වර්ෂ 2016 ක්වූ  ජූනි 29 වැනිදා බ්‍රහස්පතින්දා




රයිගම් ටෙලි සම්මාන වැඩි ගණන තනි අතට යන පාරට

රයිගම් ටෙලි සම්මාන වැඩි ගණන තනි අතට යන පාරට

අයි. ටී. එන් - සිරස හොඳම නාලිකා

වසරේ වැඩිම සම්මාන දිනාගත් හොඳම රූපවාහිනි නාලිකාව ලෙස ස්වාධීන රූපවාහිනිය ද, හොඳම මාධ්‍ය වැඩසටහන් නාලිකාව ලෙස සිරස නාලිකාව ද අබිසෙස් ලබමින් 13 වන රයිගම් සම්මාන උලෙළ නිමාවට පත් විය. මෙවර හොඳම ටෙලි නාට්‍යය ලෙස ලලිත් රත්නායකගේ තනි අතට යන පාර සම්මාන දිනා ගත්තේ සම්මාන 14 ක් සමඟිනි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ කතානායක කරු ජයසූරිය යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සම්මාන උලෙළ පැවැත් වූයේ නෙළුම් පොකුණ පරිශ්‍රයේදීය.

ජූරියේ සම්මාන

ජූරියේ කුසලතා සහතික

සහේලි සදිත්මා - තාරා ටෙලි නාට්‍යය - ස්වර්ණවාහිනී

දිනුලි ජයෝධා - ගොලු තාත්තා - ස්වර්ණවාහිනී

ඊෂර භාෂිත - ගොලු තාත්තා - ස්වර්ණවාහිනී

ජූරියේ කුසලතා සම්මානය

සුභාෂිණී බාලසුබ්‍රමනියම් - තාරා - ස්වර්ණවාහිනී

ප්‍රදීප් විජේකෝන් - Wide Colombo - ශ්‍රද්ධා ටීවී

දමිත් නිශාන් සංජීව, රුමේෂ් අකිල - හිරු සිහින රැයක් - හිරු ටීවී

ජූරියේ විශේෂ ඇගයීම් සම්මානය -

කදිරේසන් කත්‍රික් - පවිත්‍ර ටෙලි නාට්‍යය - ශක්ති ටීවී

ලක්මල් කිරිඳිගල - ප්‍රේමවතී මනම්පේරි ඝාතනයේ සත්‍ය කතාව - සිරස ටීවී

නාමල් ප්‍රසන්න - මේ වගේ දියණියෝ වැඩසටහන - ජාතික රූපවාහිනිය

කුමාර තිරිමාදුර සහ සරත් කොතලාවල - (තිර රචනය) ගැහැම් බෙල්වත් හිතුවාද - ස්වර්ණවාහිනිය

වසන්ති නානායක්කාර - වැහි පීල්ල - ටීවී දෙරණ

මාධ්‍ය විශිෂ්ටතා සම්මාන

විශිෂ්ටතම රූපවාහිනී ළමා වැඩසටහන

නැණ මිහිර - ජාතික රූපවාහිනිය - දේවිකා තරගංනී කුමාරසිංහ

විශිෂ්ටතම රූපවාහිනී ක්‍රීඩා වැඩසටහන

දිනන ළමයි - හිරු ටීවී - සාරංග පතිරණ සහ කවිඳු ප්‍රනාන්දු

විශිෂ්ටතම රූපවාහිනී අධ්‍යාපනික වැඩසටහන

සිරස පෙන්ටත්ලන් - සිරස ටීවී - පුලිඳු මිස්සක එදිරිසිංහ, වරුණ කරුණාරත්න

විශිෂ්ටතම රූපවාහිනී ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන

සිරස ලක්ෂපති - සිරස ටීවී - සමිත් බස්නායක, සුසන්ත සෙනෙවිරත්න

විශිෂ්ටතම රූපවාහිනී වාර්තා වැඩසටහන

කලර්ස් - රත්මලාන අන්ධ විද්‍යාලය - ජාතික රූපවාහිනිය - විකුම් බස්නායක

විශිෂ්ටතම රූපවාහිනී කාලීන වැඩසටහන

පාර්ලිමේන්තුව - ටීවී දෙරණ - ප්‍රසාද් කුමසාරු

විශිෂ්ටතම රූපවාහිනී සංගීත වැඩසටහන

Dell Studio Season III - ටීවී දෙරණ - චින්තක ගම්ලත්

විශිෂ්ටතම රූපවාහිනී හැඬ කැවීම

නත්තල් තෑග්ග - ජාතික රූපවාහිනිය - පී. කුලරත්න

විශිෂ්ටතම රූපවාහිනී සඟරාමය

වෙනස - ස්වාධීන රූපවාහිනිය - අංජන ජයතුංග, මංජුල ඇතුගල සහ වින්දන රසික

විශිෂ්ටතම රූපවාහිනී දේශපාලන කථිකා වැඩසටහන

සටන - සිරස ටීවී - අමල් තරංග රොඩ්‍්‍රගෝ

විශිෂ්ටතම ගවේශණාත්මක රූපවාහිනී පුවත්

සිරස විමර්ශන - සිරස ටීවී (අසාධාරණයට ලක් වූ කුලියාපිටියේ පාසල් ශිෂ්‍යයා) - තුසිත පිටිගල

විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදක - සිංහල

මධුෂාන් ද සිල්වා - ස්වර්ණවාහිනිය

විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවාත්ති නිවේදිකා - සිංහල

පුබුදු රත්නායක - හිරු ටීවී

විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදක / නිවේදිකා - දමිළ

කේ. පුන්නියමූර්ති - වසන්තම් ටීවී

විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදක / නිවේදිකා - ඉංග්‍රීසි

එම්. ජාවෙඩ් බොන්ග්සො - Channel Eye

විශිෂ්ටතම රූපවාහිනී සම්ප්‍රවේශක - සිංහල

සිතාරා හිරෝෂි කලුආරච්චි - ස්වාධීන රූපවාහිනිය

විශිෂ්ටතම රූපවාහිනී සම්ප්‍රවේශක - දමිළ

රාජේන්ද්‍රන් කෝගුලනාත් - ශක්ති ටීවී

විශිෂ්ටතම රූපවාහිනී සම්ප්‍රවේශක - ඉංග්‍රිසි

ජොයෙල් අවුට්ස්කුන් - ටීවී 1

නිර්මාණාත්මක රූපවාහිනී රියැලිටි වැඩසටහන

ජන අසුන (මීතොටමුල්ල කුණු කන්ද - කසළ කළමනාකරණට - සිරස ටීවී - සමිත් බස්නායක සහ සමන් ධම්මික

සම්මානනීය රූපවාහිනී

මාධ්‍ය වැඩසටහන් නාලිකාව

සිරස ටීවී

ජනප්‍රිය සම්මාන

ජනප්‍රියතම ටෙලි නාට්‍යය

දෙවෙනි ඉනිම - ටීවී දෙරණ

ජනප්‍රියතම ටෙලි නාට්‍ය නළුවා

රුවන් පෙරේරා

ජනප්‍රියතම ටෙලි නාට්‍ය නිළිය

නයනතාරා වික්‍රමාරච්චි

විශේෂ සම්මානය

කවිෂ් විහග

ප්‍රණාම සම්මාන

විශේෂ ප්‍රණාම සම්මානය i

ආචාර්ය ආරියදාස පීරිස්

විශේෂ ප්‍රණාම සම්මානය ii

රෝහණ බැද්දගේ මහතා

ප්‍රතිභා ප්‍රභා ගෞරව සම්මානය

මාලිනී ෆොන්සේකා මහත්මිය

(ජූරි සභිකයකු ලෙස කටයුතු කළ මහාචාර්ය පැට්ට්‍රික් රත්නායක ශූරින් වෙත ද විශේෂ සම්මානයක් පිරිනැමීම)

ටෙලි නාට්‍ය විශිෂ්ටතා සම්මාන

විශිෂ්ටතම ටෙලි නාට්‍ය අංග රචනය

වන් වේ තනි අතට යන පාර - වසන්ත විට්ටච්චි

විශිෂ්ටතම ටෙලි නාට්‍ය කලා අධ්‍යක්ෂණය

වන් වේ තනි අතට යන පාර - අරුණ මැදකුඹුර

විශිෂ්ටතම ටෙලි නාට්‍ය සංගීත අධ්‍යක්ෂණය

වන් වේ තනි අතට යන පාර - නාලක අංජන කුමාර

විශිෂ්ටතම ටෙලි නාට්‍ය ගීත රචනය

වන්වේ තනි අතට යන පාර (ඉඟිල යයි ගීතය) - බණ්ඩාර ඇහැලියගොඩ

විශිෂ්ටතම ටෙලි නාට්‍ය ගීත ගායකයා

වන් වේ තනි අතට යන පාර (ඉඟිල යයි ගීතය) - කෝලි භානු දිසානායක

වසරේ විශිෂ්ටතම නාට්‍ය ගීත ගායිකාව

මීදුං අම්මා (පින්සාර තොටමුණ ගීතය) - පූර්ණිමා ධනංජනී

විශිෂ්ටතම ටෙලි නාට්‍ය කැමරාකරණය -

වන් වේ තනි අතට යන පාර - සජිත වීරප්පෙරුම

විශිෂ්ටතම ටෙලි නාට්‍ය සංස්කරණය

වන් වේ තනි අතට යන පාර - ඉන්දික ජයවර්ධන

නැඟී එන ටෙලි නාට්‍ය නළුවා

බොහිමියානුවා (කල්ප) – සජිත අනුත්තර ඇන්තනි

නැඟී එන ටෙලි නාට්‍ය නිළිය

වන් වේ තනි අතට යන පාර (සේපාලිකා) නදීෂා මධුෂානි රූපසිංහ

විශිෂ්ටතම ටෙලි නාට්‍ය සහාය නළුවා

මද්දහන (ජයසුන්දර) - ලක්ෂ්මන් මෙන්ඩිස්

විශිෂ්ටතම ටෙලි නාට්‍ය සහාය නිළිය

වන් වේ තනි අතට යන පාර (නිර්මලා) - චාන්දනී සෙනෙවිරත්න

විශිෂ්ටතම ඒකාංගික ටෙලි නාට්‍යය

උරුමක්කාරයෝ (සිත නිවන කතා) - දයාරත්න රටගෙදර

විශිෂ්ටතම ටෙලි නාට්‍ය තිර රචනය

වන් වේ තනි අතට යන පාර - ලලිත් රත්නායක

විශිෂ්ටතම ටෙලි නාට්‍ය නළුවා

වන් වේ තනි අතට යන පාර (තේජන) - පුබුදු චතුරංග

විශිෂ්ටතම ටෙලි නාට්‍ය නිළිය

බොහිමියානුවා (නූරි) - උමාලි තිලකරත්න

විශිෂ්ටතම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය

වන් වේ තනි අතට යන පාර - ලලිත් රත්නායක

විශිෂ්ටතම ටෙලි නාට්‍යය

වන් වේ තනි අතට යන පාර - ස්වාධීන රූපවාහිනිය

අධ්‍යක්ෂණය - ලලිත් රත්නායක

නිෂ්පාදනය - එච්. ඩී. ප්‍රේමසිරි, බන්දුල ඒකනායක, චන්න ප්‍රනාන්දු, බණ්ඩාර ඇහැලියගොඩ