වර්ෂ 2016 ක්වූ  ජූනි 29 වැනිදා බ්‍රහස්පතින්දා




එක රජෙක් එක රැජනක් හීනයක්ද මේ

එක රජෙක් එක රැජනක් හීනයක්ද මේ

රාජ්මාතා ගයත්‍රි වෙත රාණා ගෙන් විවාහ යෝජනාවක් ඉදිරිපත් කරයි. රාණාහට විවාහ වීමේ බලාපොරොත්තුවක් නැති නමුත් රාණා සහ ගයත්‍රි අතර විවාහය සිදු කෙරෙයි. කෙමෙන් කෙමෙන් කාලය ගතවන විටදී රාණා සහ ගයත්‍රි එකිනෙකා හඳුනාගනිමින් ප්‍රේමයෙන් බැඳෙයි. බදි රාණි, සුලක්ෂණා, අව්දේශ්, රාගේෂ්වරී වැනි බාහිර පුද්ගලයන් ඔවුන්ගේ ජීවිතවලට පැමිණෙන්නේ මේ අතරතුරදීය.

Ek Tha Raja Ek Thi Rani මේ දිනවල ඉන්දියාවේ ඉහළම ජනප්‍රියත්වයක් හිමිකරගෙන සිටින ටෙලි නාට්‍යයක්. 1940 තරම් කාලයේ ඓතිහාහික පසුබිමක කතාවක් ගෙන එන Ek Tha Raja Ek Thi Rani  විකාශය ආරම්භ කළේ 2015 වසරේදීයි.

ගයත්‍රී යනු මහාරාජා කෙනෙකුගේ සුරූපි දියණියකි. රාණා ඉන්ද්‍රවාදන් සිං යනු අමර්කොත්හි රජුය. ඔහු දැඩි කනස්සල්ලෙන් පසු වෙන්නේ පළමු බිරිය රාණි සුලක්ෂණාගේ වියෝව හේතුවෙනි. රාණාගේ මව රාජ්මාතා ප්‍රියම්වදා ගයාත්‍රිගේ පියාහට ණය මුදලක් ගෙවිය යුතුව ඇත. ඒ වෙනුවෙන් රාජ්මාතා ගයත්‍රි වෙත රාණා ගෙන් විවාහ යෝජනාවක් ඉදිරිපත් කරයි. රාණාහට විවාහ වීමේ බලාපොරොත්තුවක් නැති නමුත් රාණා සහ ගයත්‍රි අතර විවාහය සිදු කෙරෙයි. කෙමෙන් කෙමෙන් කාලය ගතවන විටදී රාණා සහ ගයත්‍රි එකිනෙකා හඳුනාගනිමින් ප්‍රේමයෙන් බැඳෙයි. බදි රාණි, සුලක්ෂණා, අව්දේශ්, රාගේෂ්වරී වැනි බාහිර පුද්ගලයන් ඔවුන්ගේ ජීවිතවලට පැමිණෙන්නේ මේ අතරතුරදීය.

බදි රාණි විසින් ඇති කරන ගැටළු හමුවේ රාණා, රාගේෂ්වරී අතර විවාහය සිදුවන අතර ගයත්‍රි පිළිබඳ මතකය ඔහුගේ මතකයෙන් ගිලිහේ. රාණාගේ ආදරය නැවත ලබා ගැනීමේ අටියෙන් ගයත්‍රී සාවිත්‍රි ලෙසින් වෙස්වළා ගනී. ගයත්‍රීගේ උත්සාහය සාර්ථක වී රාණාහට නැවතත් පැරණි මතකය ලැබේ. නමුත් ඒ ප්‍රේමයට යළි බාධා ඇති වන්නේ බදි රාණි කැලෑ මිනිසෙකු වන කාල් ගෙන්වීම සමඟිනි. කාල් විසින් රාණා ඝාතනය කෙරෙන අතර ගයාත්‍රී ද ඝාතනය ලක් වෙන්නේ දියණියකට උපත ලබා දුන් පසුවය. මෙතෙක් සිදු වූ දේ වටහා ගන්නා රාජ් මාතා කුඩා බිළිඳීය සමඟින් සැඟවේ.

ගයත්‍රි සහා රාණාගේ දියණිය රාණි රාජ්මාතා සහ ලඛාන් සමඟින් හැදි වැඩෙයි. රාණි රාජකීය පවුලක මෙහෙකාර සේවයට පැමිණෙනන අතර එහිදී රාජා, ජීවන් සම බිංදු සමඟින් මිතුරු වේ. රාජා සහ ජීවන් කාල් ගේ පුතුන් වන අතර බිංදු, ලඛාන්ගේ දියණිය යි. මේවන විට කාල් රජ වී ඇත. බදි රාණි නිසා රාජා සහ රාණි අතර මිතුරු දම බිඳී යන අතර ළමා වියේදීම ඔවුන් වෙන් වේ.

දොළොස් වසරකට පසු ඔවුන් යළිත් උසස් පාසලේදී හමු වන අතර නේවාසික පාසලට තමා හට පැමිණෙන්නට සිදු වූයේ රාණි නිසා බව රාජා වැරදි වැටහීමක සිටියි. වැරදි වැටහීම් බිඳ වැටී දෙදෙනා ආදරයෙන් බැඳේ. රාජා සහ රාණි අතර විවාහය සිදු වන අතර මංගල දිනයේදී රාණි රාණා සහ ගයත්‍රි යුවළගේ දියණිය බවත් බදි රාණි සහ කාල් විසින් ඔවුන් ඝාතනය කළ බවත් රාජාහට දැන ගන්නට ලැබේ. රාජා සහ රාණි ද ආදරණීය විවාහ ජීවිතයක් ආරම්භ කළ ද ජීවන්, බිංදු සහ බදි රාණි ඔවුන්ගේ ජීවිත ද කරදරකාරී තත්ත්වයකට මෙහෙයවීමට සැරසේ.

Ek Tha Raja Ek Thi Rani කතා ප්‍රවෘත්තිය ඉදිරියට යන්නේ මේ අයුරිනි. පළමු අදියරේදී ධ්‍රෂ්ත්‍රි ධමී සහ සිද්ධාන්ත් කාර්නික් ගයත්‍රි සහ රාණා ලෙසින් ප්‍රධාන චරිත නිරූපණය කරන අතර දෙවැනි අදියරේදී ඊෂා සිං සහ සර්තාජ් ගිල් රාණි සහ රාජා ලෙසින් ප්‍රධාන චරිත නිරූපණය කරති. Ek Tha Raja Ek Thi Rani අධ්‍යක්ෂණය කරන්නේ පවන් පර්ඛි විසිනි. ඉන්දියාවේ Zee නාලිකාව ඔස්සේ සදුදා සිට සිකුරාදා දක්වා විකාශය කෙරෙන එය කොටස් 507කින් යුක්ත ය. බ්‍රිතාන්‍ය පාලන සමයේ රාජකීය ජීවිත උපුටා දක්වන ප්‍රබන්ධයක් ලෙස Ek Tha Raja Ek Thi Rani

හැඳීන්විය හැකිය. රාජකීයයන්ගේ වඩාත් සමීපතම ආරක්ෂිත රහස්, ජීවන රටාවන් මෙම කතාපුවත තුළ ඇතුළත් වේ.

Ek Tha Raja Ek Thi Rani ඊයේ (ජුනි 28) වැනිදා සිට පුංචි තිරයෙන් ඔබේ ආලින්දයටත් පැමිණෙනවා. ඒ 'හීනයක් ද මේ' නමින්. සඳුදා සිට සිකුරාදා දක්වා රාත්‍රි නවයට 'හීනයක් ද මේ' හිරු ටීවි ඔස්සේ දිගහැරෙනවා.