|
තුන් කොන් ප්‍රේමයක් ගැන කියන රහල්ගේ අලුත් ගීතය
‘හීනයක් ප්‍රේමයක් ඈතකදි දැකලාළං වුණා ජීවිතේ ආදරේ දැනිලා’හිත රිදුණ හැමදාම සැනසුවේ මං නේදකවුරුත් නැතිදාක තනි මැකුවෙ වෙන කවුද
පසුගිය දිනෙක අන්තර් ජාලයෙහි සැරිසරද්දී මෙම ගීතය අසන්නට ලැබුණා. එය ගයන්නේ රහල් අල්විස් නමැති නව පරපුරේ ගායකයා. ආදරය වෑහෙන අන්දමින් ගයනා කළ හීනයක් ප්‍රේමයක් තමයි රහල්ගේ ජනප්‍රියතම ගීය. මේ තතු විත්ති කියන්න හදන්නේ එම ගීය ගැන නම් නෙවෙයි. 'හිත රිදුණා හැමදාම' ඒ අහල්ගේ අලුත්ම ගීතය. තුන්කොන් ප්‍රේම කතාවක් ගැන කියවෙන හිත රිදුණා හැමදාම පද රචනයෙන් සිමෙත් කවීජ දායක වුණා. සංගීතය හසල් මියුසික් නිම කොට තිබෙනවා. මල්ෂි, නිනෝ සහ ඉසුරු මෙහි මියුසික් විීඩියෝවේ රංගන දායකත්වය සපයනවා. හිත රිදුණා හැමදාම ගීතයෙහි මියුසික් වීඩියෝවේ අධ්‍යක්ෂණය ද රහල්ගේ. එමෙන්ම ඔහුගේ අටවැනි ගීතය වන්නේ ද මෙයයි. එක් දිනක් පුරා රූ ගැන්වුුණු හිත රිදුණා හැමදාම ගීතය රූපගත කරනදා රහල්ගේ වාහනයේ හුළං ගියාලු වෙලක් මැද්දේ. මාදම්පේ ඇතුළට වෙන්න තරමක් දුෂ්කර ගම්මානයක තමයි මෙය සිදු වෙලා තියෙන්නේ. මේ හේතුවෙන් ෂූට් එක වෙලාවෙත් එහෙ මෙහෙ කරගන්න වුණාලු. වාහනයට ගල් තියලා ඔසවාගෙන හරිම අමාරුවෙන් ටයර් එකක් මාරු කරගෙන අදාළ දර්ශන තලයට ගිහිල්ලා තිබෙනවා. මේ බාධක මැද රූ ගැන්වුණු හිත රිදුණ හැමදාම ගීිතයේ මියුසික් වීඩියෝව බොහෝ පිරිසක් මේ වන විට නරඹලා තිබෙනවා. |