|
|
Itn Saturday Night Movie
අමෙරිකානු තිරරචකයකු සහ අධ්යක්ෂවරයකු වන ස්ටෙෆන් ගැඝාන් විසින් අධ්‍යක්ෂණය කෙරුණු Gold චිත්‍රපටය 1993 වසරේදී රන් ආකරයක සිදු වූ සත්‍ය සිදුවීමක් ගෙන එනවා. කෙසේ නමුත් නීතිමය හේතු නිසා අදාළ සිදුවීමේ චරිත සහ ඇතැම් තොරතුරු චිත්‍රපටයේදී වෙනස් වී ඇති බවත් සඳහන්. Gold චිත්‍රපටයෙන් කියන්නේ, ඉන්දුනීසියාවේ කිසිවෙකුගේ ඇස නොගැටුණු කැළයක තිබෙන රත්රන් නිධියක් පිළිබඳ තතු දැන ගන්නා එක්තරා ව්‍යාපාරිකයකු ඔහු වැනිම වූ තණ්හාධික භූවිද්‍යාඥයකු සමඟින් මෙම රන් නිධිය ලබා ගැනීමට යන පුදුම සහගත ගමනක් ගැනයි. මේ දෙදෙනාට රත්රන් නිධිය ලබා ගැනීම පහසු එකක් වුවත් එම රත්රන් තමන් සන්තකයේ තබා ගැනීම නම් සිතන තරම් පහසු නොවන බව පෙනේ. පසුගිය 2016 වසරේ දෙසැම්බර් 30 වැනිදා අමෙරිකාවේ විශේෂ දර්ශන කිහිපයකට සීමා වූ Gold ලොව පුරා ප්‍රදර්ශනය කෙරුණේ මේ වසරේ ජනවාරි 27 වැනිදා සිටය. එය මෙවර ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උලෙළේ හොඳම ගීතය වෙනුවෙන් නාමයෝජනා අතරට ඇතුළත් විය. මැතිව් මැක්කොනගේ, එඩ්ගා රමීර්ස්, බ්රේස් ඩලස් හොවාර්ඩ්, කොරේ ස්ටෝල්, ටෝබි කෙබ්ල්, ක්‍රෙග් ටී නෙල්සන් ඇතුළු පිරිසක් Gold හි රංගනයෙන් දායක වෙති.
|




ස්වාධීන රූපවාහිනියේ සති අන්තයේ සිනමා පෙළ ගැස්මේ ලබන 07 වැනි සෙනසුරාදා රාත්‍රී
10.30ට විකාශය කිරීමට නියමිතව ඇත්තේ අපරාධමය කතාපුවතක් ගෙන එන Gold චිත්‍රපටය යි.
