වර්ෂ 2016 ක්වූ  සැප්තැම්බර් 07 වැනිදා බ්‍රහස්පතින්දා




රාජ්‍ය සාහිත්‍ය සම්මාන පිදුම

රාජ්‍ය සාහිත්‍ය සම්මාන පිදුම

2017 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් නෙළුම් පොකුණ රඟහලේ දී පසුගිය 08 වැනිදා පැවැත්විණි.
එහිදී සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වය යටතේ ස්වතන්ත්‍ර නවකතා, කෙටිකතා, පද්‍ය කෘති, යොවුන් සාහිත්‍ය කෘති, ගීත රචනා සංග්‍රහ, නාට්‍ය, විද්‍යා ප්‍රබන්ධ හා ළමා සාහිත්‍ය කෘති (මුද්‍රිත පිටු 6කට නොවැඩි) ශාස්ත්‍රීය හා පර්යේෂණ, පරිවර්තන, නව කතා, කෙටිකතා, පද්‍ය කෘති, පරිවර්තන නාට්‍ය, ශාස්ත්‍රීය හා පර්යේෂණ හා විවිධ විෂයක ග්‍රන්ථ සඳහා සම්මාන පිරිනැමිණි.

මෙවර හොඳම ස්වතන්ත්‍ර සිංහල නවකතාව ලෙස කීර්ති වැලිසරගේ විසින් රචිත ගරුඬ මුහුර්තය කෘතියද, හොඳම ඉංග්‍රීසි නවකතාව ලෙස නයෝමි මුණවීර විසින් රචිත What Lies Between Us කෘතියද, හොඳම දමිළ නවකතාව ලෙස එම්. බාලසිංහම් විසින් රචිත තළම්පු කෘතියද සම්මානයට පාත්‍රවිය. මහාචාර්ය ආරිය රාජකරුණා (සිංහල මාධ්‍ය), ජින් අර්සනායගම් (ඉංග්‍රීසි මාධ්‍ය) සහ නීර්වේ පොන්අයියන් (දෙමළ මාධ්‍ය) යන සාහිත්‍යධරයින් වෙත ජීවිතයේ එක්වරක් පමණක් ලැබෙන සාහිත්‍යරත්න සම්මාන පිරිනැමීය.
සම්මාන ලද අනෙකුත් සිංහල කෘතින් මෙසේය.

හොඳම ස්වතන්ත්‍ර කෙටිකතා සංග්‍රහය
මකර තොරණ -
ප්‍රභාත් ජයසිංහ

හොඳම ස්වතන්ත්‍ර නාට්‍ය කෘතිය
හඩ නිහඬ නාට්‍ය -
ජයලත් මනෝරත්න

හොඳම ස්වතන්ත්‍ර ගීත රචනා සංග්‍රහය
පිනිබර මලක් -
කුලරත්න අරියවංශ

ස්වතන්ත්‍ර පද්‍ය කෘතිය
සමහර කමටහන් -
ලක්ෂාන්ත අතුකෝරල

යොවුන් සාහිත්‍ය කෘතිය
රාමා හා දිනූ -
අනුල ද සිල්වා

හොඳම විද්‍යා සාහිත්‍ය කෘතිය
සැඟවුණු ලොවක
හුදෙකලා ගවේෂණය -
හසිනී භාග්‍යා රත්නායක

ළමා සාහිත්‍ය කෘති
පළමු කාණ්ඩය
අවුරුදු කෑම -
සිබිල් වෙත්තසිංහ

දෙවන කාණ්ඩය
මගේ ගුරුතුමා -
තනූජා එම් අයගම

හොඳම පිටකවර නිර්මාණය
ශාන්ත කේ. හේරත්
(නොනවතින දඩයම)

ශාස්ත්‍රීය හා පර්යේෂණ
සංස්කෘති නාට්‍ය හා
රංග ශිල්පය
වෝල්ටර් මාරසිංහ

විවිධ විෂයක ග්‍රන්ථ
(මානව ශාස්ත්‍ර)
භාෂා විමංසා -
පියසිලි විජේමාන්න
(සමාජ ශාස්ත්‍ර)

පොලිස් ඉතිහාසය හා ප්‍රජා පොලිස් සේවය ග්‍රන්ථය -
වික්ටර් පෙරේරා
(පරිවර්තන)
මැජික් ලන්තෑරුම -
එම්. ඩී මහින්දපාල

හොඳම පරිවර්තිත කෙටිකතා සංග්‍රහය
වෙස්මුහුණ -
චන්දන මෙන්ඩිස්

හොඳම විවිධ විෂයක පරිවර්තිත ග්‍රන්ථය
මගේ ජීවිත කතාව හෙවත්
(සත්‍ය සොයා කළ මගේ පර්යේෂණයන්හි කතාව) -
ගයාත්‍රී මනෝහාරී හේරත්

හොඳම පරිවර්තන ශාස්ත්‍රීය හා පර්යේෂණ ග්‍රන්ථය -
සම සම්මාන
දැහැමි අශෝක
(අශෝක අධිරාජ්‍යයාගේ නිසැක ජීවන චරිතය) -
විමලසේන විදානපතිරණ

නිර්වාණය සහ ආවචත්‍යත්වය -
ඩෙන්සිල් සේනාධීර

හොඳම පරිවර්තිත නවකතාව නොමේරූ තරුණයෙක්
(1, 2, 3 කාණ්ඩ)
ආනන්ද අමරසිරි

හොඳම පරිවර්තිත නාට්‍ය කෘතිය
ශ්‍රී හර්ෂදේව රචිත රත්නාවලී නාටිකා කෘතිය
වෝලටර් මාරසිංහද

හොදම නිමාවෙන් හා පිටු සැකැස්මෙන් යුත් නිර්මාණ ග්‍රන්ථය
සම්ප්‍රදාන -
අරුණ ලොකුලියන
(මහාචාර්ය කේ.එම්.පී කුලසේකර අභිනන්දන ශාස්ත්‍රය සංග්‍රහය)