|
සුනේත්‍රා සරච්චන්ද්‍ර කීත් රංග එක්කොට ඇමරිකාවේදී චිත්රපටයක්භද්රජි මහින්ද ජයතිලක
රාමායනය එක කතාවක් කියනවා. අපි තවත් එකක් කියනවා. මෙතන ප්‍රශ්න ඇති වේවිද කියලාත් ඇතැම් අය ප්‍රශ්න කරන්න පුළුවන්. ඉන්දියානුවන් මෙතැනදී රාම දෙවි කෙනෙකු බවට පත් කරනවා. හනුමාන් ද දේවත්වයට පමුණුවනවා. අපේ රජු යකෙක් බවට පත් කරනවා. ඒ විතරක් නෙවෙයි අවුරුදු පතා ඔහු ගින්නෙන් පුළුස්සා දමනවා. ඔවුන් එහෙම කළාට ඇයි අපි බය වෙන්නේ.
භද්‍රජි මහින්ද ජයතිලක යනු ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ කලාවට එක් වූ සුවිශේෂ කලාකරුවෙකි. කෙටිකතා, වේදිකා නාට්‍ය, ටෙලි පිටපත්, ගුවන්විදුලි නාට්‍ය, පරිවර්තන, සාහිත්‍ය කෘති, පර්යේෂණ ග්‍රන්ථ මෙන්ම ගී රචනයෙහිද ගී තනු නිර්මාණයෙහිද ප්‍රවීණයෙකි. ජනප්‍රිය ගායකයෙක්, රංගන ශිල්පියෙක් පමණක් නොව හේ චිත්‍ර ශිල්පියෙකුද වන්නේය. හෙතෙම තවත් වරෙක වෙදදුරෙකු වන්නේ මිනිස් සිතේ චක්‍ර මුදා හැරීම තුළින් වන ශක්තියෙන් රෝගී වූවන්ට සුවය ලබා දෙමිනි. අමෙරිකා එක්සත් ජනපදයේ පදිංචි භද්‍රජි මහින්ද එහි චිත්‍රකරණය සහ නාට්‍යකරණය පිළිබඳ විශ්වවිද්‍යාල ආචාර්යවරයකු ලෙසින්ද කටයුතු කරන අතර පසුගිය සාහිත්‍ය මාසයේ විශේෂ කාරණා කිහිපයක් නිසා ලංකාවට පැමිණියේය.
ඔබ කාලයක් පුරා ජීවත් වෙන්නේ අමෙරිකා එක්සත් ජනපදයේ. එහි පදිංචිය ගැන විස්තර කියමින් අපේ කතාබහ ආරම්භ කරමු? මම අමෙරිකා එක්සත් ජනපදයේ පදිංචියට ගියේ 1973 වසරේදීයි. ලොස් ඇනජලීස් නගරයෙන් ටිකක් එහා පිහිටි හෙමට් නම් කුඩා නගරයේ තමයි මගේ පදිංචිය. ඒක ඉතාම සුන්දර නිම්නයක්. සතියකට දවස් කිහිපයක් විශ්වවිද්‍යාල දේශන වෙනුවෙන් කාලය වෙන්වෙනවා. ඊට අමතරව මගේ පෞද්ගලික පන්තියකුත් පවත්වා ගෙන යනවා. අනිත් වෙලාව මගේ ලියකියවිලි වැඩ වෙනුවෙන් තමයි වෙන් කරලා තියෙන්නේ. මෙවර ලංකාවට එන්න විශේෂ වූ හේතුවක් ඇති? මම ලංකාවට ආවේ පසුගිය සැප්තැම්බර් 06 වෙනිදා. මෙවර ලංකාවට එන්න විශේෂ හේතු කිහිපයක්ම තිබුණා. එකක් මගේ පොත් තුනක් නිකුත් කිරීම. අනිත් විශේෂ කාරණාව මගේ නවතම නාට්‍ය නිර්මාණය යි. ඒ වගේම හන්තාන කඳු මුදුනේ නිර්මාණය කළ මගේ පිළිරුව විවෘත කිරීමත් විශේෂයි. නවතම කෘති ත්‍රිත්වය ගැන මුලින්ම දැන ගන්න කැමැතියි? පළමු වැන්න, 'බළකොටු සහ නෞකා' කෘතිය ලංකාවට පෘතුගීසින්ගේ පැමිණීම සමඟ ලංකාවේ ඉතිහාසය දිගහැරෙන නවකතාවක්. 1505 සිට 1565 තෙක් කතන්දරයක් ගෙන එන එහි චරිත ත්‍රිත්වයක් විශේෂයි. මිනිසුන්ගේ විවිධ දර්ශන ආගම් තිබෙනවා. එක් එක් පුද්ගලයන් හිතන අයුරු විවිධයි. එක් අයෙක් දෙවියන් ගැන හිතනවා. තවත් අයෙක් නිර්වාණය ගැන හිතනවා. තව අයෙක් මේ දෙකම එකතුව වෙනස්ම ආකාරයකින් හිතනවා. නමුත් ඒ අතරේ අපේ ඉතිහාසය ගැන බොහෝ දෙනාගේ දැනුම ඉතා අඩු බව වැටහෙනවා. මම කාලයක් පුරා පෘතුගිසීන් පැමිණිම සමඟ අපේ රටේ සිදු වූ දේ පිළිබඳ අධ්‍යයනය කළා. බලකොටු සහ නෞකා කෘතිය ලියවුණේ මේ අයුරින්. දෙවැන්න 'ගන්දර කළපුව'. එක්තරා නිවෙසකට ඇතුලු වෙන පුද්ගලයෙකුට එයින් පිටතට පැමිණෙන්න නොහැකි වෙනවා. ඒ ඔස්සේ දිගහැරෙන කතාව මේ තුළ ඇතුළත්. තෙවැන්න 'ගිම්හානයේ ගීත'. ඒක ආදර කතාවක්. ගිම්හානයේ ගීත ගැන කිව්වොත් එහි මගේ ජීවත අත්දැකීම් කිහිපයකුත් ඇතුළත්. කෘති රචනයේදී ඔබේ ශෛලිය විශේෂයි ? නිර්මාණයකදී මම මනසින් අදාළ සිදුවීම වූ අතීතයට යනවා. අතීතයේ සිදු වූ යම් සිදුවීමක් ගතහොත් ඒ කාලයට අදාළ සියලු දේ සෙවීම මගේ පුරුද්දක්. ඒ කාලයේ සමාජ පසුබිම, දේශපාලනය, මිනිසුන්ගේ ජීවන රටා ආදි සියලු දේ මම සොයනවා. ඒ අනුව මට එතැනට යන්න පුළුවන් වෙනවා. ඒ ඔස්සේ මට ඒ පරිසරය ගැන පුළුල් අවබෝධයක් ලබා ගන්න පුළුවන්. සියල්ල අවසානයේ මම කතාව ලියන්න පටන් ගන්නේ මනසින් එම ස්ථානයට ගිහින්. එවිට පරිසරයේ සුන්දරත්වයත් සැබැවින්ම විඳගන්න පුළුවන්. එය නිර්මාණයේ සුන්දරත්වය වෙනුවෙන් ද විශාල වගකීමක් ගන්නවා. මේ වෙනුවෙන් අදාළ තේමාව සම්බන්ධයෙන් වූ බොහෝ දේ මම අධ්‍යයනය කරනවා. ඒවා වෙනමම සටහන් කරගැනීම මගේ පුරුද්දක්. ඒ ඔස්සේ එම පරිසරයේ දර්ශන මම ජීවමාන කර ගන්නවා. ඇත්තෙන්ම මම ඒ තුළ ජීවත්වන පුද්ගලයෙකු බවට පත් වෙනවා. එවිට මම කතාව ලියන්නේ මනසින් අදාළ ස්ථානයට ගිහින්. මේ වන විට ඔබ අතින් ඉතා වටිනා කෘති රැසක් ලියා තිබෙනවා. ලේඛනයට පිවිසෙන්න ඔබ මුල් පියවර තැබූ කාලය ගැනත් දැන ගන්න කැමැතියි? මගේ කුඩා විය මෙනෙහි කළොත් මම මගේ මුල්ම ගීතය රචනා කළේ අවුරුදු තුනේදීයි. අවුරුදු හයේදී මම චිත්‍ර අඳීන්න පටන් ගත්තා. ඉන් පසුව කතන්දර ලියන්න පටන් ගත්තා. චිත්‍ර අඳීමින් කතන්දර ලිවීම මගේ විනෝදාංශය වුණා. මගේ ලිවීමේ හැකියාව වර්ධනය වන විටදී දවස් දහයකින් නවකතා ලිව්වා. ඉස්කෝලේ ගිහින් ඇවිත් දවසකට පිටු දහයක් ලියනවා. ඒ විදියට කතන්දර දහයක් විතර මම අතින් රචනා වුණා. ඒවා දැන් මා සතුව නැතත් මතකයන් ලෙසින් මගේ හිතේ බොහොම සුන්දරව තැන්පත් වෙලා තියෙනවා. මම බ්ලැක් බියුටි පොත පරිවර්තනය කරන කොට මගේ වයස අවුරුදු දොළහක් විතර ඇති. මම පරිවර්තන කළෙත් හරිම කැමැත්තෙන්. විද්‍යා ප්‍රබන්ධත් ඒ වගේමයි. මේ පුහුණුව ඔස්සේ මට විවිධ පැති හරහා ලියන්න හැකියාව ලැබුණා. ඒ නිසාම මට විවිධ අංශ කෙරෙහි ප්‍රිය වූ විවිධාකාර පාඨකයන් රැසක් මා වටා සිටිනවා. ඒ ගැන ගොඩක් සතුටුයි.
මෙවර ඔබ ශ්‍රී ලංකාවේදී නාට්‍ය නිර්මාණයක් කරන්නේ කාලයකට පසුව නේද? අමෙරිකාවේදී නම් නාට්‍ය කිහිපයක්ම නිර්මාණය කළා. සිංහල නාට්‍ය වගේම ඉංග්‍රීසි නාට්‍ය කිහිපයකුත් එහිදි වේදිකා ගත කළා. මේ දිනවලත් මම අමෙරිකාවේදී 'සතුට නම් වූ තානායම' නමින් නාට්‍යයක් කරනවා. මෑතකදී ලංකාවේ නාට්‍යයක් කළේ නැහැ. මහාචාර්යවරියක වන කෝකිලා කෝණසිංහ මගේ ශ්‍රී රාවණ්ණා පුවත කෘතිය කියවලා තිබුණා. ඒ අවබෝධය මත ලාංකීය දේ අනුසාරයෙන් අපේ අනන්‍යාතාව පෙන්වන නිර්මාණයක් කරන්න යැයි ඇය මට ආරාධනාවක් කළා. එයින් පසුව සුමානයක් විතර ඇතුළත මම ඒ වෙනුවෙන් නාට්‍ය පිටපතක් රචනා කළා. අමෙරිකාවේදි තමයි එය රචනා කළේ. 'රාවණ නොකියූ පුවත' ලෙසින් එය නම් කෙරුණා. මෙය ඔබේ කෘති ඇසුරෙන් නිර්මාණය වූවක්? රාමායණය එක කතාවක් කියනවා. අපි තවත් එකක් කියනවා. මෙතන ප්‍රශ්න ඇති වේවිද කියලාත් ඇතැම් අය ප්‍රශ්න කරන්න පුළුවන්. ඉන්දියානුවන් රාම දෙවි කෙනෙකු බවට පත් කරනවා. හනුමාන් ද දේවත්වයට පමුණුවනවා. අපේ රජු යකෙක් බවට පත් කරනවා. ඒ විතරක් නෙවෙයි අවුරුදු පතා ඔහු ගින්නෙන් පුළුස්සා දමනවා. ඔවුන් එහෙම කළාට ඇයි අපි බය වෙන්නේ. මම මෙරට දී කළ අධ්‍යයනයන් අනුව තමයි රාවණා පිළිබඳ පුවත් ගෙන එන 'ශ්‍රී රාවණ්ණා පුවත' සහ 'සක්විති රාවණා හමුව' කෘති රචනා කළේ. 'රාවණ නොකියූ පුවත' නාට්‍ය නිර්මාණ කෙරුණේ ඒවා අනුසාරයෙනුයි . ඔපරොවක් ලෙසින් එය ඉදිරිපත් කෙරෙන්න නියමිතයි. කොළඹ විශ්වවිද්‍යාලයේ කලා මණ්ඩලය මඟින් තමයි එය ඉදිරිපත් කරන්නේ. කොළඹ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් තිස් හතර දෙනෙක් එහි රංගනයෙන් දායක වෙනවා. මේ දිනවල ඔවුන් එහි පුහුණුවීම් කටයුතුවල නිරත වෙමින් සිටිනවා. මෙහි පුහුණුවීම් සිදු කෙරෙන්නේ සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකාවේ නාට්‍ය හා රංගකලා ආචාරිණිය තනූජා බන්ධුල විසින්. ලබන වසරේ ජනවාරි මාසයේදී නෙළුම් පොකුණ රඟහලේදී එය වේදිකා ගත කරන්න නියමිතයි. නැවතත් ලංකාවේ පදිංචියට එන්න අදහසක් නැතිද? මට නම් තාම එහෙම අදහසක් ඇති වෙලා නැහැ. මගේ නිවෙස අසල පුංචි නිස්කලංක තැනක් තියෙනවා. එතැන හරියට පංසලක් වගේ මම නිදහස් වෙලාවට එතැනට වෙලා ගත කරන්න නම් ගොඩක් ආසයි. ඒ වුණත් මගේ ලොකු අක්කා අවුරුදු හතලිස් ගාණක් අමෙරිකාවේ පදිංචි වෙලා ඉඳලා ලංකාවට ඇවිත් මහණ දිවියට ඇතුළත් වුණා. මගේ මල්ලිත් දැන් ලංකාවේ පදිංචියට පැමිණ සිටිනවා. මේ දවස්වල අලුත්ම නිර්මාණ කටයුතු මොනවාද? ඉභදඤචර ච්පඪමඥ නමින් චිත්‍රපටයක් නිර්මාණය කළා. එය රූගත කරලා ටිකක් කල්. සුනේත්‍රා සරච්චන්ද්‍ර සහ කීත් රංග වැනි රංගන ශිල්පිනියන් ශිල්පීන් පිරිසක් එහි රංගනයෙන් දායක වුණා. ළඟදී එය අමෙරිකාවේදී තිරගත කෙරෙනවා. වොල්ටර් ජයසිංහගේ ජීවිත කතාව ලියනවා. ගෝලීයකරණය ගැනත් තවත් කෘතියක් රචනා කරගෙන යනවා. ලංකාවේ සිටින මගේ අදාරණීය රසික රසිකාවන්ට අන්තර්ජාලයේ මගේ වෙබ් අඩවියෙන් මගේ ගීත රසවිඳීන්න පුළුවන්.
|