|
සිවිල් ආරක්ෂකයන්ගේ ‘රිදම් ඔෆ් ස්ටාර්’ 23 වැනිදා
අපේ රටේ බොහෝ සංගීත ප්‍රසංග පවත්වන්නේ සුබසාධන වැඩ කරගන්න. නැත්නම් විවිධ සමිති සංවිධානවල අරමුදල් තර කරගන්න. මේ ප්‍රසංග පවත්වන්න කටයුතු කරන්නේ පෞද්ගලික අංශ එකතු වෙලා. රාජ්‍ය ආයතන දෙපාර්තමේන්තු මේ වගේ වැඩ වලට අත ගහන්නෙ නැහැ. රාජ්‍ය ආයතනවල සුබසාධක සමිති වලින් සමහර විට යම් යම් ප්‍රසංග පවත්වන්න කටයුතු කර තිබුණත් රාජ්‍ය ආයතන මේ වගේ ප්‍රසංග පවත්වන්න කටයුතු කරන්නේම නැති තරම්. ඒ වුණත් රාජ්‍ය දෙපාර්තමේන්තුවක් විසින් පවත්වන අතිවිශාල සංස්කෘතික සංදර්ශනාත්මක ප්‍රසංගයක් මේ මාසේ 23 වැනිදා කොළඹ හැව්ලොක් පිටියේදී පැවැත්වෙනවා. මෙහි විශේෂත්වය වන්නේ මේ රාජ්‍ය ආයතනය ප්‍රසංගය පවත්වන්නේ රටේ විවිධ ප්‍රදේශවල ඉන්න වකුගඩු රෝගීන් වෙනුවෙන් වීමයි. අපි බොහෝ දෙනෙක් නොදන්නා කරුණක් වුණත් ඩෙංගු රෝගයටත් වඩා මාරාන්තික ලෙසින් මේ වකුගඩු රෝගය දැන් ලංකාව පුරාම පැතිර යනවා. විශේෂයෙන්ම අද වන විට උතුරු මැද පළාත වෙළාගෙන ඉන්න නිහඬ වකුගඩු මාරයා ගැන බොහෝ දෙනාගේ ඇස යොමුවෙලා නැහැ. වකුගඩු රෝගීන් බහුතරයක් මිය යන්නේ නිසි ප්‍රතිකාර නොගැනීමෙන් බවයි හෙළි වී තිබෙන්නේ. ඒ අයට නිසි ප්‍රතිකාර ගන්න ගමේ ඉදල රෝහලට එන්න බස් ගාස්තුවවත් හොයා ගන්නා බැහැ.
ඒත් ඒ එක ගමනක් ගිහින් එන්න රුපියල් 25000ක් ඉන්ධන වැයවනවා. ඒ මුදල සපයා ගන්න එකත් දෙපාර්තමේන්තුවට ලොකු අමාරුවක්. ඇයි රාජ්‍ය දෙපාර්තමේන්තුවලට තියෙන නීති රීති චක්‍ර ලේඛ සියල්ලටම යට වෙන්න එපායැ. කොහොම වුණත් රෝගීන්ට පිහිට වෙන ගමන් තම දෙපාර්තමේන්තුවේ සුබසාධනයත් යන දෙකටම විසඳුමක් ලබා ගන්න දැවැන්ත සංස්කෘතික සංදර්ශනාත්මක ප්‍රසංගයක් පවත්වන්න දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. එයින් ලැබෙන මුදලින් මේ වකුගඩු රෝගීන්ට පිහිට වෙන්න දෙපාර්තමේන්තුවට ලොකු හයියක් ලැබෙයි. අඩ්කඊඩ්ර් ර්‍ණජ් ඉඊඒඅඉ නමින් මේ මස 23 වැනිදා පස්වරු 6.30ට කොළඹ හැව්ලොන් ක්‍රීඩාංගණයේදී මේ දැවැන්ත නර්තන සහ සංගීත ප්‍රසංගය පැවැත්වෙනවා. මේ ප්‍රසංගය සාමාන්‍ය සංගීත ප්‍රසංගයන්ට වඩා වෙනස් වූවක් බවයි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතා පවසන්නේ. පසුගියදා බම්බලපිටිය, දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙදී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදි ඒ බව සඳහන් කළ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පෙන්වා දුන්නේ මීට පෙර සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් 'ඛ්ඉච් සංගීත මේලා' නමින් ප්‍රසංග 23ක් පවත්වා ඇති බවයි. ඒ සියල්ලටම වඩා දැවැන්ත ප්‍රසංගයක් ලෙස මෙය පවත්වන බවත් අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පවසනවා. සාමාන්‍යයෙන් ගිතයකට නර්තන ඉඳීරිපත් කිරීමයි ප්‍රසංගවලදි සිදු වන්නේ. එහෙත් මෙහිදී එවන් සීමාවෙන් ඔබ්බට ගිය නවමු සංදර්ශන රැසක් නරඹන්නන්ට දැක බලා ගන්න පුළුවන් බවත් ඔහු පෙන්වා දුන්නා. ප්‍රසංගයේ සියලු අරමුදල් සුබසාධන අරමුදලට මෙන්ම දුර බැහැර ප්‍රදේශවල ජනතාවට සරණක් වෙන්න යොදවා ඇති බවත් ඔහු පෙන්වා දුන්නා. මෙවර සංස්කෘතික නර්තන හා සංගීත ප්‍රසංගයයට ප්‍රවීණ ශිල්පීන් රැසක් සහභාගි වන බවත් සිවිල් අරක්ෂක දෙපාර්තමේන්තුවේ සංස්කෘතික අධ්‍යක්ෂවරයා වන මේජර් වජිර කුමාරතුංග මහතා පෙන්වා දුන්නා. එමෙන්ම මේ සඳහා ප්‍රවීණ රංගන ශිල්පීන් වන ගයේෂා පෙරේරා, අනූෂා දමයන්ති, මේනකා පීරිස්, උපේක්ෂා ස්වර්ණමාලි, උදාරි වර්ණකුලසූරිය, නිපුනි විල්සන්, අනුජ් පෙරේරා, සහ රොෂාන් රණවක නර්තතනයෙන් දායක වන බවත් ඔහු පෙන්වා දුන්නා. මේ සඳහා දෙපාර්තමේන්තුවේ සෞන්දර්යය පුහුණු පාසලේ පුහුණුවලත් ශිල්පීන් 300ක් පමණ සහභාගි වන බවත් මේජර්වරයා පෙන්වා දුන්නා. එමෙන්ම ප්‍රවීණ ගායන ශිල්පීන් වන භාතිය සන්තුෂ්, උමාරියා සිංහවංශ, චිත්‍රාල් සෝමපාල සනුක වික්‍රමසිංහ ඇතුළු ගායන ශිල්පීන් රැසක් ද මේ සඳහා සහභාගි වන බවත් ඔහු පැවසුවා. මේ සඳහා වසර 25ක අත්දැකීම් ඇති ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂ ශාන් පෙරේරා නිර්මාණයෙන් සිය දායකත්වය සපයා දෙනවා. තමන් වසර 25ක්ම ලද අත්දැකීම් අනුව මේ කාර්යයට උපරිම දායකත්වයක් ලබාදෙන බව ශාන් පෙරේරා පැවසුවා. තමන් විසින් මේ දක්වා ප්‍රදර්ශනය වූ උදයකාන්ත වර්ණසූරියගේ සියලුම චිත්‍රපටයන්හි මෙන්ම උමා ශංකර්ගේ සියලු චිත්‍රපටවල නර්තන අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ බවත් කිසිදු ප්‍රසිද්ධියක් තමන් මේ වසර 25ක කාලය තුළ බලාපොරොත්තු නොවූ නමුත් මේ අවස්ථාවේදී මේ සඳහා උපරිම ප්‍රසිද්ධියක් ලබා දෙන ලෙසත් ශාන් පෙරේරා ඉල්ලා සිටියා. අසරණ ජනතාවගේ ජීවිතයක් රැක ගන්නට රාජ්‍ය දෙපාර්තමේන්තුවක් විසින් සංවිධානය කරනු ලබන පළමු හා දැවැන්ත සංස්කෘතික නර්තන හා සංගීත ප්‍රසංගයට ඔබට දැක්විය හැකි උපරිම දායකත්වය ලබා දෙන්නේ නම් එයත් මහඟු වූ පුන්‍ය කර්මයක් වනවා. ජාතික උවදුරක් ලෙස නිහඬව ලංකාව පුරා පැතිර යමින් පවතින වකුගඩු රෝගය මේ වන විට රජරට සිට නැඟෙනහිරටත් වයඹ පළාතේ බොහෝ ප්‍රදේශවලටත් පැමිණ අවසන්. ඒ සඳහා අපටත් සුළුවෙන් හෝ උපකාරයක් කරන්න පුළුවන් නම් එය ජාතික සේවාවක් වනවා. මේ ප්‍රසංගයට සම්බන්ධ වී කලා රසාස්වාදයක් ලබා ගැනීමෙන් මහඟු පුණ්‍යකර්මයකටද දායකවන්නට පුළුවන්. රුපියල් 1000 සිට ඉහළට මිල නියම කර ඇති මේ ප්‍රසංගයේ ප්‍රවේශ පත්‍ර සලාකා - සෙංකඩ, සරසවි, මැජිස්ටික් සිටි, මෙන්ම වෙබ් සයිට් හරහාත් ලබා ගන්න පුළුවන්. ඒ වගේම රංගන ශිල්පීන් හරහාද මේ ප්‍රවේශ පත්‍ර අලෙවි කිරීමට දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වනවා. ලබන 23 වැනිදා සවස හැව්ලොක් පිටියේදී මේ ප්‍රසංගය දැක බලා ගන්න එන්න.
|