වර්ෂ 2016 ක්වූ  සැප්තැම්බර් 07 වැනිදා බ්‍රහස්පතින්දා




ලොව හැඩ කළ අම්මගේ සිරි

ලොව හැඩ කළ අම්මගේ සිරි

ලොව සරාගීම නිළි කිරුළ දිනා සිටි ඇන්ජලීනා ජොලී හොලිවුඩයේ ආදරණීය මවක ලෙසින්ද නමක් දිනාගන්නට සමත්. ඇන්ජලීනා ජොලී සහ බ්‍රැඩ් පිට් බොහොම ආදරයෙන් බැඳුණු යුවළක් ලෙසින් හැඳීන්වුවත් වසර දොළහක ආදර සම්බන්ධය හමුවේ විවාහ වී දෙවසරක් ඇතුළත දෙදෙනා දෙපසකට වුණා. ඔවුන් දෙදෙනාගේ නිවුන් දරුවන් විවියන් සහ නොක්ස් ඇතුළුව හදාගත් දරුවන් වන මැඩොක්ස්, පැක්ස්, ෂිලෝ සහ සහරාගේ භාරකාරත්වය පැවරුණේ ඇන්ජලීනා ජොලී වෙතයි. මව්පියන් එකිනෙකා වෙන් වුණත් දරුවන් වෙනුවෙන් කැපවීම ජොලී සේම පීට් අතිනුත් සිදු කෙරෙන බවත් හොලිවුඩයෙන් ආරංචියි.

සිනමා කර්මාන්තයෙන් හොලිවුඩය කිසිවෙකටත් නොදෙවෙනි වන කර්මාන්තයක් සේම හොලිවුඩ් තරු ද ඉහළින්ම දිළෙන්නට සමත්. හමුවීම් වෙන්වීම් බහුල හොලිවුඩයේ සාර්ථක පවුල් ජීවිත ගත කරන්නේ නම් අතළොස්සක් බව කාටත් නොරහසක්. ඒ කෙසේ වෙතත් මව් පදවිය හමුවේ නම් මේ සියල්ලම දෙවැනි වන බව අමුතුවෙන් කිව යුතු නැහැ. හොලිවුඩයේත් ආදරණීය, හැඩකාර මව්වරුන් අතරේ සුවිශේෂි වූ මව්වරුන් කිහිප දෙනෙකුත් සිටින බව ආරංචියි.

පසුගිය ජූනි 13 වැනිදා දෙවැනි වරට මව් පදවිය ලද බියොන්සේ ද හොලිවුඩයේ සුවිශේෂ වූ මවක්. මෙවර ඇය නිවුන් දියණියක සහ පුත්‍රයකු හට උපත ලබා දුන්නා. රූමි සහ සර් නමින් ඔවුන් නම් කෙරුණා. බියොන්සේ සහ ජේස් ගේ වැඩිමල් දියණිය බ්ලූ අයිවිගේ දැන් වයස අවුරුදු පහක්. බ්ලූගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් වෙහෙසුනු මවක් ලෙසින් ප්‍රසිද්ධ බියොන්සේ දෙවන දරු උපත බලාපොරොත්තුවෙන් සිටියදී පෙනී සිටි ඡායාරූප වෙත ලොව පුරා අවධානය යොමු වුණා.

හොලිවුඩයේ රූමත් නිළියක ලෙසින් පිළිගැනෙන ජෙසිකා ඇල්බා මේ වනවිට සිය තෙවන දරු උපත බලාපොරොත්තුවෙන් සිටිනවා. මේ හැඩකාර මවද සිය පවුල වෙනුවෙන් අංක එක ලබා දෙන බවයි කියවෙන්නේ. මේරි සහ ගානර් දියණියන් වෙනුවෙන් ආදරණීය මවක වන ඇය පරිසර හිතකාමි නිෂ්පාදන ආයතනයක්ද පවත්වා ගෙන අතරේ අසරණ දරුවන් වෙනුවෙන් පුණ්‍යාතනයකටද දායක වී සිටිනවා.

ගායිකාවක, නිරූපිකාවක, මෝස්තර නිර්මාණ ශිල්පිනියක වන වික්ටෝරියා බෙකම් හොලිවුඩයේ හැඩකාර තවත් මවක්. බෲක්ලින්, රොමියෝ, කෲස් නම් පුතුන් තිදෙනාත් හාපර් දියණියත් ඩේවිඩ් බෙකම් සහ වික්ටෝරියා බෙකම් යුවලගේ ලෝකය හැඩ කරනවා. දියණිය හාපර් කුස දරාගෙන සිටියදි වික්ටෝරියා ළමා ඇඳුම් නිර්මාණයට යොමු වී සිටීම කෙරෙහි කාගේත් අවධානය යොමු වුණා.

ලොව සරාගීම නිළි කිරුළ දිනා සිටි ඇන්ජලීනා ජොලී හොලිවුඩයේ ආදරණීය මවක ලෙසින්ද නමක් දිනාගන්නට සමත්. ඇන්ජලීනා ජොලී සහ බ්‍රැඩ් පිට් බොහොම ආදරයෙන් බැඳුණු යුවළක් ලෙසින් හැඳීන්වුවත් වසර දොළහක ආදර සම්බන්ධය හමුවේ විවාහ වී දෙවසරක් ඇතුළත දෙදෙනා දෙපසකට වුණා. ඔවුන් දෙදෙනාගේ නිවුන් දරුවන් විවියන් සහ නොක්ස් ඇතුළුව හදාගත් දරුවන් වන මැඩොක්ස්, පැක්ස්, ෂිලෝ සහ සහරාගේ භාරකාරත්වය පැවරුණේ ඇන්ජලීනා ජොලී වෙතයි. මව්පියන් එකිනෙකා වෙන් වුණත් දරුවන් වෙනුවෙන් කැපවීම ජොලී සේම පීට් අතිනුත් සිදු කෙරෙන බවත් හොලිවුඩයෙන් ආරංචියි.

කේට් හෝම්ස් හොලිවුඩයේ තවත් හැඩකාර මවක්. ඇය තම දරුවා දිනා ගන්නට නීතිය ඉදිරියේ සටන් කළ මවක් ලෙසත් විශේෂයි. ටොම් කෲස් සහ කේට් හෝම්ස් අතර විවාහය දෙදරා යාමත් සමඟින් දියණිය සූරිගේ අයිතිය ඉල්ලා දෙදෙනා අතර වූ ගැටුම කෙළවර වුණේ උසාවිය දියණියගේ අයිතිය කේට්හට ලබා දෙමින්. 2012 වසරේදී කෲස් සහ කේට් අතර විවාහය දෙදරා යාමට හේතුව ආගම බව වරෙක කෲස් පවසා තිබුණා.

අමෙරිකානු නිළියක, ගායිකාවක, මොස්තර නිර්මාණ ශිල්පිනියක වන ජෙනිෆර් ලෝපේස්ගේ (ජේලෝ) හට සුප්‍රකට ගායක මාර්ක් ඇන්තනි සමඟ විවාහයෙන් නිවුන් දියණියක සහ පුත්‍රයෙකු සිටිනවා. එමේ දියණිය සහ මැක්ස් පුතු ජේලෝගේ ජීවිතයට ආලෝකයක් බව ඇය පවසනවා. රූගත කිරීමකදී හෝ වෙනත් විශේෂ අවස්ථාවකදී හැරෙන්නට තම දරුවකු සමඟින් නොසිටින ඡායාරූපයක් සොයා ගත හැකි නිළියක් නම් ඇය ජෙනිෆර් ගානර් බවයි හොලිවුඩයෙන් ආරංචි වෙන්නේ. ගානර් බෙන් ඇෆ්ලෙක් සමඟි විවාහයෙන් දරුවන් තිදෙනෙකු ලද අතර දික්කසාදයෙන් පසු දරුවන්ගේ අයිතිය ගානර් වෙත පැවරිණි.

අමෙරිකානු පොප් ගී තරුව මැඩෝනා ද මාතෘත්වය දිදුලන රූබර මවක ලෙසින් හොලිවුඩය නම් කර තිබෙනවා. අසාර්ථක විවාහ තුනක් ඇයගේ ජීවිතයේ වන අතර එයින් නළු කාලෝස් ලියන් සහ චිත්‍රපට නිෂ්පාදක ගයි රිච් සමඟ විවාහයන් ගෙන් දරුවන් දෙදෙනෙකු බිහි කළාය. කාලෝස් වෙතින් දියණිය මාරියා උපත ලද අතර ගයි රිච් සහ මැඩෝනාගේ පුතු රොකෝ නම් වෙයි. කළු සමක් ඇති දරුවන් හදාවඩා ගැනීමට ඇලුම් කළ ඇය අප්‍රිකාවේ මලාවි රාජ්‍ය යෙන් දරුවන් සිව් දෙනෙකු දරුකමට හදාවඩා ගන්නීය. කෙසේ නමුත් මේ වන විට තම කුසින් බිහි කළ දරුවන් තම පියවරුන් සමඟින් වෙසෙන අතර මැඩෝනාගේ තනි නොතනියට සිටින්නේ හදාගත් දරුවන් සිව්දෙනා පමණි. ඇය විසින් මලාවි රාජ්‍ය යේ ඉදිකළ රෝහලක් ද පසුගියදා විවෘත කෙරුණා.

ජනප්‍රිය නිළි නිකොලේ කිඩ්මෑන් ද මෙම හැඩකාර මව්වරුන්ගේ ලැයිස්තුවට ඇතුළත්. තවමත් පනස් වැනි වියේ පසු වුවත් ඇයගේ සුන්දරත්වය නම් අඩු වී නොමැති බව හොලිවුඩ් පුවත් ගෙන එනවා. දෙවරක් විවාහපත් වී සිටින ඇය දරුවන් සිව් දෙනෙකුට මවක් වෙනවා. ටොම් කෲස් සමඟ විවාහයේදී ඇය දියණියක සහ පුත්‍රයකු දරුකමට හදාගත් අතර දික්කසාදය සමඟින් ඔවුන්ගේ භාරකාරත්වය පැවරුණේ ටොම් කෲස් වෙතයි. ගායක කීත් අර්බන් සමඟ විවාහයෙන් ඇයට දියණියන් දෙදෙනෙකු සිටිනවා.