වර්ෂ 2016 ක්වූ  ඔක්තෝම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




අපරාධ හා බැඳුණු ටොම් කෲස්

අපරාධ හා බැඳුණු ටොම් කෲස්

1939 ජූලි 16 වැනිදා අමෙරිකා එක්සත් ජනපදයේ ලුසියානාහි උපත ලද ඇඩ්ලර් බෙරීමන් සීල් හෙවත් බෙරී සීල් ට්‍රාන්ස් වර්ල්ඩ් එයාර්ලයින් නම් අමෙරිකානු ගුවන් සමාගමේ ගුවන් නියමුවකුව සිට පසුව ලෝක ප්‍රසිද්ධ කොලොම්බියානු මත් ද්‍රව්‍ය ජාවාරම් කල්ලියක් වූ මෙඩ්ලින් කාර්ටල්හි ප්‍රධාන මත් ද්‍රව්‍ය ප්‍රවාහකයෙක් බවට පත් වූ පුද්ගලයෙකි. පසුගිය සැප්තැම්බර් 29 වැනිදා සිට ලොව පුරා තිරගත වන අපරාධමය කතා තේමාවක් රැගත්  American Made චිත්‍රපටයෙන් දිග හැරෙන්නේ, බැරී සීල්ගේ මෙම සත්‍ය ජීවිත කතා පුවතයි.

1970 කාලයේදී පැනමාවේ සිටි එක්තරා යුද ඒකාධිපතියකු සමඟින් යම් යම් දේ හුවමාරුව වෙනුවෙන් අමෙරිකානු මධ්‍යම බුද්ධි අංශ විසින් බැරී සීල් පත් කරනු ලබයි. එවැනි වූ එක්තරා ගමනක් අතරතුර මෙඩ්ලින් කාර්ටල් නම් මත් ද්‍රව්‍ය ජවාරම්කරුවන් පිරිස බැරී සීල්හට හමුවන අතර යළිත් අමෙරිකාවට යන ගමනේදි කොකේන් තොගයක් ප්‍රවාහනය කරන ලෙස ඔවුන් බැරී සීල්හට බාර කරයි. දිගින් දිගටම මෙම ගනුදෙනුව සිදු වුවත් අමෙරිකානු මධ්‍යම බුද්ධි අංශය ද එය නොදුටුවා සේ සිටින අතර මේ පිළිබඳ ඉව වැටෙන අමෙරිකානු මත්ද්‍රව්‍ය නාශක අංශය බැරී සීල් පසුපස ලුහුබඳීන්නේ මධ්‍යම බුද්ධි අංශයට ද අවවාද කරමින්.

මේ අතර අමෙරිකාවේ අනුග්‍රහය ලද කැරළිකරුවන් කණ්ඩායමක් වන කන්ට්‍රාස් විසින් අවි ප්‍රවාහන කටයුත්තක් ද බැරී සීල්හට භාර කෙරේ. කෙසේ නමුත් බැරී සීල් මේ අතරම මෙඩ්ලින් කාර්ටල් වෙතද අවි ප්‍රවාහන කිරීමේ කටයුත්ත ඉටු කරයි. අමෙරිකානු මධ්‍යම බුද්ධි අංශය පැනමාවේ යුද ඒකාධිපතියා අතර ගනුදෙනුව නවතා දමන්නට තීරණය කරන අතර බැරී සීල් ජ්ඕධ් වෙත භාර කරයි. එහිදී බැරී සීල් මධ්‍යම බුද්ධි අංශය වෙත තමා මෙතෙක් කළ සේවය වෙනුවෙන් සමාව අයැද සිටින අතර එහිදී රජය ඔහු සමඟින් එකඟතාවයකට පැමිණේ. එනම් මෙඩ්ලින් කාර්ටල් කණ්ඩායම අල්ලා ගැනීමට බැරී සීල්ගේ සහාය ලබා ගැනීමයි. බැරී සීල් ඒ වෙනුවෙන් මැදිහත් වන අතර එයින් ඔහු කෙරෙහි වෛර බැඳ ගන්නා මෙඩ්ලින් කාර්ටල් බැරී සීල් ඝාතනය කිරීමට සැරසෙයි. මේ අතර තම නාමයද මෙම අපරාධ සමඟින් කියවෙනු ඇතැයි යන්න පදනම්ව අමෙරිකානු මධ්‍යම බුද්ධි අංශය විසින් බැරී සීල් සමඟින් සිදු කළ ගනුදෙනු සියල්ලේ ලියකියවිලි විනාශකර දමයි.

බැරී සීල්ගේ ජීවත කතාව පදනම්ව  American Made  රචනා කර තිබෙන්නේ ග්‍රේ ස්පිනෙලි විසිනි. මෙහි බැරී සීල්ගේ චරිතයට පණ පොවන්නේ හොලිවුඩයේ ප්‍රවීණ ක්‍රියාදාම නළු ටොම් කෲස් වන අතර සාරා රයිට්, ඩොමිනෝල් ග්ලීසන්, ජෙමා මේස් ඇතුළු පිරිසක් මෙහි සෙසු චරිත සඳහා රංගනයෙන් දායක වෙති. ඩොග් ලිමන් ( Mr. & Mrs. Smith (2005), Jumper (2008), Fair Game (2010)  විසින් අධ්‍යක්ෂණය කළ  American Made බ්‍රයන් ග්‍රේසර්, බ්‍රයන් ඔලිවර් ඇතුළු පස් දෙනෙකුගේ නිෂ්පාදනයකි. මෙහි රූගත කිරීම් වෙනුවෙන් සූදානම් කළ ගුවන්යානා අනතුර දෙදෙනෙකුගේ දිවි තොර කළ අතර චිත්‍රපට කණ්ඩායමේ අයෙකුහට බරපතල තුවාල සිදු කළ එකක් විය. එය අයහපත් කාලගුණය හේතුවෙන් සිදු වූවක් බව ද පැවසේ.

මිනිත්තු 117ක් පුරා දිවෙන  American Made විචාරක සහ ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉහළින්ම දිනා ගන්නට සමත් වූ චිත්‍රපටයක් බවට පත් වී ඇති බව කිව යුතුය. ධ්ර්ච්ඕ දර්ශකයේ 7.3/10ක් ලෙස සටහන් කරන එය රෙටෙන් ටොමැටෝස් අඩවියේ විචාරක ප්‍රතිචාර සියයට 85ක් හිමිකර ගෙන තිබේ. වේගවත්, සත්‍ය ජීවිත කතාවක් වන මෙය බොහොම කැමැත්තෙන් නැරඹිය හැකි චිත්‍රපටයක් බවත් ටොම් කෲස් එහි ප්‍රධාන චරිතය වෙනුවෙන් ලබා දී ඇති ජවය ඉතාම වැදගත් බවත් පොදු විචාරක මතය වේ.

ටොම් කෲස් බැරී සීල් චරිතය වෙනුවෙන් කළ රංගනය මෙහිදී ඉහළ විචාරක ප්‍රශංසා ලබා ඇති බව පෙනේ. ‍ American Made  චිත්‍රපටය ටොම් කෲස්ගේ ඊධන ට්භද චිත්‍රපටයටත් වඩා ඉහළින් සිටින බව බොස්ටන් ග්ලොබ් හි විචාරක ටයි බර්ගේ අදහසයි. එමෙන්ම අමෙරිකානු රජය විසින් කර ඇති වැරදි සහගත දේ පවා මෙහි බොහොම අගනා ලෙසින් ඉදිරිපත් කර ඇති බව වෝග් සඟරාවේ විචාරක ටයිලර් ඇට්‍රියන් පෙන්වා දෙයි.  American Made  චිත්‍රපටය ඔස්සේ ඉතිහාසයේ හමුවන අවාසනාවන්ත එමෙන්ම මිනිසුන් බලය සහ ධනයට ඇති කෑදරකමින් කටයුතු කළ නරක කාලයක් පෙන්නුම් කළද එය ඉතාම විනෝදජනක සිනමා නිර්මාණයක් බවට පත්කර ඇති බවත් විචාරක අදහස් අතර වේ.