|
සේනක නවරත්නගේ කුළුදුල් චිත්රපටයරැකියා විරහිත ඩග්ලස්ගේ සිහින මාලිගාව ජොබ්ලස් ඩග්ලස්
මේ ගෙවෙන්නේ ඩග්ලස්ගේ ජීවිතයේ හොඳම කාලවකවානුවයි. තම පෙම්වතිය වන වෙරෝනිකා සමඟ
විවාහ වී දරුමල්ලන් හදා වඩා යහපත් පවුල් ජීවිතයක් ගත කිරීම ඔහුගේ එකම අපේක්ෂාවයි.
එහෙත් එම සිහිනයත් හුදෙක්ම සිහිනයක් බවට පත්වන්නේ ඩග්ලස්ට රැකියාවක් නොමැතිවීමයි.
පරිගණක තාක්ෂණයේ කෙළ පැමිණි තැනැත්තෙකු වන ඔහු එම අංශයෙන් සුදුසු රක්ෂාවක් සොයා
නොගිය තැනක් නොමැත. බොහෝ ආයතනයන්හි පරිගණක අංශයේ සේවකයින්ගේ අඩුවක් නැත. එහෙත්
ඩග්ලස්ට සිදු වන්නේ තම උපාධි සහතික රැගෙන සිඳගත් බලාපොරොත්තු ස මේ අතරතුරදී වෙරෝනිකාගේ පියා කාලයක් තිස්සේ ඩග්ලස් හා වෙරෝනිකා අතර ඇති පෙම්පලහිලව්ව පිළිබඳ ඇස යොමාගෙන සිටියේය. ඩග්ලස් ජොබ්ලස් බැවින් ජීවිතය කෙදිනක ගොඩ දමා ගනී ද කියා කියන්නට බැරිය. එහෙයින් පියා වෙරෝනිකාට රං බණ්ඩා නමැති ධනවත් තරුණයකු ගැන නිතර වෙරෝනිකාට පවසන්නේය. ඔහුගේ වත්පොහොසත්කම් ගැන මහා ඉහළින් වර්ණනාවක ද යෙදෙන්නේය. මේ වහසිබස්වලට වෙරෝනිකාගේ සිත ඇදී යන්නේ ඉබේටමය. දිනෙක ඩග්ලස් නගරයේ ඇවිද යන්නේ හිස් වු මනසකින් යුතුවය. ඔය අතරතුරදී නවීන පන්නයේ වාහනයක් ඩග්ලස්ව පසු කර යන්නේය. අහෝ පුදුමයකි.
මේ කතා පුවත රැගත් සිනමාපටය ජොබ්ලස් ඩග්ලස් ලෙසට හඳුන්වා දෙමු. එය සේනක නවරත්නගේ අධ්‍යක්ෂණයක් වන්නේය. චන්ද්‍රා කුමාරි නවරත්න ජොබ්ලස් ඩග්ලස් හි නිෂ්පාදකවරියයි.
ජොබ්ලස් ඩග්ලස් නිෂ්පාදන කණ්ඩායම:
ජොබ්ලස් ඩග්ලස් හි නළු නිළියන්: රොඩ්නි වර්ණකුල, මහින්ද පතිරගේ, ඩිල්ෂානි පෙරේරා, නන්දන හෙට්ටිආරච්චි, අසංග පෙරේරා, දොන් ගයි, ජිවන් හඳුන්නෙත්ති, අනුර ශ්‍රීනාත්, ශිරාන් ශාන්ත සහාය අධ්‍යක්ෂණය සහ ශබ්ද සැලසුම - සසික රුවන් මාරසිංහ කැමරා අධ්‍යක්ෂණය - ලලිත් එම්. තෝමස් සංගීත අධ්‍යක්ෂණය - දිලුම් තේජන සංස්කරණය - අනුර බණ්ඩාර කලා අධ්‍යක්ෂණය - ප්‍රියන්ත දිසානායක අංග රචනය - තාරක අධිකාරි නිශ්චල ඡායාරූප - මහේෂ් නිශාන්ත ගී ගායනා - වෛද්‍ය බෙස්ට්ලි සිල්වා සමඟ ගයාත්‍රි රාජපක්ෂ නිෂ්පාදන සම්බන්ධිකරණය - හේමප්‍රිය කණ්ඩම්බි ගී පද රචනය සහ තිර රචනය - සේනක නවරත්න
|