වර්ෂ 2016 ක්වූ  ඔක්තෝම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




මල්ලිට පසු නංගී

මල්ලිට පසු නංගී

නිළි රැජන යනුවෙන් හඳුන්වන්නේ කවුද කියලා අමුතුවෙන් කියන්න ඕනෑ නැහැනේ. අපිට සිටින වන් ඇන්ඩ් ඔන්ලි නිළි රැජන තමයි මාලිනි ෆොන්සේකා. කැමරාව ඉදිරියේ බොහෝ දෙනෙකු ඇයව මෙහෙයවා තිබුණා. කලකට ඉහත ඇගේ මල්ලි ආනන්ද ෆොන්සේකා ඇයව මෙහෙය වූයේ උමයංගනා චිත්‍රපටයෙන්. දැන් උමයංගනා චිත්‍රපටයේ මාලිනී සමඟ දියණිය ලෙස රඟපෑ ඇගේ බාල නැගනියත් මාලිනීව අධ්‍යක්ෂණය කරනවා. මාලිනීගේ සොයුරි දමයන්ති කුලුඳුලේ දීර්ඝ නාට්‍යයක් අධ්‍යක්ෂණය කරන්නට සුදානම් වෙනවා. ඒකේ නම රංකිරි අම්මා. මාලිනී තමයි ප්‍රධාන චරිතය. නංගි විසින් අක්කා මෙහෙයවන දුර්ලභ අවස්ථාවක් හැටියට මෙය හඳුන්වා දෙන්න පුළුවන්. නංගි නිළියක් වුණාට අක්කා සමඟ මේකෙ රඟපාන්නේ නම් නැතිලු. අධ්‍යක්ෂණය පමණයි ඇය විසින් සිදු කරන්නේ.