නඩු ගැන එපා
නඩු ගැන එපා
චිත්‍ර බාලසූරිය කියලා කියන්නේ කවුද කියලා අමුතුවෙන් හඳුන්වා දෙන්න අවශ්‍ය නැහැනෙ.
මෙරට බිහි වූ විශිෂ්ටතම සිනමාපටයක් වන පරසතුමල් හා තුංමං හන්දිය හි නිෂ්පාදකවරයා
වන්නේ ඔහු. ඔය සිනමාපටය ගැන පුංචි නඩුහබයක් තිබෙනවා. දිනෙක චිත්‍ර ඇවිත් කිව්වා
පරසතු මල් ගැන තිබෙන ඒ නඩුව කොයි පත්තරේ දැම්මත් සරසවියේ දාන්න එපා කියලා. එයට
හේතුව වශයෙන් ඔහු කියන්නේ එකල පරසතුමල් සිනමාපටය හරහා තමන්ව ගොඩනැඟුවේ සරසවියෙන්
කියන කාරණය. එහෙයින් පරමතුමල් ගැන නඩුහබය සරසවියේ පළ කරන්න එපා කියලා ඔහු ඉල්ලීමක්
කළා.
|