වර්ෂ 2016 ක්වූ  සැප්තැම්බර් 07 වැනිදා බ්‍රහස්පතින්දා




ඡායාරූප රස කතා

ඡායාරූප රස කතා

ඉකුත් දා පැවැත්වුණු සුනිල් ෆොන්සේකාගේ පුතාගේ විවාහ මංගල උත්සවය දින අපූරු දසුන් කිහිපයක් තම කැමරාවට හසුකර ගැනීමට අප ඡායාරූප ශිල්පී නිශ්ශංක විජේරත්නට හැකියාව ලැබුණා. පසුගිය සරසවිය කළාපයෙන් අප එම උත්සවයේ තෝරාගත් සේයා රූ ප්‍රමාණයක් පළ කරනු ලැබුවා. ඒ අතරින් දෙකක් අප එම පිටුවට ඇතුළත් කළේ නැහැ. ඒවා තියාගත්තා මේ සතියට. ඔන්න බලන්නකෝ ඒ සේයාරූ යුවළ මොකක්ද කියලා.

'මහාචාර්යතුමෝ අපි හදමුද යසෝධරා වගේ තවත් චිත්‍රපටයක්. මං වියදම් කරන්නම්'

මහාචාර්ය සුනිල් ආරියරත්නගේ කනට මුමුණා එච්. ඩී. ප්‍රේමසිරි කියන්නේ එවන් වූ කතාවක් වෙන්න ඇති. මහචාර්යතුමගේ යසෝධරා චිත්‍රපටයේ නිෂ්පාදක ප්‍රේමසිරි මහත්තයනෙ. ඒකයි අප ඒ වගේ කතාවක් කියන්න ඇති කියලා අනුමාන කළේ. ඊට එහායින් නියම කතාබහක් ඇහුණා.

"ඔව් රවී . . ."

නැහැ රවී . . .

ඇත්තද රවී

හොඳයි රවී

කතා කරන දෙන්නම එකම නම පවසමින් කතා කරනවා. බැලින්නම් දෙන්නම රවීලා. එක් කෙනෙක් රයිගම් අධිපති ආචාර්ය රවී ලියනගේ. අනෙක් කෙනා රංගධර රවීන්ද්‍ර රන්දෙණිය.