|
|
සයිෆ්ගේ සූප ශාස්ත්‍ර තිරයට
හින්දි බසින් නිර්මාණය කෙරුණු Chef ප්‍රධාන චරිතය හෙවත් රෝෂන් කල්රාගේ චරිතයට පණ පොවන්නේ සයිෆ් අලී ඛාන් විසින්. මෙහිදී ඔහුගේ චරිතය සූපවේදියකු සේම හොඳ පියෙකුගේ භූමිකාවත් ලෙසින් විශේෂ වෙනවා. ඒ නිසාම රෝෂන් කල්රා නව කෑම වර්ග අත්හදා බලන දක්ෂ සූපවේදියකු සේම හැඟුම්බර පියෙකුද වෙනවා. එහිදී ඉංග්‍රීසි චිත්‍රපටයට වඩා හින්දි චිත්‍රපටය තුළ පිය පුතු සබඳකමට වැඩි ඉඩක් වෙන් වී ඇති බවත් ආරංචියි. මෙහි රෝෂන් කල්රාගේ පුත්‍රයාගේ චරිතයට පණ පොවන්නේ, ස්වාරි කම්බ්ලේ විසිනි.
මෙය 2014 වසරේ තිරගත කෙරුණු අමෙරිකානු හාස්‍යමය චිත්‍රපටයක් වන Chef චිත්‍රපටයේ නිළ ප්‍රතිනිර්මාණයක්. එහි කතාව සැකෙවින් මෙසේ ය. කාර්ල් කැස්පර් නම් සූපවේදියා නව කෑම වර්ග අත්හදා බලන්නත් අන් අය වෙත එම ආහාර පිළිගන්වමින් ඒවායේ රස ඔවුන් සමඟින් බෙදා හදා ගන්නත් බෙහෙවින් ප්‍රිය කරන්නෙක්. නමුත් ඔහු සේවය කරන සුප්‍රසිද්ධ අවන්හල් හිමියා කාර්ල්ගේ මෙම වැඩපිළිවෙලට තදින්ම විරුද්ධත්වය දක්වන අතර ලොස් ඇන්ජලීස් නුවර ඉහළ කීර්ති නාමයක් හිමි තම අවන්හලේ නියමිත ආහාර වට්ටෝරු පමණක් පිළිගැන්වීම ඔහුගේ නියෝගය වේ. මේ හේතුවෙන් තම සේවය තුළ දැඩි පීඩනයට පත් වන කාර්ල් තීරණය කරන්නේ, මෙම අවන්හලේ සේවයට සමු දෙන්නයි. වෙනත් අයෙකු යටතේ කිසි දිනෙක තමන්ට වුවමනා දේ කළ නොහැකි බව තේරුම් ගෙන මයාමි බලා පිටත්වන කාර්ල් තීරණය කරන්නේ, සිය පැරණි බිරිය, පුතු සහ හොඳම මිතුරා සමඟින් අවන්හලක් ආරම්භ කිරීමටයි. එලෙසින් කාර්ල් ජංගම අවන්හලක් පැරණි ලොරි රථයක් තුළ ආරම්භ කරනවා. කාර්ල්ගේ සිහිනය වන්නේ නගරයෙන් නගරයට ගොස් තම නව කෑම වර්ගවල රස සියලු දෙනා සමඟින් බෙදාහදා ගැනීමයි.
මීට පෙර ඔහු විසින් වෘතාන්ත චිත්‍රපට දෙකක් අධ්‍යක්ෂණය කළා. 2009 වසරේදී Barah Aana චිත්‍රපටයත් 2016 වසරේදී Airlift චිත්‍රපටයත් ඔහුගේ සිනමා අධ්‍යක්ෂණයන්. අක්ෂේ කුමාර් රංගනයෙන් දායක වූ 1990 වසරේ සිදු වූ සත්‍ය සිදුවීමකින් නිර්මාණය කෙරුණු Airlift විචාරක පැසසුම් ඉහළින් ලද සාර්ථක ආදායම් වාර්තා තැබූ චිත්‍රපටක් බවට පත් විය. Chef රාජා ක්‍රිෂ්ණාගේ තෙවන සිනමා අධ්‍යක්ෂණය වන අතර තිරරචනයටද ඔහුගේ දායකත්වය හිමි විය. හින්දි බසින් නිර්මාණය කෙරුණු Chef ප්‍රධාන චරිතය හෙවත් රෝෂන් කල්රාගේ චරිතයට පණ පොවන්නේ සයිෆ් අලී ඛාන් විසින්.
මෙහි රෝෂන් කල්රාගේ පුත්‍රයාගේ චරිතයට පණ පොවන්නේ, ස්වාරි කම්බ්ලේ විසිනි. සයිෆ් සමඟින් මෙහි කාන්තා ප්‍රධාන චරිතයට පණ පොවන්නේ පද්මප්‍රියා ජනකිරාමන්. ඇය ද දකුණු ඉන්දීය සම්මානනීය නිළියක මෙන්ම සාම්ප්‍රදායික භරත නර්තන ශිල්පිණියකද වෙනවා. මලයාලම්, බෙංගාලි, තෙළිඟු, කණ්ණඩ, දෙමළ සහ හින්දි චිත්‍රපට වෙනුවෙන් පද්මප්‍රියා දායක වී තිබෙනවා. Chef හින්දි ප්‍රතිනිර්මාණය තුළ පැරණි බස් රථයක ඉදිවෙන ජංගම අවන්හලේ ගමනේදී යම් පමණකට ඉන්දියාවේ විවිධ වූ සංස්කෘතින් ස්පර්ශ කෙරෙන බවත් බොලිවුඩ් ආරංචි ගෙන එනවා. සයිෆ් අලී ඛාන් සූපවේදි චරිතයක් නිරූපණය කරන දෙවැනි අවස්ථාව මෙය වන අතර මීට පෙර ඔහු Salam Namaste චිත්‍රපටයේද සූපවේදි චරිතයකට පණ පෙව්වා. සයිෆ්ගේ වැඩි කැමැත්ත දකුණු ඉන්දීය කෑම වර්ග සහ පැස්ටාවලට බවත් Chef චිත්‍රපටය නිසාම ඔහු ඉවුම් පිහුම් වැඩ පුරුදු පුහුණු වු බවත් ආරංචියි. 2013 වසරේ අචජඥ 2 චිත්‍රපටයෙන් පසු සයිෆ්ගේ චිත්‍රපට කිසිවක් එතරම් සාර්ථකත්වයක් හිමිකර ගන්නට සමත් වුණේ නැහැ. මෑතකදී තිරගත කෙරුණු අචදඨධධද පවා වියදමේ පමණට ආදායම් වාර්තා කරන්න අසමත් වුණා. ඒ නිසා මෙම චිත්‍රපටය බොක්ස් ඔෆිස් වාර්තා තැබිය යුතු බව සයිෆ්ගේ අදහසයි. එය ද අසාර්ථක වුවහොත් තම වෘත්තිය මෙන්ම තරුවක් ලෙසින් තම ප්‍රතිරූපයටත් යම් බලපෑමක් සිදු වන බව ඔහු පසුගිය දිනෙක පවසා තිබුණා. නමුත් එයින් තම ආත්ම ශක්තියට බලපෑමක් කළ නොහැකි බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
|





සූපවේදියෙකුගේ ජීවිත කතාවක් වටා ගෙතුණු අපූරු සිනමා නිර්මාණයකට බොලිවුඩ් රිදී තිරය
සැදි පැහැදී සිටින වගයි. ඒ සමඟින් හෙට (ඔක්තෝබර් 06) සිට ඉන්දියාව ඇතුළුව ලොව පුරා
Chef හින්දි චිත්‍රපටය තිරගත කරන්න සූදානම්.
මෙහි හින්දි ප්‍රති නිර්මාණය අධ්‍යක්ෂණය කෙරුණේ රාජා ක්‍රිෂ්ණා මෙනොන් විසින්. ඔහු
වෙළෙඳ දැන්වීම් ඔස්සේ සිනමාවට පිවිසි අධ්‍යක්ෂවරයෙක්.
මෙහිදී ඔහුගේ චරිතය සූපවේදියකු සේම හොඳ පියෙකුගේ
භූමිකාවත් ලෙසින් විශේෂ වෙනවා. ඒ නිසාම රෝෂන් කල්රා නව කෑම වර්ග අත්හදා බලන දක්ෂ
සූපවේදියකු සේම හැඟුම්බර පියෙකුද වෙනවා. එහිදී ඉංග්‍රීසි චිත්‍රපටයට වඩා හින්දි
චිත්‍රපටය තුළ පිය පුතු සබඳකමට වැඩි ඉඩක් වෙන් වී ඇති බවත් ආරංචියි.