ මහායාන දර්ශනයේ අනු ශාඛාවක් වන 'නිචිරෙන්' බෞද්ධාගම වැළඳගත්තෙක්. ඔහු සේම වරෙක ඔහුගේ පෙම්වතියව සිටි හොලිවුඩ් නිළි කේට් බොස්වර්ත්ද බෞද්ධයකු වන බව සඳහන්. පෙර ආත්ම භව ගැන විශ්වාස කරන තවත් ආගමක් වන 'සයන්ටෝලෝගී' දැක්මත් හොලිවුඩයේ ජනප්‍රිය දහමක්. වරෙක මේ ආගමේ අනුගාමිකයෙක්ව විසූ ප්‍රවීන නිළි ශරෝන් ස්ටෝන් ද මේ වන විට ටිබෙට් බෞද්ධයෙක්. ඇය බුදු දහම වැළඳගත්තේ තවත් ප්‍රවීන නළුවකු වන රිචර්ඩ් ගියර් ගේ මඟපෙන්වීමෙන් බවයි කියවෙන්නේ. රිචඩ් ගියර් පළමුව සෙන් බුදුදහම අධ්‍යයනය කළ බවත් පසුව, වයස අවුරුදු 29 දී නේපාලයේ කළ සංචාරයකදී ඔහුට දලයි ලාමාතුමා මුණගැසීමට හැකිවුණු අතර සිය බෞද්ධආගමික නැඹුරුතාව ඉන් බොහෝ වර්ධනය වූ බවත් පවසනවා. දලයි ලාමා තුමාගේ ක්‍රියාකාරී අනුග්‍රාහකයෙක් වන ගියර් ටිබෙට් රජයේ ප්‍රධාන මූලස්ථානය වන 'ධර්මශාලා' වෙත නිරන්තරයෙන් සංචාරයේ යෙදෙන බවත් ආරංචියි. සාරා ජෙසිකා පාකර් මේ ලයිස්තුවේ සිටින මීළඟ නිළියයි. උපතින් යුදෙව්වෙකු වන ඇය මුළුමනින්ම බෞද්ධ නොවන අතර යුදෙව්-බෞද්ධ නමින් හැඳීන්වෙන සමූහයට අයත් වනවා. ප්‍රවීන සටන් නළු ස්ටීවන් සීගල් ද ටිබෙට් බුදු දහම අනුගමනය කරන්නෙක්. වරෙක ටිබෙට් ලාමා වරයෙකු වූ පෙනෝ රින්පොචේ විසින් සීගල් පුනරුත්පත්තිය ලැබූ ලාමා වරයෙකු බවට සඳහන් කෙරී ඇති අතර, මේ නිසා ඇමෙරිකාවේ වෙසෙන බෞද්ධාගමිකයින් අතර නොසන්සුන්කමක් ද හටගත් බව කියවේ. තවත් සටන් නිළියක් වන උමා තර්මන් බෞද්ධ දර්ශනයට නැඹුරු වූයේ සිය පියා නිසා බව කියවෙනවා. ඇයගේ නම වන 'උමා තර්මන්' යන්න පවා 'මධ්‍යම ප්‍රතිපදාව' යන තේරුම ඇති, '(ඩ්බ්) උමා චෙන්පෝ' යන ටිබෙට් වචනයෙන් සැදුනක්. ප්‍රවීන නිළි කීනු රීව්ස් බුදු දහම වැළඳගත්තකු ලෙස ප්‍රකට වුවද එය එතරම්ම නිවැරදි නොවන බව සඳහන්. කෙසේ වෙතත් ඔහු බෞද්ධ ඉගැන්වීම් වලට තදින් නැඹුරුවී ඇති බව නම් සත්‍යයක්. ශාන්ත - තියුණු පෙනුමක් දායාද කරගෙන සිටින කීනු 1993 වසරේ තිරගත වුණු 'ලිට්ල් බුද්ධ' නම් චිත්‍රපටයේ ගෞතම බුදුන් ගේ චරිතයට පණ පෙවූ බව නම් මෙහිලා විශේෂයෙන් සටහන් කළ යුතුය.
|