|
ජුනි 30 සිට රස ගුවනට
ලාංකේය ගුවන්විදුලි ශ්‍රාවකයන්ට නව රස සමඟ ගුවනට මුසුවන රස FM නාලිකාව ජුනි 30දා සිට තම විකාශය අරඹයි. නවීන ජාත්‍යන්තර ප්‍රමිතිගත තාක්ෂණය මුසුකොට ගනිමින් ප්රවීණයන්ගේ එකමුතුවෙන් නිර්මාණය වූ රස sky media network ආයතනයේ නවතම සාමාජිකයා වේ.නිරංග හෙට්ටිආරච්චි මහතාගේ සභාපතීත්වයෙන් සවිබල ගැන්වුණු sky media network ප්‍රධාන විධායක නිළධාරියා ලෙස චමින්ද වික්‍රමසිංහ ද වෙළඳ සහ මෙහෙයුම් අධ්යක්ෂ ලෙස අසංක අලහකෝන් ද කටයුතු කරනු ලැබේ. වසර දහයකට වැඩි අත්දැකීම් සහිත නිවේදක නිවේදිකාවන් කණ්ඩායමක් රස සමඟ එක්වීම මෙම නාලිකාවේ සුවිශේෂත්වයකි. ලංකාවේ ගුවන්විදුලි ක්ෂේත්රයේ නමක් තැබූ චතුරංග තේනුවර රස එෆ්,එම් හි වැඩසටහන් කළමනාකරු ලෙස කටයුතු කරන අතර රේඩියෝ රසික ප්‍රජාවේ ආදරණීය නමක් රැන්දූ නුවන් ප්‍රේමතිලක (akaash), ගයනි අබේවර්ධන, දිනිති ලියනගේ, රුවනි හේවගේ සහ නිමංක කරුණාරත්න (nick) රස හැඩකරන පිරිවරයි. එෆ්.එම් 99.5 සහ 99.7 තරංගමාලා ඔස්සේ රස FM ජුනි 30 දා සිට ගුවනට මුසුවේ.රස පවුලේ නවතම සාමාජිකයා වන rasa gossip වෙබ් අඩවිය එළි දැක්වීමද පසුගියදා ගලධාරී හෝටලයේදී සිදුවිය.මේ එම අවස්ථාවේ ඡායාරූප කිහිපයකි.
මිණිගංදෑල ඇරඹේ
චරිත් අබේසිංහගේ අධ්‍යක්ෂණයෙන් හැඩවන නවතම ටෙලිනාට්‍ය “මිණිගංදෑල” (සංසාරණ්‍යයේ) රූගත කිරීම් පසුගිය දා ආරම්භ විය. වෙනස් ම කතා තේමාවක් සහ සංකල්පයකට අනුව නිර්මාණය වන “මිණිගංදෑල” කැලණි ගඟ අසබඩ යුග තුනක මිනිසුන්ගේ කතා පුවත ගෙනහැර දක්වයි. ප්‍රියාල් චාමින්ද වීරසිංහගේ තිර රචනයක් වන “මිණිගංදෑල” සඳහා සතිස්චන්ද්‍ර එදිරිසිංහ, බුද්ධදාස විතානාරච්චි, ඩබ්ලිව්. ජයසිරි, හේමසිරි ලියනගේ, මොරින් චාරුණී, උද්දික ප්‍රේමරත්න, සාරංග දිසාසේකර, චරිත් අබේසිංහ, දිනක්ෂි ප්‍රියසාද්, මේනකා පීරිස්, තිසුරි යුවනිකා, හිමාලි සයුරංගි, ඇතුළු රංගන ශිල්පීන් 80කට අධික පිරිසක් රංගනයෙන් දායක වීමට නියමිත ය. ප්‍රවීණ කැමරා අධ්යක්ෂ චන්දන ජයසිංහගේ කැමරාකරණයෙන් හැඩවන “මිණිගංදෑල” නලීන් ප්‍රේමතිලකගේ අංගරචනයෙන් වර්ණවත් වේ. සම්මානනීය කලා අධ්යක්ෂ ධම්මික හේවාදුවත්ත විසින් කලා අධ්‍යක්ෂණය කරනු ලබන මිණිගංදෑලේ සංගීත අධ්‍යක්ෂණය නුවන් තේනුවර විසිනි. “මිණිගංදෑල” තරංග අතුරලියගේ නිෂ්පාදන කාර්යයකි. ඡායාරූප - ඉන්දික මල්ලවාරච්චි
මිහිලියගේ ලැසි ගමන හෙට සුදර්ශියේදී
සිංහල සංස්කෘතික ආයතනය මඟින් සංවිධානය කරන 'මිහිලියගේ ලැසි ගමන' සමතුලිත කය සහ මනස සම්භාවනා පිලිසඳර - 10 හෙට (ජූනි 30) පස්වරු 4.30ට සුදර්ශි නුගසෙවනේදී පැවැත් වේ. 'මිහිලියගේ ලැසි ගමන' මාතෘකාව පාදක කරගනිමින් දේශනය පවත්වන්නේ නන්ද සිරිවර්ධන විසිනි. මෙහි රසය තවත් ඉහළ නැංවීම වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ඒ ශ්‍රේණියේ ගායක ගායිකාවන්ගේ ශාස්ත්‍රීය සංගීත සැඳෑවක්ද පැවැත්වීමට කටයුතු යොදා ඇත. |