|
“මාතෘ සෙනෙහසක උත්කෘෂ්ටය පිළිගැන්වීමකි”හීන හොයන සමනල්ලු
අසනීප වන ශොහාන් පාසලින් රෝහලට ඇතුළත් කිරීම හා ඉන් අනතුරුව ශෙහාන්ගේ පියා ආදිත්‍යගේ (සෞම්‍ය ලියනගේ) පැමිණීමත් ඔහුගේ හදිසිය දරු සෙනෙහස ඉක්මවා යාමක් වැන්න. කුතුහලය සපිරි රූපමය ඉරියව් නිරූපණයකි.
අවයව ගනුදෙනුවක් මුදල බලය අතර දෝලනය වී මාතෘ සෙනෙහස හමුවේ නිරුත්තරව, ගොඩනැගුණු පීතෘ මූලික ප්‍රතිරූපය දෙදරා යෑමක් "හීන හොයන සමනල්ලු" චිත්‍රපටයේ සමස්තයේ අවසන් අන්තර්ගතයට පාදක වේ. එසේම "හීන හොයන සමනල්ලු" තුළ ශේෂ වන දුබලතා අතරින් පතර ගැබ්ව තිබුණ ද සරල හැඩයක් සහිත විරල ප්‍රස්තුතයක හරය මොනවට කියාපාන දුලබ උත්සාහයකි. තවද, ගැටුමක හිඩැස සිතිවිලි අතර ජීවිතය හා දිවෙන යථාර්ථය අධ්‍යක්ෂවරයාගේ ගවේෂණයකැයි හැඟේ. උදෑසන නගරයේ සුඛෝපභෝගී නිවසක් සහ උදෑසන දුෂ්කර ගම්මානයක නිවසක් ගළපමින් උදේ ආහාරය නිරූපණය වන අවස්ථා නිර්මිතය තුළ සමාජ වට පිටාව අධ්‍යක්ෂවරයා ඉස්මතු කරවන්නට උත්සාහයක නිරතව සිටින බව හැඟවෙයි. පොල් සමඟ බත් ඊට වඩේ එකක් එකතු කරගත් උදේ කෑම වේල එසේම "වේල් තුනටම බත්. ඒත් වේල් තුනම කන්නේ නෑ" බන්ටිගේ අහිංසක ප්‍රතිචාර ප්‍රේක්ෂක හදවත් අනුකම්පාවට ලක්වේ. තවද රස කෑම හමුවේ ප්‍රතිචාර සැසඳිය හැකිය. රූප ඡේදන පරාසය තුළ විකාශිත රූප ඊට ඉඟි සපයයි. ෂේන් කිරි බොද්දී බන්ටි වතුර බීම සමාජ යථාර්ථයේ උඩු යටිකුරු කරන ඇති නැති පරතරය ඉස්මතු කරවයි. ප්‍රාථමික පාසල ගුරුවරියන් දෙදෙනෙකුගෙන් යුත් එකක් බව හැඟවෙන අතරේ, සැර ටීචර් කෙනෙකි. අනෙක් ගුරුතුමිය කරුණාවන්තය. හොඳ ටීචර් සහ සැර ටීචර් හමුවේ සිසුන්ගේ ප්‍රතිචාර සියුම් ලෙස ළමා හැඟීම් තේරුම් ගැනීමට හොඳම හොඳ පාඩමකි. "මම් මොනවද කළේ" සැර ටීචර්ගේ පුතු සිසු ක්‍රියාකාරකම් හමුවේ හැම විට වරදකරුගේ භූමිකාවට ලක්වීම තම මව් හමුවේ අසරණ වීම අපූරු රූපමය හසුරුවකි.
ව්‍යර්ථවන උත්සාහයන් අත් නොහැරීම හරහා දඟකාර පන්තිය අහිංසක ව්‍යායාම රැසකින්
සමන්විතය. කුරුම්බා හොරකම සංවේදී ප්‍රකාශන අවස්ථාවකි. කෑම උවමනාව යටි පෙළ අරුත වේ.
ළමා ලෝකයේ අව්‍යාජ පිළිබිඹුවකි. පසුබිම් ගී ගායනාවට මුසු වන කුරුම්බා හොරකමේ අසිරිය
මනරම් රූප එකතුවකි. පසුබිම් දර්ශන තල තෝරා ගැනීමේදී දක්වා ඇති දක්ෂතා ඵලදායී
ව්‍යායාම වේ. එම රූප සමුච්චයන් ඇසට රසඳුනකි. හරයකි. රාත්‍රී ආහාරය හා බැඳුණු අවස්ථා ගම - නගරය මුසු කරවීම ගමේ ගෙදර කුස්සිය රූපණය වීම හා නගරයේ සුඛෝපභෝගී හෝටලයක දර්ශන තල මුසුව ආලෝකය අඳුර ඡේදනය මානුෂීය අරගලයක යථාරූපී නිරූපණයකි. ඇසට හසුරුවකි. ගමේ දරුවන් සැර ටීචර්ගෙන් දඬුවම් ලබද්දී "ඉහෙක් බහින ලෙඩක් නෑ" යනුවෙන් කරනු ලබන ප්‍රකාශය අධ්‍යක්ෂවරයාගේ දාෂ්ටියෙන් මෙහි ප්‍රස්තුතයට අනුකූල සිනමා භාවිතාවකි. බන්ටිගේ ජීවන රටාව දරිද්‍රතාවේ මුසුවකි. "කඳුළින් සිසිල ලබා සුසුමින් ගිමන නිවා . . ." භාවාත්මක ගීතමය රූපණ සමඟින් වේවැල් හඬ මුසු වේදනාකාරී හඬ රිද්මයකි. කඳුළින් රිදුම් දෙන රූ රසයෙන් ඔපවත් දෘශ්‍යමය සංකලනයකි. හද කිතිකවන සුළු ගීතය හීන හොයන සමනලුන්ගේ රැඟුම් සපිරි අපූරුවකැයි සිතේ. මෙහි කුසගින්න හා දරිද්‍රතාව ඉස්මතුවීමේ ප්‍රවණතා ලඝුකළ නොහැකිය. තවද ළමා මනස ඉඩකඩ හා ජීවිත වපසරිය තුළ ලබන තෘප්තිය මනසට නිමාවක් මුසු ක්ෂණික සහනයකි. කිරි අත්තගෙ බේත්වල පිහිට පතා යහළුවන් දෙදෙනා (බන්ටි සහ ශෙහාන්) නගරයේ නේවාසිකව සිටි රෝහලේ සිට ගමට පිවිසීම එක් ප්‍රයත්නයකි. අසනීප වන ශොහාන් පාසලින් රෝහලට ඇතුළත් කිරීම හා ඉන් අනතුරුව ශෙහාන්ගේ පියා ආදිත්‍යගේ (සෞම්‍ය ලියනගේ) පැමිණීමත් ඔහුගේ හදිසිය දරු සෙනෙහස ඉක්මවා යාමක් වැන්න. කුතුහලය සපිරි රූපමය ඉරියව් නිරූපණයකි. "කොල්ලට මැරෙන්න දෙන් නෑ ප්‍රොමිස්" පිය සෙනෙහස ඉස්මතු වන ප්‍රකාශය හා මවගේ සිතිවිලි ආවර්ජනය සෙනෙහස වින්දනිය ලෙස විඳීම කඳුළින් සනිටුහන් වූ රූ සරණියකි. පීඩන වපසරියක සීමා මායිම් අනන්තය. ෂෙහාන්ගේ මවගේ සිතිවිලි ආවර්ජනය අතැඟිල්ල තුවාල වීම, සාස්තරය ඇසීම හා ඉන් පසු හිනැහීම, හැඬීම හා ඡේදනය වන රූප චලන විශ්වාසය අවිශ්වාසය අතර මත ගැටුමක ඵලයකි. ශෙහාන්ගේ අසනීප තත්ව නිරූපණය තත්වාකාර නොවන තරම්ය. ලුහු තැන් මුසුවක් එහි ගැබ්ව තිබීම කැපී පෙනෙන පිළිබිඹුවකි. එසේම "මම් මොනවද කළේ" යළි යළි අනුප්‍රාස රූප භාවිතාව විටෙක ප්‍රේක්ෂක ප්‍රසාදයට ලක් නොවන්නේ ද නොවේ. ගම හා නගරය ගැටුමකට ලක් කරවීමේ භාවිතාව ශෙහාන්ගේ රෝගය හා සාකච්ඡා කිරීමට අධ්‍යක්ෂවරයා ගන්නා උත්සාහය ඵලදායී තලයකට ගෙන ඒමට ගත් එකක් යැයි නොසිතේ. ඒ සඳහා යෙද වු ක්‍රමෝපායයන් ලඝු වී තිබේ. එසේම දරුවකුගේ රෝගී තත්ත්වයන් හමුවේ දෙමාපියන්ගේ මානසික පීඩනය කෙතරම්දැයි සාකච්ඡා කිරීමට අධ්‍යක්ෂවරයා විවිධ සැලසුම් හීන හොයන සමනලුන් සමඟින් සාකච්ඡා කිරීමට එකතු කළ අඩු වැඩි කථා සාරයේ ඵල නෙලා ගන්නට තරම් නොවේ යැයි හැඟෙන සීමාවන් හමුවේ. තවද, අතරමැදියා හා ගනුදෙනුව බන්ටි ගමෙන් නගරයට හුවමාරු වීම අතර සිදුවීම විශ්වසනීයත්වයෙන් තොරවීම ද ඌන පුරාණයකි. ගමේ මිතුරා සුමේධගේ හුදෙකලා කාන්සිය නිරූපණය වන්නේ සෙල්ලම් නොකිරීම, කිරිබත් පාර්සලයට ප්‍රතිචාර නොදැක්වීම භාවමය අවස්ථාව වේ. චිත්‍රපටය තුළ ඉස්මතු වන සිසු අහේනිය නිරූපිත සාධනීය ලක්ෂණ ළමා සිතිවිලි උරා ගැනීමකි. එසේම බන්ටි රෝද පුටුවේ සිටින හුදෙකලා රූපමය අවකාශය සංවේදී අවස්ථා පිළිබිඹුවකි. පිපෙන කැකුළු බඳු අංකුර ළමා ශිල්පින් රැසකගේ රංගන දායකත්වය "හීන හොයන සමනල්ලු" චිත්‍රපටය තුළ මැවෙන ප්‍රශස්ත අපූරුවකි. හසුරු කුසලතා මැවීමකි. "තවත් ඔපරේෂන් එපා මට හොඳටම රිදෙනවා, බන්ටිගෙන් ලේ ගන්න එපා" ශොහාන්ගේ ප්‍රකාශය ප්‍රේක්ෂක කම්පනයට මුදා හැරෙන සිතිවිලි රූපණයකි. සංවේදී දසුන් මුසුවකි. "තාම රිදෙනවද?" ශෙහාන්ගේ මවගේ (දිල්හානි ඒකනායක) රූපණ භාවිතාව තුළින් මවකගේ අමතක නොවන මතකයන් ප්‍රේක්ෂක හදවත් තුළ ශේෂ කරවන්නට අධ්‍යක්ෂවරයා සමත්ව තිබේ. ශෙහාන්ගේ උපන් දිනය දා කේක් ගෙඩිය මත දැල්වෙන ඉටිපන්දම් නිවීමේ අවස්ථාව හුස්මකි. අපගේ හුස්ම අපටම හිරවීමක් වැන්න. මාතෘ සෙනෙහස, කඳුළු නොකර කඳුළින් තෙත් කළ අරුමැසි පුත් (ශෙහාන්) රුව කාරයේ පැති කණ්ණාඩිය හා ඡේදනය වෙමින් බන්ටි කාරයේ අසුන් ගතවීම මාහැඟි රූපාවලියකි. දුඛාන්තය සුඛාන්තයක් වී හීන සොයා යෑමේ ඵලය දුඛාන්තයයක් වන්නේ විජේබණ්ඩාර පවුල විරසක කරවමිනි. එහෙත් ශෙහාන්ගේ නික්මීම දැනවීම දුඛාන්තයක් වන්නේ දෙවන වර බන්ටිගේ විහිළුව විහිළුවක් නොවී ජීවන සරදම සරදමක්ම වීම හේතුවෙනි. එය නම් හද සසල කර වූ දැනවීමක්මය. "හීන හොයන සමනල්ලු" මෙම සංවේදී අරගලයට නැවතීමේ තිත තබන්නේ කහටගස්හෙවණ ගමේ ප්‍රාථමික පාසලේ කඩුල්ල අද්දරිනි. ඔබ සොයා ගත් "හීන හොයන සමනල්ලු" සමඟින් හුස්්මක් අරගෙන මඳක් නැවතී හුඟක් සිතා සුසුමකින් පසු හිනැහෙන්නැයි රොහාන් පෙරේරා නම් වූ නවක අධ්‍යක්ෂවරයාට ආරාධනා කරන්නේ මතු දවසක තවත් නවමු සිනමා දෘශ්‍යමය අපූරුවක් දැක ගැනීමේ අභිලාෂයෙනි.
|