වර්ෂ 2016 ක්වූ  සැප්තැම්බර් 07 වැනිදා බ්‍රහස්පතින්දා




කුලුඳුල් ටෙලි සංගීතය

කුලුඳුල් ටෙලි සංගීතය

ගිය සතියේ එක්තරා දවසක නිරෝෂා විරාජිනි තම ෆේස්බුක් ගිනුමට අපූරු සටහනක් සහ ඊට අදාළ සේයාරූ කිහිපයක් එක්කොට තිබුණා. ඇය කුලුඳුලේ සංගීත අධ්‍යක්ෂණය කළ ටෙලි සිතුවමේ සංගීත වැඩ කටයුතු පසුගියදා නිම කළා.

ඊට අදාළ සටහනක් සහ සේයාරූ කිිහිපයක් තමයි නිරෝෂා තම මුහුණු පොතට එක්කොට තිබුණේ. එම ටෙලි නාට්‍යහි නම මේ මමයි. රූපවාහිනී රචනය සහ නිෂ්පාදනය බුද්ධිනී ජයවර්ධනගේ. ඩොමී ජයවර්ධනගෙන් පැවත එන කලා පරපුරේ තෙවැනි පරම්පරාව තමයි බුද්ධිනී නියෝජනය කරන්නේ.

මේ මමයි ළඟදීම ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය වීමට නියමිතයි. එතකොට නිරෝෂාගේ සොඳුරු සංගීත රටා මේ මමයි ඔස්සේ රස විඳින්නට පුළුවන්.