|
ප්‍රතිචාර සඳහා නවතම අංකයක් 0728384283දේවිගේ හඬ සමඟ රූපය දිස් වේවා
සුර ලොව ගියත් රූමත් රුක්මණි දේවි ආර් . ඒ සෝමා රණසිංහ නිහතමානි ගී තරුවඑදා මෙදාතුර ඉතාමත් ජනප්‍රියම ගීත රැසක් අප වෙනුවෙන් ගැයූ ඔබ කලා ක්ෂේත්රයේ සිටින නිහතමානි ගායන ශිල්පියෙකි. එදා ගැයූ එම ගීත අද නව පරපුරටත් සම්පතකි. දයාබර එඩ්වඩ් ජයකොඩි අයියේ තවත් දිගු කලක් අප වෙනුවෙන් මිහිරි ගී ගයන්න ඔබට සවිය ලැබේවා. සුනිල් බී වේහැල්ල සිනමාවට දායාදයක් වූ රංගධර ජෝදේව සුන්දරී චිත්‍රපටයෙන් සිනමාවට පා තැබූ ජෝ අබේවික්‍රම අපේ මතකයෙන් කිසිදා ගිලිහී නොයන රංගධරයෙකි. ලාංකේය සිනමාවට දායාදයක් සේම සිනා සාගරයක් බඳු වූ සහ වැලිකතර වැනි සිනමා නිර්මාණ ඔස්සේ දැක්වූ ප්‍රබල රංගනයන් යුග යුග ගණනාවකට අපූරු සිනමා පාඩම් ය. අප අතරින් වෙන් වී වසර හයක් ගත වුව ද ඔබ නාමය සදාකල් අපේ මතකයේ රැඳී පවතිනු ඇත. ලියනගේ සෝමරත්න ද සිල්වා හෙළ සිනමාවේ දිළෙන පූජාහෙළ සිනමා අඹර වර්ණවත් කරමින් වෙනස් ආකාරයේ නොයෙකුත් චරිත නිරූපණය කළ පූජා උමාශංකර්ගේ රංගනයන් ඉතාමත් ශ්‍රේෂ්ඨයි. තව තවත් ඉදිරියට යන ඔබට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරමි. කෙනත් පෙරේරා නිලූෂිට සුබ පැතුම්නිලූෂි හල්පිට ආවර්ජනා ටෙලි නාට්‍ය යේ ඔබේ රංගනය අගයමි. නමුත් නිතරම දකින්න නොමැති වීම කනගාටුවක්. ඔබේ ඉදිරි කලා ජීවිතය සාර්ථක වේවා යි පතමි. බී. පි ගම්මුදලි රූපේ සහ ලලනිප්රියන්ත සෙනෙවිරත්න සහ පියුමි බොතේජු ඔබ දෙපල පැහැසරා ටෙලි නාට්‍යයේ රූපේ සහ ලලනි ලෙසින් ඉදිරිපත් කරන රංගනයන් අගයමි. සමන් නයනානන්ද කදිම ටෙලිය මිල්ලෑව වලව්වස්වාධීන රූපවාහිනියේ විකාශය වන මිල්ලෑව වලව්ව අපට කම්මැලි නැතිව නරඹන්න හැකි කදිම නාට්‍යයකි. එහි අසෝක අප්පු ලෙස සංජය සිරිවර්ධනත් විල්බට් ලෙස රංගනයේ යෙදෙන ක්ලීටස් මෙන්ඩිස්ටත් අපේ සුභාශිංසනය. සරත් රණසිංහ බොලිවුඩයේ බිග් බී සුබ උපන්දිනයක්භාරතයේ මහා නළු අම්තාබ් බච්චන් තරුණ වියේ සිට ලද රසික ආදරය, ජනප්‍රියතාවය නවමත් නොනැසී පවත්වා ගෙන යන්නට සමත් ප්‍රවීණ කලාකරුවෙකි. 1943 ඔක්තෝබර් 11 වැනිදා උපන් අම්තාබ් හෙවත් බිග් බීට සුබ උපන්දිනයක්. ඩඩ්ලි ගෝමස් සිහිනයකි රෑ22 වැනි සුමති සිනමා ටෙලි සම්මාන උලෙළේදී හොඳම සංගීතමය වැඩසටහන ලෙස මහේෂ් නිශාන්ත විසින් මෙහෙයවන සිහිනයකි රෑ වැඩසටහනට සම්මාන හිමි වීම ගැන සතුටට පත් වීමි. සමාජයේ විද්වත් පුද්ගලයකු කැමැති ගීත වෙනත් ගායක ගායිකාවන් වෙතින් එම ගීතවලට හානියක් නොවන අයුරින් ගයනා කරවීම අගයමි. දිනේෂ් ගුණසේකර දිගු කලකට පසුදිගු නිහැඬියාවකට පසුව රංගනයට පිවිසි චම්පා ශ්‍රියානි ඔබ මිල්ලෑව වලව්ව ටෙලි නිර්මාණයේ පණ පොවන ආනම්මා චරිතය සැබැවින්ම දෙබිඩි චරිතයකි. එම රංගනය තුළ ඔබේ නිරූපණය සැබෑවටම දුෂ්ට එකකි. එය සැබෑම රංගනයක් බව අපට දැනේ. සුසිලා පතිරාජ මිත්‍රයාගේ සමුගැන්මයහපත් මාධ්‍ය සදාචාරයක් උදෙසා සැමදා උරදුන් චාමර හේමනාත් විජේසිංහ මතකයේ රැඳී ආදරණීය සහෘදයන්සරසවිය පුවත්පත අතට ගෙන ප්‍රතිචාර පිටුව කියවද්දී අපේ මතකයට එන්නේ අප සමඟින් සැමදා ප්‍රතිචාර පිටුවට ලියූ ගාමා ගාමිණි සුබසිංහ, වියානි ගුණවර්ධන, හැරිසන් පෙරේරා, සුදිරම් අබේසේකර, මහින්දපාල පෙරේරා, ඩබ්ලිව්. ඩී සේනාරත්න, හින්ටන් ඒ. ද සිල්වා, ඩෙන්සිල් රාමනායක, නලින්ද සිල්වා යන සහෘදයන්ය. අපෙන් වෙන්වී ගියත් ඔබේ මතකය සැමදා රැඳී ඇත. ඇල්. ඇම්. ප්‍රේමසේන පෙරේරා අමතක නැති බන්දු මුණසිංහසේයාවක් පසුපස චිත්‍රපටයෙන් සිනමාව දිග්විජය කළ ඔබ 60-70 දශකයේ දුෂ්ටයාගේ සගයෙක් විය. ඔබට ප්‍රධාන චරිතයක් හිමි වූයේ ශ්‍රී මදාරා චිත්‍රපටයෙනි. දැන් මතකද චිත්‍රපටය සමඟින් හිස් ටින් එකක් වාගේ ගීතයට පෙනී සිටි අයුරු ද අප මතකයෙන් වෙන් නොවේ. රසික අපට ඔබ අමතක නැත. ඊ. දයානන්ද ද සිල්වා මනරම් ගී පද බඳීන සිඩ්නිඉතාම ලස්සනට ටෙලි නිර්මාණවලට ගීත රචනා කරන සිඩ්නි චන්ද්රෙස්කරට මගේ සුබ පැතුම්. ටෙලි නාට්‍ය ජනප්රියවීමට ඔබේ ගීත රචනාවලින් ලැබෙන දායකත්වය ඉහළය. ක්‍රිෂා ක්‍රිෂාන්ති අපෙන් වෙන් වූ අහිංසකාවිය
එකල රසික ජනාදරයට පාත්‍ර වූ භාග්‍යා ටෙලි නාට්‍ය සිහිපත් වන විටත් එහි ඇතුළත් "ආජු තපර ලාහිලා" ගීතය සවනට ළංවන විටත් රමණි බර්තෝලමියුස් නම් අහිංසකාවියගේ රුව මැවී පෙනේ. අඩු වයසින් අප හැරදමා ගියද ඔබ රුව සේම රංගන මතකයද අප සිත් තුළින් නොමැකී ඇත. ජගත් චන්ද්‍රසිරි ලස්සන ඔබේ හිත ඉස්සර වාගෙම තාමත් දයාබරයිගායනයෙන්, රංගනයෙන් දස්කම් පෑ සංජීවනී වීරසිංහ නිහඬ නොවිය යුතු ශිල්පිනියකි. ලස්සන ඔබේ හිත ඉස්සර වාගෙම තාමත් දයාබරයි. නිමල් කුලසේකර මතකයේ රැඳුනු ගී යළිත් ගෙන එන්නජාතික ගුවන්විදුලියේ වෙළෙඳ සේවයෙන් ප්‍රවීණ නිවේදක ජයන්ත පීරිස් ගෙන ආ මතකයේ රැඳුනු ගී අද ශ්‍රාවක අපට අසන්නට නොහැකි අයුරින් නවතා දමා ඇත. වසර ගණනාවක සිට සිත් සේ අප ඇලුම් කළ මතකයේ රැඳුනු ගී යළිත් විකාශය කරන මෙන් ඉල්ලා සිටිමි. චිත්‍ර ශිල්පී එච්. ඩී වසන්ත කුමාර කාන්ති විදානගමගේටමෙතෙක් කල් ප්රවෘත්ති නිවේදිකාවක ලෙසින් කටයුතු කළ ඔබ මෑතක සිට වෙළෙඳ සේවයේ වැඩසටහන් ඔස්සේ ද අප අතරට පැමිණීම ගැන සතුටට පත්වීමු. එදා 50 - 60 70 කාලයේ අපට අසන්නට ලැබුණු අපූරු ගී රස නැවත රස විඳීන්නට ලැබීම ද සතුටකි. ඒ වෙනුවෙන් අපගේ ස්තූතිය. අජිත් ජෝතිය කරසිංහ ගම්පෙරළිය - කලියුගය - යුගාන්තය පුංචි තිරයෙන් ගෙන එන්නමහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන්ගේ තුන් ඈඳුතු නවකතාවෙන් නිර්මාණය කෙරුණු ගම්පෙරළිය, කලියුගය සහ යුගාන්තය චිත්‍රපට ත්‍රිත්වය රූපවාහිනි නාලිකාවකින් විකාශය කරන්නේ නම් එය සියලු දෙනාටම ඉතාමත් ප්‍රයෝජනවත් වේවි. මනහර මහින්ද හෙළ ගී කෙත පෝෂණය කළ චිත්‍රා සෝමපාලඅග්රගණ්ය ගායිකා චිත්‍රා සෝමපාල හෙළ ගී කෙත පෝෂණය උදෙසා ඓතිහාසික ගීත රැසක්ම ගැයූ ගායිකාවකි. "ඉසුරුමුණියේ", "දඹුළුගලේ", "අවුකන පිළිමේ", "උඩරට කඳුකර", "දකුණු ලකේ අග නගරේ", "සරසමු ලංකා" එයින් කිහිපයකි. ඔබ අපෙන් සමුගෙන සැප්තැම්බර් 18 වැනිදාට වසර 23කි. ඔබේ නාමය සහ ගැයූ ගීත සියල්ල සදා අමරණීය යි. ජයන්ත අමරතුංග
|