ඒ සී අඩුයි -නෑ වැඩියි
ඒ සී අඩුයි - නෑ වැඩියි
ටෙනිසන් කුරේ සහ ශ්‍රීමාල් සත්‍යජිත් වෙඩිසිංහ යන මිතුරන් දෙදෙනා මේ ඊයේ පෙරේදා
දවසක වෙඩිමකට ගියාලු. දෙන්නා වාඩි වෙලා තියෙන්නෙත් එක ළඟ අසුන්වල. ටෙනී කෝට් බෑයක්
එහෙම දාගෙන තමයි මෙතැනට ඇවිත් තිබුණේ. ශ්‍රීමාල් එහෙම නැහැ. ඔහු ඉතින් කොතැන ගියත්
අඳින්නේ තමන්ටම අනන්‍ය වූ ෂර්ට් එකක්නෙ. මෙදිනත් එහෙමයි. දහවල් වෙද්දී ටිකක් රස්නෙ
වුණ නිසා කෝට් එකෙන් සැරසුණ ටෙනීට දාඩිය දාන්න පටන් ගත්තලු.
මල්ලි ඔය ඒ සී එක පොඩ්ඩක් වැඩි කරන්නකො.
ටෙනී හෝටලයේ සේවකයකුට කියලා. ඔහු ටෙනී කියූ දේ කළාලු. දැන් ටෙනීට හැපියි. ඒත්
ශ්‍රීමාල් මූණ දෙක කරගෙන ටෙනි දිහා බලාගෙන ඉන්නවලු. ටෙනීට පුදුමයි.
ඇයි මචං මොකද අවුල?
ඇයි තමයි. ඔයාට නම් හොඳයි ඒ සී වැඩි කරපු එක. මටනෙ ඉන්න අමාරු. සීතලයි හොඳටම.
එතකොට තමයි ටෙනීට මතක් වෙලා තියෙන්නේ ශ්‍රීමාල්ට කෝට් එකක් නැති විත්තිය. කොහොම හරි
දෙන්නා මාරුවෙන් මාරුවට ඒ. සි. එක අඩු වැඩි කරමින් සිටියලු.
|