|
කපාල දූවේ වානර රජු 01 දා එළිදකී
විශ්ව සාහිත්‍ය කෘති ගණනාවක් සිංහල සාහිත්‍යයට එක් කළ ප්‍රභාත් මිරිහාගල්ල පරිවර්තනය කළ 'කපාල දූවේ වානර රජු' කෘතිය ජූලි 01 වැනිදා පූජ්‍ය එස්. මහින්ද හිමි මාවතේ දයාවංශ ජයකොඩි සහ සමාගමයේ පොත් ප්‍රදර්ශනාගාරයේදී එළිදැක්වේ. සිනමා නිර්මාණයක් ලෙස ලොවපුරා රසිකරසිකාවන්ගේ ජනාදරයට පත් වූ 'කිං කොං' චිත්‍රපටයට පාදක වූ 1932 වසරේ ප්‍රකාශිත එඩ්ගර් වොලස් සහ මේරියන් සී කූපර් රචනා කළ King Kong කෘතිය මෙසේ 'කපාල දූවේ වානර රජු' නමින් සිංහලයට පරිවර්තනය කර ඇත.
තිලක කුඩාහෙට්ටි ගෙන් පතංජලී යෝග සූත්‍ර විවරණය
ප්‍රවීණ ලේඛක තිලක කුඩාහෙට්ටි පරිවර්තනය කළ නවතම කෘතිය 'පතංජලී යෝග සූත්‍ර විවරණය' දයාවංශ ජයකොඩි සහ සමාගමයේ ප්‍රකාශයක් ලෙසින් නිකුත් වී ඇත. පතංජලී යෝග සූත්‍ර යනු ඉපැරණි සංස්කෘතික පෙළ පොතකි. එහි සූත්‍ර 196කින් සමන්විත රාජයෝගවල ඉගැන්වීම් සංක්ෂිප්තව ඇතුළත් කර ඇත.
හිනැහෙන වෙස්මුහුණුප්රවීණ ලේඛක හා මාධ්‍යවේදි දයා ඩී. ෆොන්සේකා පරිවර්තනය කළ නවතම කෘතිය 'හිනැහෙන වෙස්මුහුණු' දයාවංශ ජයකොඩි සහ සමාගමයේ ප්‍රකාශයක් ලෙසින් නිකුත් වී ඇත. අමෙරිකානු ජාතික ලේඛිකා ඩයෝමා විනිස්ටන් ලේඛිකාව විසින් රචිත Mansion of Smiling Marks කෘතිය 'හිනැහෙන වෙස්මුහුණු' නමින් සිංහලයට පරිවර්තනය වී ඇති අතර රහස් පරීක්ෂක ආදර කතාවක් එහි ඇතුළත් වේ. යතේජා
|