අයෝමය පුරුෂයා තාප්පයක හැප්පිලා
අයෝමය පුරුෂයා
තාප්පයක හැප්පිලා

මේ කාලය අපේ කලාකරුවන්ට ටිකක් අපලයි වගේ. එහෙම කිව්වේ කලා ලොවේ සක්‍රීයව කටයුතු කළ
බොහෝ දෙනෙක් හදිසි අනතුරුවලට ලක්වීම නිසයි. කලාකරුවන් ගැන එලෙස අසුබ ආරංචි එනකොට
සිනමා රංගන ශිල්පි අධ්‍යක්ෂ තිලක් ජයවීර ගැනත් එලෙස සුබවාදී නොවන විස්තරයක් අපට
දැනගන්නට ලැබුණා. ඒ ඔහු ද හදිසි අනතුරකට ලක් වුණාය කියන ආරංචිය. තමන්ගේ වාහනය
පදවාගෙන යද්දී තලාහේන හරියේදී එය පාරෙන් පිටතට පැනලා තාප්පයක වැදිලා. මේ හේතුවෙන්
තිලක්ගේ හිසට ටිකක් දරුණු ලෙසට හානිවෙලා. පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන ඔහුගේ හිසට
ශල්‍යකර්ම දෙකක් කරන්න අවශ්‍යලු. 0766530175 අංකයෙන් තිලක්ගේ සුවදුක් ඔබට විමසිය
හැකියි.
|