වර්ෂ 2016 ක්වූ  සැප්තැම්බර් 07 වැනිදා බ්‍රහස්පතින්දා




ලක්ෂෙට කොඩි දාන සූදුවෙන් බිම වැටුණු සිම්රන්

ලක්ෂෙට කොඩි දාන සූදුවෙන් බිම වැටුණු සිම්රන්

අමෙරිකාවේ වෙසෙන මෙම ගුජරාති කාන්තාව තම ජීවිතයේ ඉහළට යාමට උත්සාහ දරනා අපූරු කතාව ගෙන එන්නේ හනසල් මෙහ්තා අධ්‍යක්ෂණයෙන් හෙට සිට ලොව පුරා තිරගත කෙරෙන Simran චිත්‍රපටයෙනි. භූෂන් කුමාර්, ක්‍රිෂන් කුමාර්, ශලීෂ් ආර්. සිං සහ අමිත් අග්‍රවාල් නිෂ්පාදනය කළ Simran තිරරචනය CityLights (2014), Satya (1998) චිත්‍රපටවල තිරරචනය කළ අපූර්ව අස්රාණි විසිනි.

කන්ගනා රනාවුත්ගේ විශිෂ්ට රංගනය

සිම්රන් යනු ඉන්දියාවේ ගුජරාති ප්‍රාන්තයේ උපත ලබා අමෙරිකා එක්සත් ජනපදයේ නිවෙසෙක ප්‍රධාන මෙහෙකාර සේවයේ යෙදෙන කාන්තාවක්. ඇය තමන් සිටින තත්ත්වයට වඩා ඉහළට යාමේ දැඩි අධිෂ්ඨානයෙන් සිටින්නියක්. ඒ වෙනුවෙන් තම උපරිම හැකියාව දක්ෂතාව පාවිච්චි කරන්නට සිතන ඇය ඒ ඔස්සේ පොඩි පොඩි සොරකම් කිරීමට පවා පෙළඹේ.

අමෙරිකාවේ වෙසෙන මෙම ගුජරාති කාන්තාව තම ජීවිතයේ ඉහළට යාමට උත්සාහ දරනා අපූරු කතාව ගෙන එන්නේ හනසල් මෙහ්තා අධ්‍යක්ෂණයෙන් හෙට (සැප්; 15) සිට ලොව පුරා තිරගත කෙරෙන Simran චිත්‍රපටයෙනි. භූෂන් කුමාර්, ක්‍රිෂන් කුමාර්, ශලීෂ් ආර්. සිං සහ අමිත් අග්‍රවාල් නිෂ්පාදනය කළ Simran තිරරචනය CityLights (2014), Satya (1998) චිත්‍රපටවල තිරරචනය කළ අපූර්ව අස්රාණි විසිනි.

Simran චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට තීරණය කිරීම, පසුගිය වසරේ මැයි මස තිරගත කෙරෙණු Sarbjit චිත්‍රපටය හේතුවෙන් වූවක් බවට කතාවක් බොලිවුඩය පුරා පැතිරී ගියා. Sarbjit චිත්‍රපටයේ අධ්‍යක්ෂණයට හන්සල් මෙහ්තා සහ ප්‍රධාන චරිතයට කන්ගනා තෝරා නොගෙන ඕමුන්ග් කුමාර් සහ ඓෂ්වර්යා රායි තෝරා ගැනීම හේතුවෙන් හන්සල් සහ කන්ගනාගේ එකතුවෙන් තවත් අලුත් චිත්‍රපටයක් නිර්මාණය කෙරෙන බවට නිවේදනයක් නිකුත් කෙරුණා. Simran යනු එලෙසින් නිර්මාණය කෙරුණු චිත්‍රපටය යි. මෙය අමෙරිකාවේ ජීවත් වෙමින් සොරකම් කිරීමේ වරදට සිර දඬුවම් පවා ලද සන්දීප් කවූර්ගේ ජීවිතයේ එක්තරා කාල වකවානුවක් අළලා නිර්මාණය කළ චිත්‍රපටයක්.

ඉන්දියාවේ චන්දිගාර්හි උපත ලද සන්දීප් කවූර් තම පවුලේ සාමාජිකයන් සමඟ කැලිෆෝනියාවේ පදිංචියට ගොස් තිබෙන්නේ ඇයට වයස අවුරුදු හතක්ව තිබියදීයි. සන්දීප් වයස අවුරුදු 19ක් වන විට හෙදියක වශයෙන් සේවයට බැඳී මසකට ඩොලර් 6000ක් උපයන්නට සමත් වී ඇති අතර තරුණ වියේදීම කොටස් වෙළෙඳ පොල සමඟ ගනුදෙනු කිරීමෙන් ඩොලර් ලක්ෂ 2ක මුදලක් කෙටි කලකින් උපයා ගෙන තිබෙනවා. ඇයගේ 21 වැනි උපන්දිනය සැමරීම වෙනුවෙන් ඥාති සහෝදරියක ලාස් වේගාස් වෙත කැඳවාගෙන යාම තම ජීවිතයේ වෙනසක් සිදු කරන බව ඇය කිසි සේත්ම නොසිතුවා විය යුතුය. එහිදී ඥාති සහෝදරිය විසින් සන්දීප් සූදූ ක්‍රීඩාවට යොමු කරන අතර එය සන්දීප්ගේ දිවියට මහත් විනෝදයක් ගෙන දෙනවා. "මම සූදු ක්‍රීඩා කළා. එයින් මම ඩොලර් දහස් ගණනක් උපයා ගත්තා. ඒ වගේම එය ඉතාම විනෝදජයක දෙයක්" සන්දීප් පසු කලෙක බීබීසි සමඟින් කළ සාකච්ඡාවකට පවසා තිබුණා. සූදු ක්‍රීඩාවේ යෙදීම සන්දීප්ගේ දිවිය කෙතරම් අවුලට පත් කළා දැයි කිව හොත් තම උපාධි අධ්‍යයන කටයුතු පවා අත්හළ ඇය ක්‍රම ක්‍රමයෙන් තමන් ආර්ථික අතින් පහළට වැටෙත්ම බැංකු මංකොල්ලකෑමට පෙළඹීමේ තත්ත්වයට ද පත්වී අවසානය.

Simran නිෂ්පාදනයටත් පෙර කටකතා රැසක් පළ වු චිත්‍රපටයක් ලෙසින් ජනප්‍රිය යි. Simran චිත්‍රපටය සහ Sarbjit චිත්‍රපටයේ කතා දෙක අතර සාමානකමක් ඇති බවට පැතිරුණු කටකතාව එයින් එකක්. පුද්ගලයෙකුගේ ජීවිත කතාවක් හැරෙන්නට මෙම චිත්‍රපට දෙකේ කතා තේමාවේ සමානකම් නොමැති බව Simran අධ්‍යක්ෂ හන්සල් පවසනවා. Sarbjit යනු ත්‍රස්ත ක්‍රියා සම්බන්ධව පාකිස්තානයේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මරණීය දණ්ඩනය ලබා පසුව විසිදෙවසරක සිර දඬුවම් නියම කෙරුණු සරබ්ජිත් සිං නම් පුද්ගලයාගේ නැගණිය තම සහෝදරයා වෙනුවෙන් වසර විසිදෙකක් පුරා කැපවුණු අයුරු පවසන අනුවේදනීය කතාවක්.

Simran චිත්‍රපටයේ සිම්රන් ලෙසින් ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ ෆිල්ම්ෆෙයාර් සහ ජාතික සම්මායෙන් පිදුම් ලද නිළියක වන කන්ගනා රනවුත්. ඇය තම ජීවිතය උපරිමයෙන් විඳීන්නට කැමැති කාන්තාවකගේ චරිතයක් මෙහිදී නිරූපණය කරන බව බොලිවුඩ් ආරංචි මාර්ග ගෙන එනවා. Simran යනු විනෝදය ගෙනන චිත්‍රපයක් වුවත් ක්‍රියාදාම ජවනිකා ද මෙහි ඇතුළත් බවත් සඳහන්. කන්ගනා මෙතෙක් ඉදිරිපත් නොකළ සුවිශේෂ චරිතයක් මේ ඔස්සේ නිරූපිත බවත් එයින් කියවෙනවා. සිම්රන් චරිතය තුළ විවිධාර චරිත කිහිපයක්ම ඇතුළත් වීමත් විශේෂත්වයක්. කන්ගනා මෙම චිත්‍රපටයේ තිරරචනය පවා වෙනස් කරන්නට ගිය බව මේ සම්බන්ධයෙන් වූ කටකතා අතරේ වෙනවා. නමුත් අධ්‍යක්ෂ හන්සල් එම සිදුවීම ප්‍රතික්ෂේප කරනවා.

Simran චිත්‍රපටයේ රූගත කිරීම් පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී අමෙරිකා එක්සත් ජනපදයේ ඇට්ලන්ටා හිදි සිදු කෙරුණ අතර සන්ගාවි සහ ජිගාර් සරයියා විසින් සංගීත අධ්‍යක්ෂණය කෙරුණා. සුනීධි චෞහාන්, අර්ජිත් සිං, ගුරු රන්ධාවා, ජොනිතා ගාන්ධි, දිව්‍යා කුමාර් ඇතුළු ගායක ගායිකාවන් පිරිසක් මෙහි ගීත ගායනයෙන් දායක වී ඇත. පූර්ව ප්‍රචාරක පටය එළි දැක්වීමට පෙර සිටම Simran චිත්‍රපටය වෙනුවෙන් වූ ප්‍රේක්ෂක ආකර්ෂණය ඉහළින්ම වූ බවත් බොලිවුඩ් වාර්තා ගෙන එනවා.