වර්ෂ 2016 ක්වූ  ජූනි 29 වැනිදා බ්‍රහස්පතින්දා




බලදේවගේ අම්මා

බලදේවගේ අම්මා

මේ සේයාරුවේ සිටින්නේ හරි අපූරු යුවළක්. නම් කියන්නට ඕනැ නැහැනෙ. කාලයක් තිස්සේ අප කලා ලෝකයේ පෙළහර පෑ ඔවුන් මෙලෙස එකට හිඳ සේයාරූ ගත්තේ අයිරාංගණී සේරසිංහගේ අනූව වැනි ජන්ම දිනය දවසේ. මේ දෙදෙනා එක්තරා ටෙලි නාට්‍යයක කළ චරිත යුවළ කෙදිනකවත් අපට නම් අමතක නොවේවි. යශෝරාවය තමයි ඒ ටෙලි සිතුවම. ලකී බලදේව. අයිරාංගනී සුදු හාමිනේ. අම්මයි පුතයි. දිනෙක අයිරාංගනී නුවර ප්‍රදේශයේ සංචාරයක නියැළෙමින් සිටියදී කෙනෙකු ළඟට ඇවිත් ඇගෙන් ඇසුවලු මේ බලදේවගේ අම්මා නේද කියලා. එතරම්ම ඒ චරිත ජනතාව අතර නිධන්ගත වෙලා තියෙනවා. මේ සේයාරුව ලකීට සදාකාලික මතකයක් වේවි.