වර්ෂ 2016 ක්වූ  ඔක්තෝම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




රැඟුම් හොඳයි

රැඟුම් හොඳයි

විරහ ගී උල්පත ලෙස විරුදාවලිය ලත් නැසීගිය විශිෂ්ට ගායක ජේ. ඒ. මිල්ටන් පෙරේරාගේ වැඩිමහල් පුත් ප්‍රියංකර පෙරේරා රංගන ශිල්පියකු ලෙසින් කලක් කැපී පෙනුණා. ඔහු ජනප්‍රිය සිනමාපට කිහිපයකම ප්‍රධාන චරිත මැව්වා. කාලයාගේ ඇවෑමෙන් පි‍්‍රයංකරගේ රංගනය සීමාසහිත වුණා. ඒ අඩුව සපුරාලමින් ඔහුගේ බාල සොයුරු චලක චමුපති රංගනයට පිවිසිලා අප්පට සිරි චිත්‍රපටය හරහා. මහේන්ද්‍ර පෙරේරාගේ යාළුවකු හැටියටයි චලක රංගනයේ යෙදෙන්නේ. මේ දිනවලදී අප්පට සිරි නරඹපු බොහෝ දෙනෙක් චලකගේ රංගනය ගැන ප්‍රශංසා මුඛයෙන් කතා කරන බවයි දැනගන්නට ලැබෙන්නේ.