වර්ෂ 2016 ක්වූ  ඔක්තෝම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




අතේ රුදාව

අතේ රුදාව

ජනප්‍රිය ගායිකා චන්ද්‍රිකා සිරිවර්ධන මේ දිනවල ගත කරන්නේ තරමක කනගාටුදායක ජීවිතයක්. ඒ ඇගේ ආදරණීය සැමියා ප්‍රවීණ මාධ්‍යවේදී ඇන්ටන් අල්විසුත් සදහටම සමුගත් හෙයින් ඒ අතරේ ඇයගේ තමන්ගේ අතේ අමාරුවකුත් හැදිලා. ඒ තැල්ම තවමත් සුව අතට හැරිලා නෑ. ගමනක් යන අතරතුරදී සෙරෙප්පුව පැටලී බිම ඇද වැටීමෙනුයි චන්ද්‍රිකාගේ දකුණු අතේ තැල්මක් හට ගත්තේ.

වාසනාවට ඇගේ අත කැඩුණේනම් නැහැ. ඒත් කාලයක් ගත වුණත් අතේ තැල්මෙ අඩුවක් නම් නැතිලු. ඒ වුණත් සුපුරුදු පරිදි තම සංගීත පංති වගේම කලා කටයුතුවල නියැලෙනවා. ඉක්මනින් සුවය ලබන්නයි ඇගේ එකම ප්‍රාර්ථනාව.